ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 94 පාඩම 220 පි.-221 පි. 1 ¶
  • ගෝලයන්ට දෙවියන්ගේ බලය ලැබෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගෝලයන්ට දෙවියන්ගේ බලය ලැබෙයි
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යෙරුසලමේ නැවතී සිටීම
    මගේ බයිබල් කතන්දර පොත
  • පෙන්තකොස්ත දවසට කලින් හුඟදෙනෙක් යේසුස්ව දකියි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • බව්තීස්ම වීමේ අර්ථය ඔබ වටහාගෙන තිබෙනවාද?
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගේ බලය එදා මෙන් අදත් ක්‍රියාත්මක වෙයි
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 94 පාඩම 220 පි.-221 පි. 1 ¶
යේසුස්ගේ ගෝලයන් විවිධ භාෂාවලින් කතා කරනවා ඇහුණාම යෙරුසලමේ ඉන්න මිනිස්සු පුදුම වෙයි

94වෙනි පාඩම

ගෝලයන්ට දෙවියන්ගේ බලය ලැබෙයි

යේසුස් ස්වර්ගයට ගිහින් දවස් දහයකට පස්සේ, ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී ගෝලයන්ට දෙවියන්ගේ බලය ලැබුණා. එදා පාස්කු උත්සවයට හුඟක් තැන්වලින් සෙනඟ යෙරුසලමට ඇවිල්ලයි හිටියේ. එහේ උඩ තට්ටුවක තිබුණු කාමරයක ගෝලයෝ 120දෙනෙක් විතර එකතු වෙලා හිටියා. එකපාරටම තද හුළඟක් හමනවා වගේ ලොකු සද්දයක් ඇහුණා. ඒත් එක්කම හැම ගෝලයෙක්ගෙම ඔළුවට උඩින් ගිනිදැල්ලක් වගේ දෙයක් පේන්න තිබුණා. ඊටපස්සේ එයාලට වෙන භාෂාවලින් කතා කරන්න පුළුවන් වුණා.

තද හුළඟක් හමන සද්දේ වෙන රටවලින් ආපු අයටත් ඇහුණා. එයාලා ඉක්මනටම ගෝලයෝ හිටපු ගෙදරට ගියා. ගෝලයෝ වෙන භාෂාවලින් කතා කරනවා ඇහිලා එයාලා මෙහෙම කිව්වා. ‘මේ ගලීලයේ අය නේද, එයාලා කොහොමද අපේ භාෂාවලින් කතා කරන්නේ?’

ඊටපස්සේ පේතෘස් නියෝජිතයන් එක්ක සෙනඟ ඉස්සරහට ගියා. යේසුස්ව මැරුවේ කොහොමද කියලත් යෙහෝවා ඔහුව නැවත නැඟිටෙව්වා කියලත් කිව්වාට පස්සේ පේතෘස් මෙහෙම කිව්වා. ‘දැන් යේසුස් ඉන්නේ ස්වර්ගයේ දෙවියන්ගේ දකුණු පැත්තේ. ඔහු පොරොන්දු වුණා වගේම දෙවියන්ගේ බලය අපිට ලබා දුන්නා. ඒ නිසයි මේ පුදුමාකාර දේවල් සිද්ධ වෙන්නේ.’

ඒක එයාලාගේ හිතට තදින්ම දැනුණා. ඒ නිසා එයාලා ඇහුවා “අපි දැන් මොකක්ද කරන්න ඕනෙ” කියලා. පේතෘස් මෙහෙම කිව්වා. ‘වැරදි ගැන පසුතැවිලා යේසුස්ව පිළි අරන් බව්තීස්ම වෙන්න. එතකොට ඔයාලටත් දෙවියන්ගේ බලය ලැබෙයි.’ එදා 3,000ක් විතර බව්තීස්ම වුණා. එදා ඉඳන් යෙරුසලමේ ගෝලයන්ගේ ගාණ එන්න එන්නම වැඩි වුණා. දෙවියන් උදව් කරපු නිසා නියෝජිතයන් හුඟක් සභාවන් පිහිටුවලා යේසුස් එයාලට කරන්න කිව්ව හැම දෙයක් ගැනම අලුත් ගෝලයන්ට කියලා දුන්නා.

“ඔයාලා යේසුස් තමයි ස්වාමීන් කියලා ප්‍රසිද්ධියේ කියනවා නම්, දෙවියන් ඔහුව මරණයෙන් නැඟිට්ටෙව්වා කියලා හදවතින් විශ්වාස කරනවා නම් ඔයාලට ගැලවීම ලැබෙයි.”—රෝම 10:9

ප්‍රශ්න: ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී වුණේ මොනවාද? හුඟක් අය බව්තීස්ම වුණේ ඇයි?

ක්‍රියා 1:15; 2:1-42; 4:4; යොහන් 15:26

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න