ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 6/15 32 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • බයිබලයට අමුතු බලයක් තියෙනවාද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ගේ ජීවිතය අරුත්බර වීමට හේතු
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවිගෙන් කවදාවත් ඈත් වෙන්න එපා!
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 6/15 32 පි.

ඔබට මතකද?

ළඟදී පළ වුණ මුරටැඹ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

බයිබලයට අමුතු බලයක් තියෙනවද?

සමහරු හිතනවා බයිබලය පෙරළුවාම මුලින්ම දකින ඡේදයේ තියෙන්නේ ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුර කියලා. ඒත් ඒ වගේ අමුතු බලයක් බයිබලයට නැහැ. නිවැරදි දැනුම සහ දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න නම් බයිබලය අධ්‍යයනය කරන්න ඕනෙ.—12/15, 3වන පිටුව.

නැති වෙලා යන “ලෝකය” මොකක්ද?

“ලෝකය” කියන එකෙන් අදහස් කරන්නේ දුෂ්ට මිනිසුන්වයි. (1 යොහ. 2:17) ඔවුන් විනාශ වුණාට පස්සේ පොළොවේ ඉතුරු වෙන්නේ දෙවි කැමති විදිහට ජීවත් වෙන අය විතරයි.—1/1, 5-7 පිටු.

ආබෙල් මිය ගියත් ඔහු තවමත් අපිට කතා කරන්නේ කොහොමද? (හෙබ්‍රෙ. 11:4)

ආබෙල්ට තිබුණා වගේ විශ්වාසයක් ඇති කරගන්න අපිත් උත්සාහ කරනවා නම් ආබෙල්ගේ විශ්වාසය අපටත් කතා කරනවා කියලා කියන්න පුළුවන්.—1/1, 12වන පිටුව.

දෙවිගෙන් අපිව ඈත් කරන්න පුළුවන් දේවල් මොනවද?

රැකියාව, විනෝදාංශ, සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ පවුලේ කෙනෙක් එක්ක ආශ්‍රය කිරීම, පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපකරණ, සෞඛ්‍යය ගැන ඕනෑවට වඩා සිතීම, මුදල්, ආඩම්බර වීම.—1/15, 12-21 පිටු.

මෝසෙස්ගේ නිහතමානීකමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

මෝසෙස් තනතුරු, බලතල ගැන ලොකුවට හිතන්නේ නැතුව, නිතරම දෙවිගේ උපකාරය ඉල්ලුවා. අපිට තියෙන අමතර වගකීම්, හැකියාවන් හින්දා කවදාවත් ආඩම්බර වෙන්න හොඳ නැහැ. නිතරම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න ඕනෙ. (හිතෝ. 3:5, 6)—2/1, 5වන පිටුව.

නැවත නැඟිටින අය ජීවත් වෙන්නේ කොහේද?

ස්වර්ගයේ 1,44,000දෙනෙකුත් මිලියන ගාණක් මේ පොළොවෙත් සදහටම ජීවත් වෙනවා.—3/1, 6වන පිටුව.

ඊශ්‍රායෙලිතයන් “සිත් චර්මච්ඡේදනය කර නොගත්” සෙනඟක් කියලා හැඳින්නුවේ ඇයි? (යෙරෙ. 9:26)

මුරණ්ඩු සෙනඟක් වුණ ඔවුන්ට තිබුණ වැරදි චේතනාවන්, සිතුවිලි වගේ දේවල් ඔවුන්ගේ සිත්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කරගත්තේ නැති නිසයි. (යෙරෙ. 5:23, 24)—3/15, 9-10 පිටු.

යේසුස්ගේ ජීවිතය අරුත්බර වීමට හේතුව මොකක්ද?

යේසුස්ගේ ජීවිතේට අරමුණක් තිබුණා. ඒ තමයි දෙවිගේ කැමැත්ත කිරීම. ඔහු, දෙවිටත් මිනිසුන්ටත් ආදරේ කළා. පියාණන් තමාට ආදරේ කරනවා කියලත් තමා ගැන සතුටු වෙනවා කියලත් ඔහු දැනගෙන සිටියා. අරුත්බර ජීවිතයකට ඒ දේවල් අත්‍යවශ්‍යයි.—4/1, 4-5 පිටු.

දෙවිගේ සංවිධානයේ පොළොවේ තියෙන කොටසට ඇතුළත් වෙන්නේ මොනවද?

පාලක මණ්ඩලය, ශාඛා කමිටු, සංචාරක සේවකයන්, වැඩිමහල් මණ්ඩල, සභාවන්, එක් එක් ප්‍රචාරකයන්.—4/15, 29වන පිටුව.

දෙවි මිනිසුන්ට දඬුවම් කළත් ඔහු කුරිරු කෙනෙක් නෙවෙයි කියලා කියන්නේ කොහොමද?

දුෂ්ටයෙක් වුණත් මැරෙනවට දෙවි කැමති නැහැ. (එස. 33:11) අතීතයේදී දෙවි, දුෂ්ටයන්ට දඬුවම් කරන්න කලින් ඒ ගැන ඔවුන්ට අනතුරු ඇඟෙව්වා. ඒ නිසා ඉදිරියේදී දෙවි ගෙනෙන විනාශයෙන් බේරෙන්න පුළුවන් කියන බලාපොරොත්තුව ඒකෙන් අපිට ඇති වෙනවා.—5/1, 5-6 පිටු.

ඊශ්‍රායෙල්වරුන් අපරාධකරුවන්ව මරණයට පත් කළේ කණුවක එල්ලලාද?

නැහැ. වෙනත් ජාතීන් එහෙම කළත් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලි ලියපු කාලයේ හිටපු ඊශ්‍රායෙල්වරුන් දුෂ්ට ක්‍රියා කරපු අයව මැරුවේ ගල් ගහලයි. (ලෙවී. 20:2, 27) ඊටපස්සේ සමහරවිට ඒ මළ සිරුර කණුවක හරි ගසක හරි එල්ලුවා. ඒක දකින හැමෝටම ඒක අනතුරු ඇඟවීමක් වුණා.—5/15, 13වන පිටුව.

ලෝකෙට සාමය උදා කරන්න මිනිසුන්ට බැරි ඇයි?

මිනිසුන් සාමය ඇති කරන්න උත්සාහ කළත් ඒක කරන්න ඔවුන්ට හැකියාවක් නැහැ. (යෙරෙ. 10:23) මේ මුළු ලෝකයම සාතන්ගේ බලපෑම යටතේ තියෙන නිසාත් මිනිසුන් අසාර්ථක වෙනවා. (1 යොහ. 5:19)—6/1, 16වන පිටුව.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න