ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 4/1 6-8 පි.
  • පවුල මිනිස් අවශ්‍යතාවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුල මිනිස් අවශ්‍යතාවක්!
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • නිවස ක්ෂේම භූමියයි
  • බේරී පැවතීමට ඔබේ පවුලට උපකාර කිරීම
  • මුදල් පිළිබඳ නිසි දෘෂ්ටිය
  • බයිබල් අධ්‍යාපනයේ වටිනාකම
  • පවුලේ සන්තෝෂයට රහසක් තිබේද?
    පවුලේ සන්තෝෂයට රහස
  • ක්‍රිස්තියානි පවුල දේවල් එක් ව කරයි
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පවුල් සන්තෝෂයට රහස සොයා ගැනීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • සදාකාල අනාගතයක් සඳහා පවුලක් වශයෙන් ගොඩනැංවීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
තව තොරතුරු
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 4/1 6-8 පි.

පවුල මිනිස් අවශ්‍යතාවක්!

මිනිස් සමාජය සශ්‍රීක වෙන්නේ පවුල් සශ්‍රීක නම් පමණයි කියා පවසා තිබෙනවා. පවුල් විධිවිධානය සෝදාපාළුවට ලක් වන විට, ප්‍රජාවන්ගේ සහ ජාතීන්ගේ ශක්තිය දුර්වල වන බව ඉතිහාසය පෙන්වනවා. සදාචාර කුණුවීම පුරාණ ග්‍රීසියේ පවුල් විනාශ කළ විට, එහි ශිෂ්ටාචාරය කැබලි වී ගිය අතර, රෝමවරුන්ගේ ආක්‍රමණය සඳහා විවර වුණා. පවුල් ශක්තිමත්ව තිබෙන තාක් කල් රෝම අධිරාජ්‍යය ශක්තිමත්ව පැවතුණා. නමුත් ශතවර්ෂ ගණන් පසු වෙද්දී, පවුල් ජීවිත දුර්වල වී, අධිරාජ්‍යයේ ශක්තිය හීන වී ගියා. හාව’ඩ් විශ්වවිද්‍යාලයේ හිටපු සභාපති චාල්ස් ඩබ්ලිව්. එලිඅට් අදහස් දක්වනවා: “පවුලේ සහ පවුල් ජීවිතයේ සුරක්ෂිතභාවය සහ උත්කෘෂ්ටභාවය ශිෂ්ටාචාරයේ මූලික අරමුණ වෙනවා මෙන්ම එය සියලුම ආයතනයන්හි අවසාන අභිප්‍රායයි.”

ඔව්, පවුල මිනිස් අවශ්‍යතාවක්. සමාජයේ ස්ථාවරත්වයට මෙන්ම දරුවන්ගේ සහ අනාගත පරම්පරාවන්ගේ ශුභසාධනය කෙරෙහි එයට ඍජු බලපෑමක් තිබෙනවා. තනි මව්වරුන් බොහෝදෙනෙක් යහපත් දරුවන් ඇති කරන්න ඉතා වෙහෙස වී වැඩ කරන බවට කිසිම සැකයක් නැති අතර, ඔවුන්ගේ දුෂ්කර වැඩයට ප්‍රශංසා කළ යුතුයි. කෙසේවෙතත්, දෙමාපියන් දෙදෙනාම සිටින පවුල්වල ජීවත් වන දරුවන් සාමාන්‍යයෙන් වඩා හොඳින් කටයුතු කරන බව අධ්‍යයන පෙන්වනවා.

තරුණ තරුණියන් 2,100කගෙන් කරන ලද ඕස්ට්‍රේලියානු අධ්‍යයනයක් මෙසේ සොයාගත්තා: “භේද වූ පවුල් සාමාන්‍යයෙන් වැඩි සෞඛ්‍ය ගැටලු අද්දකින අතර, චිත්තවේගීය ගැටලු පිළිබඳ ලකුණු පෙන්වීමේ වැඩි ධාරිතාවක් මෙන්ම හානි නොලද පවුල්වලට වඩා ලිංගික ක්‍රියාශීලීත්වයක් පෙන්වනවා.” එක්සත් ජනපද සෞඛ්‍ය සංඛ්‍යා ලේඛන පිළිබඳ ජාතික ආයතනය මගින් කළ අධ්‍යයනයකින් හෙළි වුණේ, බිඳුණු පවුල්වලින් පැමිණෙන ළමුන්ගෙන්, “සියයට 20-30 දක්වා හදිසි අනතුරු සිදුවීමේ වැඩි හැකියාවක්ද, සියයට 40-75 දක්වා පාසැලේ එකම ශ්‍රේණියක යළිත් ඉගෙනගැනීමට සිදුවීමේ හැකියාවක් සහ සියයට 70ක් පාසැලෙන් නෙරපා දැමීමට වැඩි හැකියාවක් තිබෙන” බවයි. ප්‍රමිති විශ්ලේෂකයෙක් මෙසේ වාර්තා කරනවා: “තනි-මාපිය නිවෙස්වලින් පැමිණෙන දරුවන්, පාරම්පරික පවුල්වල හැදෙන දරුවන්ට වඩා සාහසික ක්‍රියාවල යෙදීමට හැකියාවක් තිබෙනවා.”

නිවස ක්ෂේම භූමියයි

පවුල් විධිවිධානය සියල්ලන්ටම සන්තෝෂවත්, ගොඩනංවනසුලු සහ ප්‍රසන්න වාතාවරණයක් ලබා දෙනවා. ස්වීඩන අධිකාරයක් මෙසේ කියා සිටිනවා: “සන්තෝෂයේ ඉතා වැදගත්ම උල්පත සහ ශුභසාධනය වන්නේ, වෘත්තියවත්, දේවල්වත්, විනෝදාංශවත්, මිතුරන්වත් නොව පවුලයි.”

පොළොව මත තිබෙන සෑම පවුලකටම නම් තබා ඇත්තේ පවුලේ උදාර මැවුම්කරුවා වන යෙහෝවා දෙවි විසින් බව බයිබලය පෙන්වනවා; එසේ ඔහු පවුල් විධිවිධානය ස්ථාපිත කළා. (උත්පත්ති 1:27, 28; 2:23, 24; එපීස 3:14, 15) කෙසේවෙතත්, ක්‍රිස්තියානි සභාවෙන් පිටත මිනිස් සමාජයේ සහ සදාචාරයේ කඩාවැටීමේ ප්‍රතිඵලයක් හැටියට, පවුල් මත එල්ල වන විසකුරු ආක්‍රමණය සම්බන්ධයෙන් ප්‍රේරිත පාවුල් ශුද්ධ ලියවිල්ලෙහි පුරෝකථනය කළා. “අන්තිම දවස්” අපක්ෂපාතකමින්, ‘ජන්ම ස්නේහය නැත්තන්’ සහ දෙමාපියන්ට අකීකරුවන්නන්ගෙන් මෙන්ම “දේවභක්තියේ වේසය දරන” අයගෙන් සලකුණු වෙන්න යන බව ඔහු පැවසුවා. එවැනි අයගෙන් අහක් වෙන්න කියා ඔහු ක්‍රිස්තියානීන්ගෙන් උදක්ම ඉල්ලා සිටියා. දෙවිගේ සත්‍යතාවට විරුද්ධ වීමෙන් පවුල් බෙදෙන බව යේසුස් පුරෝකථනය කළා.—2 තිමෝති 3:1-5; මතෙව් 10:32-37.

කෙසේවෙතත්, දෙවි අපව උපකාරයෙන් තොරව තබා නැහැ. පවුල් සබඳතා සම්බන්ධයෙන් ඔහුගේ වචනය වැඩි ඉඩක් කැප කර තිබෙනවා. පවුල සාර්ථක එකක් කරගන්නේ කොහොමද, එමෙන්ම සෑම පවුල් සාමාජිකයෙක්ම අනිත් අය වෙනුවෙන් දේවල් ඉටු කිරීමට ඇති වගකීමක් තිබෙන ආනන්දජනක තැනක් බවට නිවස පත් කරන්නේ කොහොමද කියා එය අපට පවසනවා.a—එපීස 5:33; 6:1-4.

පවුල දරුණු තර්ජනයට මුහුණ දෙද්දී, එවන් ප්‍රීතිමත් සබඳතා අත් කරගන්න මේ දවස්වල පුළුවන්ද? ඔව්, ඇත්තවශයෙන්ම! මේ රළු, කතරක් බඳු ලෝකය තුළ පවුල ප්‍රීතිජනක, ප්‍රබෝධවත් ක්ෂේම භූමියක් බවට පත් කරගැනීම තෙක් සාර්ථක කරගන්න ඔබට පුළුවන්. නමුත් මෙයට පවුල් කවයේ සියලුදෙනාගෙන්ම යමක් ඕනෑ කරනවා. යෝජනා සමහරක් පහත දැක්වෙනවා.

බේරී පැවතීමට ඔබේ පවුලට උපකාර කිරීම

පවුලක් එක්සත්ව සිටීමට හැකි හොඳම මාර්ගයක් නම්, කාලය එකට ගත කිරීමයි. සියලුම සාමාජිකයන් කැමැත්තෙන්ම විවේක කාලයන් හවුලේ භුක්ති විඳිය යුතුයි. එයින් කැප කිරීම් අදහස් කිරීමට ඉඩ තිබෙනවා. උදාහරණයක් හැටියට, නහඹරයෙනි, ඔබ කැමති යම් රූපවාහිනි වැඩසටහනක්, ක්‍රීඩාවක් එහෙම නැත්නම් මිතුරන් සමඟ විනෝද ගමනක් කැප කිරීමට සිදු විය හැකියි. සාමාන්‍යයෙන් පවුලේ ජීවිකාව සපයන්නන් වන පියවරුනි, විවේක කාලය විනෝදාංශ සඳහා හෝ වෙනත් පෞද්ගලික ආශාවන් උදෙසා හෝ යොදවන්න එපා. සමහරවිට සති අන්ත හෝ නිවාඩු කාලයන් ගත කරන්නේ කොහොමද කියා, පවුලේ අය සමඟ ක්‍රියාකාරකම් සැලසුම් කරන්න. ඇත්තෙන්ම, සියලුදෙනාම ආශාවෙන් බලා සිටිනු ඇති හා භුක්ති විඳිනු ඇති යමක් සැලසුම් කරන්න.

ගුණයෙන් සපිරි කාලය කියන දෙයට වඩා යමක් දරුවන්ට අවශ්‍යයි, ඒ කියන්නේ විටින් විට දරුවන් සමඟ පැය භාගයක් පමණවත් ගත කරන්න. ඔවුන්ට අවශ්‍ය කරන්නේ ප්‍රමාණයයි. ස්වීඩන දිනපතා පුවත්පතක කලාවේදියෙක් මෙසේ ලියනවා: “වාර්තාකරුවෙක් හැටියට මගේ අවුරුදු 15 පුරා, බාල අපරාධකාරයන් මහත් සංඛ්‍යාවක් මට හමු වී තිබෙනවා. . . . පොදු සාධකයක් වන්නේ, ඔවුන් ගුණයෙන් සපිරි කාලයෙන් යුතුව හැදී වැඩීමකට නිරාවරණය වීමයි: ‘මගේ දෙමාපියන්ට වෙලාවක් තිබුණේ නැහැ.’ ‘ඒගොල්ලො කොයිවෙලාවකවත් මට ඇහුම්කන් දුන්නේ නැහැ.’ ‘ඔහු කොයිවෙලාවෙත් සංචාරය කරමිනුයි හිටියේ.’ . . . දෙමාපියෙක් හැටියට, ඔබේ දරුවාට කොපමණ කාලයක් දෙන්න යනවාද කියා සැමවිටකම ඔබට තෝරාගන්න පුළුවන්. ඔබේ තේරීම අවුරුදු 15කට පසුව විනිශ්චය කරනු ලබන්නේ, අනුකම්පා විරහිත 15 හැවිරිදි කෙනෙකු මගින්.”

මුදල් පිළිබඳ නිසි දෘෂ්ටිය

සියලුම සාමාජිකයන් මුදල් පිළිබඳ නිසි දෘෂ්ටියක් වර්ධනය කරගත යුතුයි. පවුලේ පොදු වියදම් ආවරණය කරන්න ඔවුන්ට කරන්න පුළුවන් දේ කිරීමට ඔවුන් එක්ව සූදානමින් ඉදිරිපත් විය යුතුයි. ජීවිකාව සඳහා රැකියාවක් කිරීමට බොහෝ ස්ත්‍රීන්ට සිදු වුණත්, භාර්යාවෙනි, මුහුණ දිය හැකි අනතුරු සහ පරීක්ෂාවන් සම්බන්ධයෙන් ඔබ සාවධානීව සිටිය යුතුයි. ඔබව “සම්පූර්ණ” කරගන්නත්, “ඔබේම දේ කරගන්නත්” මේ ලෝකය ඔබව පොලඹවනවා. මවක් සහ ගෘහණියක් වීමට දෙවිගෙන් ලද කාර්යභාරය අතෘප්තිකර වීමට සහ ඉන් ස්වාධීන වීමට එය ඔබට හේතු විය හැකියි.—තීතස් 2:4, 5.

මව්වරුනි, ඔබට නිවසේ රැඳී ඔබේ දරුවන්ට මඟපෙන්වන්නියක් සහ මිතුරියක් වෙන්න පුළුවන් නම්, එය නිසැකවම ශක්තිමත් බැම්මක් ගොඩනඟන්න දායක වන අතර, කටු ගොකටු මැදින් යන්න ඔබේ පවුලට උපකාර කරන්න යනවා. ප්‍රීතිමත්, සුරක්ෂිත සහ ක්‍රියාත්මක වන නිවසක් තැනීමට කැපීපෙනෙන ආකාරයකින් දායක වෙන්න ස්ත්‍රියකට පුළුවන්. “කඳවුරක් සාදන්න පුරුෂයන් සියදෙනෙක් අවශ්‍ය වූවත්, ගෙයක් සාදන්න එක ස්ත්‍රියකට හැකියි.” එසේ පැවසුවේ, 19වන සියවසේ එක් දේශපාලනඥයෙක්.

පවුලේ සියලුදෙනාම පවුලේ මුළු ආදායම අනුව ජීවත් වීම සඳහා සහයෝගය දැක්වුවොත්, එය පවුලේ බොහෝ ගැටලු අඩු කරන්න යනවා. යුවළයන් සරල ජීවිතයක් ගත කරන්නත්, ආත්මික කාරණා මුල් තැන තබන්නත් එකඟ විය යුතුයි. දරුවන් සෑහීමට පත්වීම ඉගෙනගත යුතු අතර, පවුලේ අය වැය මගින් ඉටු කළ නොහැකි දේවල් බල කර ඉල්ලා නොසිටිය යුතුයි. ඇස්වල තෘෂ්ණාව සම්බන්ධයෙන් පරෙස්සමින්! ඔබට වියදම් කරන්න බැරි තරමට මිල දී ගැනීමේ සහ ණයවීමේ පරීක්ෂාව, මුහුදුබත් වීමට බොහෝ පවුල්වලට මඟ පාදා තිබෙනවා. ප්‍රබෝධජනක විනෝද ගමනක්, නිවසට අවශ්‍ය ප්‍රයෝජනවත් සහ ප්‍රීතිය ගෙන දෙන උපකරණයක් හෝ ක්‍රිස්තියානි සභාවට සහයෝගය දැක්වීමට සම්මාදමක් වැනි කටයුතුවලදී හවුල් අරමුදලක් සඳහා සියලුදෙනාටම එක්වීමට පුළුවන් නම්, එය පවුලේ එක්සත්කම සඳහා ප්‍රයෝජනවත් විය හැකියි.

සන්තෝෂවත් පවුල් ස්ප්‍රීතුවකට තවත් ආකාරයකින් “දායක” වන දෙයක් නම්, නිවස, වත්ත, වාහනය යනාදිය පිරිසිදු කිරීමට සහ නඩත්තු කිරීමට පවුලේ සියලුම සාමාජිකයන් හවුලේ එකතු විය යුතුවීමයි. සෑම පවුල් සාමාජිකයෙකුටම, බාලයන්ට පවා වැඩක යම් කොටසක් පවරන්න පුළුවන්. දරුවෙනි, ඔබේ කාලය නාස්ති කරගන්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට, උපකාරශීලී සහ සහයෝගී ස්ප්‍රීතුවක් වර්ධනය කරන්න; මෙය පවුල් එක්සත්කම ගොඩනඟන අව්‍යාජ මිත්‍රත්වය සහ හිතවත්කම ප්‍රතිඵල කරවනවා.

බයිබල් අධ්‍යාපනයේ වටිනාකම

එක්සත් ක්‍රිස්තියානි පවුලක, ස්ථාවර බයිබල් පාඩමේ වැදගත්කමත් කාවද්දවා තිබෙනවා. දෛනික බයිබල් පද සහ සතිපතා පරිශුද්ධ ලියවිලි සාකච්ඡා එක්සත් පවුලක් සඳහා පදනමක් සපයනවා. මූලික බයිබල් සත්‍යතා සහ ප්‍රතිපත්ති, පවුලේ සියලුදෙනාගේම හදවත් අවුස්සන ආකාරයෙන් සාකච්ඡා කළ යුතුයි.

එවන් බයිබල් සැසිවාර අධ්‍යාත්මික විය යුතු අතර, ප්‍රීතිය ගෙන දෙන සහ දිරිගන්වනසුලු ඒවාද විය යුතුයි. ස්වීඩනයේ උතුරු ප්‍රදේශයේ සිටින පවුලක්, සතිය පුරා පැනනැඟුණු ප්‍රශ්න ලියාගැනීම පුරුද්දක් කරගත්තා. මේ ප්‍රශ්න සතියේ බයිබල් පාඩමේදී සාකච්ඡා කරනු ලැබුවා. මේ ප්‍රශ්න සැමවිටම ගැඹුරු මෙන්ම සිතුවිලි කලතන ඒවා වූ අතර, දරුවන්ගේ සිතීමේ හැකියාව සහ බයිබල් ඉගැන්වීම් පිළිබඳ අගය කිරීම පිළිබිඹු කරන බව ඔප්පු වුණා. මේ ඒ ප්‍රශ්න සමහරක්: “යෙහෝවා දේවල් සැරෙන් සැරේට මවනවාද, නැත්නම් එක සැරේ මැව්වද?” “ඇයි බයිබලේ කියන්නේ දෙවි මිනිසාව මැව්වේ ‘ඔහුගේ සමානත්වයට’ කියල, දෙවි මිනිසෙක් නොවෙද්දිත්?” “ශීත ඍතුවේදී කකුලට දාන්න දෙයක්වත් අඳින්න දෙයක්වත් නැතිව තියෙද්දී, ආදම්වයි ඒවවයි මිදුණේ නැද්ද?” “රෑට අන්ධකාරය තියෙන්න ඕනෑව තියෙද්දී, හඳ මොකටද?” මේ දරුවන් උස්මහත් වී දැන් පූර්ණ-කාලීන සේවකයන් ලෙස දෙවිට සේවය කරනවා.

දෙමව්පියෙනි, පවුල් ගැටලු හසුරුවද්දී, ඒකාන්ත මෙන්ම ප්‍රීතිමත් වීමට හැකි හැම වීර්යයක්ම දරන්න. වැදගත් ප්‍රතිපත්තිවලට අවධානය යොමු කරද්දී, සැලකිලිමත් සහ නම්‍යසුලු වන්න, නමුත් වෙනස් වනසුලු නොවන්න. දෙවිට ඇති ඒ ප්‍රේමය මෙන්ම ඔබේ තීරණ සැමවිටම ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති මත පාලනය වන බව දකින්න දරුවන්ට ඉඩහරින්න. පාසැල් වාතාවරණය බොහෝවිට ඉතාමත්ම පීඩාකාරි සහ කනස්සලු කරවන අතර, එවන් බලපෑම් සමඟ සමබරව කටයුතු කිරීමට දරුවන්ට නිවසෙන් වැඩි දිරිගැන්වීම අවශ්‍ය කරයි.

දෙමාපියෙනි, සම්පූර්ණ අය ලෙස මවාපාන්න එපා. අවශ්‍ය වූ විට වරද පිළිගෙන, සමාව අයැද සිටින්න. යෞවනයෙනි, අම්මත් තාත්තත් වරදක් පිළිගත්තාම, ඔවුන් සඳහා ප්‍රේමයෙන් වැඩිවර්ධනය වෙන්න.—දේශනාකාරයා 7:16.

ඔව්, එක්සත් පවුලක්, සාමකාමී, සුරක්ෂිත සහ සන්තෝෂවත් නිවහනක් ලබා දෙනවා. ජර්මානු කිවි ගෝඅත් වරක් මෙසේ පැවසුවා: “ඔහු රජු හෝ වේවා කම්කරුවා වේවා, තමාගේ නිවසේදී සන්තෝෂය සොයාගන්නා සන්තෝෂවත්ම තැනැත්තායි.” අගය කරන දෙමාපියන් සහ දරුවන් සඳහා, නිවස මෙන් තවත් තැනක් නැහැ.

අප ජීවත් වන ලෝකයේ පීඩන මගින් පවුල දරුණු ලෙස තර්ජනයට ලක්ව තිබෙන බව ඇත්තයි. නමුත් පවුල දෙවිගෙන් වූ නිසා එය බේරී පවතින්න යනවා. ප්‍රීතිමත් පවුල් ජීවිතය සඳහා දෙවිගේ ධර්මිෂ්ඨ මාර්ගදර්ශක ඔබ අනුගමනය කිරීමෙන් ඔබත්, ඔබේ පවුලත් බේරී පවතින්න යනවා.

[පාදසටහන]

a මේ විෂය සම්බන්ධ වැඩිමනත් තොරතුරු සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත පිටු-192කින් යුත් පවුලේ සන්තෝෂයට රහස පොත බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න