ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 11/1 30-31 පි.
  • ශක්තිමත් විශ්වාසයක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ශක්තිමත් විශ්වාසයක්!
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නොසැලුණු දානියෙල්
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් වරදට හසු නොවෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාරාදීසය අහිමි වෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 11/1 30-31 පි.

යොවුන් ඔබට

ශක්තිමත් විශ්වාසයක්!

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අතීතයේ සිදු වූ සැබෑ සිද්ධීන් බයිබලයෙන් කියවන විට ඔබත් එහි සිටියා කියා සිතන්න.

ප්‍රධාන චරිත: ෂද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ සහ නෙබුකද්නෙෂර්

සාරාංශය: හෙබ්‍රෙව් තරුණයන් තිදෙනාට දෙවි කෙරෙහි තිබූ විශ්වාසය අභියෝගයට ලක් වේ.

1 සිතින් මවාගන්න.—දානියෙල් 3:1-30 දක්වා කියවන්න.

දානියෙල් 3:3 සිට 7 දක්වා කියවන විට ඔබේ මනසට නැඟුණේ මොන වගේ ශබ්දද?

․․․․․

ඇවිළෙන ගිනි උදුන මොන වගේ එකක් වෙන්න ඇද්ද?

․․․․․

ගිනි උදුන සාමාන්‍ය උෂ්ණත්වයට වඩා හත් ගුණයකින් රත් කරන්න කියා නෙබුකද්නෙෂර් රජු පැවසූ අවස්ථාවේදී ඔහු තුළ තිබූ හැඟීම් ඔබ විස්තර කරන්නේ කොහොමද? (දානියෙල් 3:19, 20 කියවන්න.)

․․․․․

හෙබ්‍රෙව් තරුණයන් තිදෙනාට අමතරව සිටි අනික් පුද්ගලයාගේ පෙනුම ඔබ විස්තර කරන්නේ කොහොමද? (දානියෙල් 3:24, 25 කියවන්න.)

․․․․․

ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ නෙබුකද්නෙෂර් රජුට කතා කළ අවස්ථාවේදී ඔවුන් තුළ ඔබ දුටු ගුණාංග මොනවාද? (දානියෙල් 3:16-18 කියවන්න.)

․․․․․

2 තවත් ගැඹුරට සිතන්න.

අමතර පර්යේෂණයක් කරමින් රියනක් කීමෙන් අදහස් කරන්නේ කොතරම් ප්‍රමාණයක්ද කියා සොයන්න. ඉන්පසුව නෙබුකද්නෙෂර් සෑදූ රූපය කොතරම් විශාලද කියා සොයා බලන්න. (දානියෙල් 3:1 කියවන්න.)

․․․․․

දානියෙල් 3:19, 20 සහ දානියෙල් 3:28, 29 සසඳා බලන විට නෙබුකද්නෙෂර් රජු මොන වගේ පුද්ගලයෙක් කියාද ඔබ සිතන්නේ?

․․․․․

3 පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත්තේ කුමක්ද කියා ලියන්න.

අධිකාරියක් තිබෙන අයට ගෞරව කිරීම.

․․․․․

ඔබේ විශ්වාසයන්ට එකඟව ක්‍රියා කිරීමේ ඇති වැදගත්කම.

․․․․․

පීඩා දරාගැනීමට දෙවි උපකාර කරන අයුරු.

․․․․․

මේ ගැනත් සිතන්න.

දෙවි කෙරෙහි ඇති ඔබේ විශ්වාසය අභියෝගයට ලක් විය හැක්කේ කුමන තත්වයන්වලදීද?

․․․․․

ෂද්‍රක්, මේෂක් සහ අබෙද්නෙගෝ තැබූ ආදර්ශය දිගටම දෙවිට විශ්වාසවන්තව සිටීම සඳහා ඔබට උපකාරවත් වන්නේ කෙසේද?

․․․․․

4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

ඔබ ළඟ බයිබලයක් නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබලයක් ලබාගන්න. එසේත් නැත්නම් www.watchtower.org වෙබ් අඩවියට පිවිසෙන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න