ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 2/15 3-4 පි.
  • සාහසිකකම සෑමතැනකමය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාහසිකකම සෑමතැනකමය
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නිවස තුළ සාහසිකකම
  • රැකියා ස්ථානය තුළ සාහසිකකම
  • ක්‍රීඩාව සහ විනෝදාස්වාදය තුළ සාහසිකකම
  • පාසැල තුළ සාහසිකකම
  • සාහසික සංස්කෘතියක්
  • ප්‍රචණ්ඩත්වය ගැන දෙවිට හැඟෙන්නේ කෙසේද?
    2002 පිබිදෙව්!
  • ප්‍රචණ්ඩත්වය නැති කාලයක් එයිද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සැහැසියාව
    2015 පිබිදෙව්!
  • සැහැසියාවට ලොල් සමාජයක්
    2012 පිබිදෙව්!
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 2/15 3-4 පි.

සාහසිකකම සෑමතැනකමය

මාර්ග සංඥා එළිය මාරු වන තෙක් තම මෝටර් රථය තුළ සිටි රියැදුරා, උස මහත මිනිසෙකු අසභ්‍ය වදනින් මහ හඬින් කෑගසමින්, මිට මෙළවූ සිය අත සොලවමින් තමා වෙතට පැමිණෙන අයුරු හදිසියෙන්ම වාගේ දුටුවේය. තම රථයේ දොරවල් අගුල් ලා ජනෙල් වැසීමට රියැදුරා යුහුසුලු වුවත්, එම මිනිසා නොනැවතී පැමිණියේය. මිනිසා පහතට නැමී, මෝටර් රථය සොලවා එහි දොර විවෘත කිරීමට තැත් කළේය. පසුව, බලාපොරොත්තු සුන්වීම නිසා, ඔහු තම විශාල මිට මෙළවූ අත ඔසවා මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවට ගසා එය කුඩුපට්ටම් කළේය.

මෙය ත්‍රාසජනක චිත්‍රපටයක දර්ශනයක්ද? නැත! එය වනාහි, ශාන්ත, නිස්කලංක වාතාවරණයකට ප්‍රසිද්ධ වූ හවායිහි ඔආහු දූපතේ, මාර්ගයේදී සිදු වූ ආරවුලක් විය.

එය පුදුමයට කාරණයක් නොවේ. දොරගුලු ජනෙල් පොලු, ගොඩනැඟිලි ආරක්ෂක කාරක මණ්ඩල සහ බස් රථවල දක්නට ලැබෙන “රියැදුරා මුදල් රැගෙන නොයයි” වැනි සංඥා සියල්ලක්ම පාහේ එක දෙයකට යොමු දක්වයි: එනම් සාහසිකකම සෑමතැනකම බවය!

නිවස තුළ සාහසිකකම

නිවස වනාහි, පුද්ගලයෙකුගේ ආරක්ෂිත ක්ෂේම භූමියක් ලෙස බොහෝ කලක සිට සලකනු ලැබ තිබේ. කෙසේවුවත්, මෙම සැබෑ සංකල්පය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතී. ළමා අඩන්තේට්ටම්, කලත්‍රයන්ට පහරදීම් සහ මිනී මැරීම්, පවුල තුළ සාහසිකකමට ඇතුළත් වන අතර, මෙය ලොව පුරා ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වශයෙන් දැක්වේ.

නිදසුනක් වශයෙන්, “බ්‍රිතාන්‍යයේ අඩු තරමින් ළමුන් 7,50,000ක් පමණ සංඛ්‍යාවක් නිවසේදී සිදු වන සාහසිකකමට නිරාවරණය වීමේ හේතුවෙන් දීර්ඝ කාලීනව කම්පනයෙන් පීඩා විඳිය හැක,” කියා මැන්චෙස්ටර් ගාර්ඩියන් වීක්ලි පුවත්පත පවසයි. “ප්‍රශ්න කරනු ලැබූ ස්ත්‍රීන් හතරදෙනෙකුගෙන් තුන්දෙනෙකු ප්‍රකාශ කළ ආකාරයට තම දරුවන් සාහසික සිද්ධීන් දුටු බවත්, ළමුන් තුනෙන් දෙකක් තරම් සංඛ්‍යාවක් තම මව්වරුන් පහරදීම්වලට ලක් වූ අයුරු දුටු බවත්,” පවසන සමීක්ෂණයක් මත මෙම වාර්තාව පදනම්ව තිබිණ. සමානාකාරයෙන්, යූ.එස්.නියූස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් සඟරාවට අනුව, ළමා අතවර සහ නොසැලකිල්ල සම්බන්ධ එ.ජ. උපදේශක මණ්ඩලය මෙසේ තක්සේරු කරයි, එනම් “සෑම වසරකම දෙමාපියන්ගේ හෝ භාරකරුවන්ගේ අතින් දරුවෝ 2,000ක් මියයති, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් වයස අවුරුදු 4ට අඩු දරුවෝය.” මෙම සංඛ්‍යාව, මාර්ග අනතුරු, දියේ ගිලීම් හෝ වැටීම්වලින් සිදු වන මරණ සංඛ්‍යාව ඉක්මවන බව වාර්තාව පවසයි.

නිවසේදී සිදු වන සාහසිකකමට කලත්‍රයන්ගේ අඩන්තේට්ටම්ද ඇතුළත් වේ, තල්ලු කරනු ලැබීමේ සිට කම්මුලට පහර ගැසීම, පයින් ගැසීම, හුස්ම හිර කිරීම, පහර ලැබීම, පිහියකින් හෝ තුවක්කුවකින් තර්ජනය කරනු ලැබීම හෝ මරණයට පත් කිරීම පවා මෙයට ඇතුළත් වේ. තවද අදදින මෙයාකාර සාහසිකකම් දෙපක්ෂය අතරම සිදු වේ. යුවතිපතීන් අතර වාර්තා කරනු ලැබූ සාහසිකකම්වලින් හතරෙන් කොටසක් පමණ පුරුෂයා විසින්ද, තවත් හතරෙන් කොටසක් ස්ත්‍රිය විසින්ද ආරම්භ කරනු ලබන අතර, ඉතිරි ඒවාට දෙපක්ෂයටම දොස් පැවරිය යුතු දබර ලෙස විස්තර කළ හැකි බව එක් අධ්‍යයනයක් මගින් සොයාගනු ලැබීය.

රැකියා ස්ථානය තුළ සාහසිකකම

සම්ප්‍රදායික ලෙසින් රැකියා ස්ථානය වනාහි, නිවසෙන් බැහැරව කෙනෙකු විනය, ගෞරවය සහ ශිෂ්ටත්වය සොයාගන්නාවූ ස්ථානයකි. එහෙත් එම තත්වය තවදුරටත් එසේ නොවන බව පෙනෙන්ට තිබේ. නිදසුනක් වශයෙන්, සෑම වසරකම මනුෂ්‍යයන් 9,70,000කට වඩා වැඩිදෙනෙකු රැකියා ස්ථානයේ සාහසික අපරාධවලට ගොදුරුවන්නන් වන බව, යුක්තිය පිළිබඳ එ.ජ. දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන පෙන්නුම් කරයි. වෙනත් ආකාරයකින් පවසනවා නම්, ප්‍රොෆෙෂනල් සේෆ්ටි—ජර්නල් ඔෆ් දි අමෙරිකන් සොසයටි ඔෆ් සේෆ්ටි එන්ජිනියර්ස් නම් සඟරාවේ වාර්තාවකට අනුව, “සේවකයන් රැකියා ස්ථානයේදී යම් ආකාරයක සාහසික ක්‍රියාවකට ගොදුරු වීමේ අවදානම හතරෙන් එකක් විය හැකිය.”

රැකියා ස්ථානයේ සාහසිකකම, කෝපාවිෂ්ට වාද විවාදවලට සහ අපහාස වචන පැවසීමට සීමා නොවී පැවතීම මහත් කලබලයට හේතුවක් වී ඇත. “වෙනත් සේවකයන් විසින් සේවකයන්ට සහ සේවායෝජකයන්ට විරුද්ධව නිශ්චිතාකාරයෙන්ම එල්ල කරනු ලබන සාහසිකකම, දැන් එ.ජ.හි ශීඝ්‍රයෙන් වර්ධනය වන මිනිමැරුම්වල ප්‍රභේදයක් බව,” එම වාර්තාවෙහිම පැවසේ. වර්ෂ 1992දී, රැකියා හා සම්බන්ධ මාරාන්තික සිදුවීම් 6න් 1ක් වූයේ මිනිමැරුමකි; ස්ත්‍රීන් සඳහා එම අගය ආසන්න වශයෙන් දෙදෙනෙකුගෙන් එක්කෙනෙකු විය. වරක් විනයගරුකව තිබූ රැකියා ස්ථානය තුළ, දැන් සාහසිකකමේ රැල්ලක් හාත්පසින්ම පැතිරෙන බවට කිසිදු සැකයක් නොමැත.

ක්‍රීඩාව සහ විනෝදාස්වාදය තුළ සාහසිකකම

ක්‍රීඩාව සහ විනෝදාස්වාදය ලුහුබැඳ තිබෙන්නේ, ජීවිතයේ වඩාත් බැරෑරුම් ක්‍රියාකාරකම් කිරීමට පුද්ගලයෙකුව ප්‍රබෝධවත් කිරීම සඳහා වෙනතකට යොමු කිරීමේ හෝ විවේකය ලබා දීමේ මාධ්‍යයක් වශයෙනි. අදදින විනෝදාස්වාදය ඩොලර් කෝටි ගණනක් උපයන කර්මාන්තයකි. මෙම ලාභ උපදවන වෙළඳපොළෙන් විශාල ලාභයක් ලබාගැනීම සඳහා, සැපයුම්කරු තම නිෂ්පාදන විකිණීම පිණිස භාවිත කිරීමට සිදු වන ඕනෑම ක්‍රමයක් උපයෝගි කිරීමට මැළි නොවෙති. සාහසිකකම මින් එක් ක්‍රමයකි.

නිදසුනක් වශයෙන්, ෆෝර්බ්ස් නම් ව්‍යාපාරික සඟරාවක වාර්තා කළ පරිදි, වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදකවරයෙකුහට ප්‍රසිද්ධ යුද්ධ ක්‍රීඩාවක් තිබේ, එහි රණශූරයෙකු ඔහුගේ සතුරාගේ හිස සහ කොඳු ඇටපෙළ කඩාබිඳ දමන අතර, නරඹන්නෝ “ඔහුව ඉවර කරන්න! ඉවර කරන්න!” කියා කෑගසති. කෙසේවෙතත්, තරඟකාරි සමාගමකට නිෂ්පාදනය කරනු ලැබූ එම ක්‍රීඩාවේම පිටපතේ, එම ලේ තැවරුණු දසුන නොමැත. මෙහි ප්‍රතිඵලය? සාහසිකකම වැඩි පිටපත 3ට 2ක අනුපාතයකින් ඒ හා සමඟ තරඟ කරන පිටපතට වඩා වැඩියෙන් විකිණෙයි. තවද මෙය විශාල මුදල් සම්භාරයක් අදහස් කරයි. මෙම ක්‍රීඩාවල නිවසේදී යොදාගන්නා පිටපත් වෙළඳපොළට පැමිණි විට, එහි සමාගම් පළමු සති දෙක තුළදී ජාත්‍යන්තර වශයෙන් ඩොලර් මිලියන 65ක ආදායමක් උපයා ගත්තෝය! ලාභයක් ලැබීම සම්බන්ධ වන විට, පාරිභෝගිකයන් නම්මවාගැනීම සඳහා සාහසිකකම තවත් උපාය මාර්ගයක් පමණි.

ක්‍රීඩාව තුළ සාහසිකකම සම්පූර්ණයෙන්ම වාගේ වෙනත් කාරණයකි. ක්‍රීඩකයෝ බොහෝවිට ඔවුන්ට සිදු කළ හැකි හානි සම්බන්ධයෙන් ආඩම්බර වෙති. නිදසුනක් වශයෙන්, 1990දී එක් හොකී ක්‍රීඩාවකදී දණ්ඩන 86ක් තිබිණ—පෙර නොවූ ඉහළ වාර්තාවක් විය. මෙම ක්‍රීඩාව, පැය තුනහමාරක හිතා මතා කරනු ලැබූ ප්‍රචණ්ඩකාරි ක්‍රියාවලින් බාධා කරනු ලැබිණ. මුහුණේ අස්ථියක් කැඩීම, ඇසේ සුදු ඉංගිරියාව සීරීම හා ගැඹුරු කැපුණු තුවාලයක් නිසා එක් ක්‍රීඩකයෙකුට ප්‍රතිකාර කරන ලදි. එවන් සාහසිකකමක් පවතින්නේ මන්ද? එක් ක්‍රීඩකයෙක් මෙසේ පැහැදිලි කළේය: “බොහෝ සටන් තිබූ, හැඟීම් උත්සන්න වූ තරඟයකින් ජය ලබා නිවෙස් බලා යන විට, ඔබේ සෙසු ක්‍රීඩකයන්ට තවත් සමීප බවක් ඔබට හැඟෙනවා. එම සටන් නිසා එය සැබවින්ම ආත්මික තරඟයක් වූ බව මට සිතුණා.” අදදින පවතින ක්‍රීඩාවන් බොහොමයක් තුළ, සාහසිකකම බලාපොරොත්තු වූ යමක් ඉටු කරගැනීමේ මාර්ගයක් ලෙස පමණක් නොව, නමුත් එහි අවසාන ප්‍රතිඵලයද වී තිබෙන බව පෙනෙන්ට තිබේ.

පාසැල තුළ සාහසිකකම

යෞවනයන්ට තමන්ව කනස්සල්ලට පත් කරවන අන් සියලු දේවල් පසෙක තබා තම මනස් හා ශරීර වර්ධනය කළ හැකි බලකොටුවක් ලෙස, කාලයක් පුරා පාසැල සලකා තිබේ. කෙසේවුවත්, අදදින පාසැල එවැනි ආරක්ෂිත ස්ථානයක් නොවේ. එක්සත් ජනපදයේ පොදු පාසැල්වල විශාලතම ගැටලුව, සාහසිකකම හා කල්ලි බව 1994දී කළ ගැලප් විමසුමකදී හෙළි විය, මීට කලින් වසරේදී ප්‍රධාන තැන ගත් මූල්‍ය වියදම්වලට වඩා මෙය උග්‍ර ප්‍රශ්නයක් විය. ඇත්තෙන්ම මෙම තත්වය කෙතරම් බරපතළද?

“පාසැලෙහි හෝ ඉන් අවට සිදු වූ සාහසික ක්‍රියාවකට ඔබ කවදා හෝ ගොදුරු වී ඇද්ද?” යන ප්‍රශ්නයට, සමීක්ෂණයකදී සෑම ශිෂ්‍යයන් හතරදෙනෙකුගෙන් එක්කෙනෙක් පමණ එසේය කියා උත්තර දුන්නේය. ගුරුවරු දහයෙන් එකකට වැඩි සංඛ්‍යාවක්ද එසේය කියා උත්තර දුන්හ. පිරිමි හා ගැහැනු ළමුන් දෙපිරිසම ඇතුළුව ශිෂ්‍යයන් සියයට 13ක් කිසියම් අවස්ථාවකදී, පාසැලට අවියක් රැගෙන ගිය බවට පිළිගත් බව එම සමීක්ෂණයේදී හෙළි විය. ඔවුන් එසේ කළේ, අනික් අයගේ සිත දිනාගැනීමට හෝ තමාවම ආරක්ෂා කරගැනීමට පමණක් බව ඔවුන්ගෙන් බොහෝදෙනෙක් කියා සිටියහ. එහෙත් ගුරුවරයා 17 හැවිරිදි ශිෂ්‍යයාගේ තුවක්කුව ගැනීමට තැත් කළ විට, ශිෂ්‍යයා ගුරුවරයාගේ පපුවට වෙඩි තැබුවේය.

සාහසික සංස්කෘතියක්

අදදින සාහසිකකම සෑමතැනකම තිබෙන බව කිසිදු ආකාරයකින් ප්‍රතික්ෂේප කළ නොහැක. නිවසේදී, රැකියා ස්ථානයේදී, පාසැලේදී සහ විනෝදාස්වාදයේදී, අපි සාහසික සංස්කෘතියකට මුහුණ දෙන්නෙමු. එයට සෑම දිනකම නිරාවරණය වීම හේතුවෙන්, තමුන් එයට ගොදුරු වන තෙක් බොහෝ අය එය සාමාන්‍ය දෙයක් ලෙස පිළිගනිති. එය කවදා හෝ අවසන් වේවිද කියා ඔවුහු අසති. ඊට පිළිතුර දැනගැනීමට ඔබ කැමති වන්නෙහිද? එසේනම් කරුණාකර ඊළඟ ලිපිය කියවන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න