ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 12/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිතේ වැදගත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්නේ කොහෙන්ද?
    අපේ ප්රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?
  • පවුලේ හැමෝටම වටිනා තවත් මඟ පෙන්වීම්
    2018 පිබිදෙව්!
  • දුක් කරදර කවදා හරි නැති වෙයිද?
    දුක් කරදර කවදා හරි නැති වෙයිද?
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 12/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

දෙවියන්ට ආදරය කරන්න දරුවන්ට උගන්වන්න පුළුවන් කොහොමද?

දෙවියන්ගේ නිර්මාණ පෙන්නලා දරුවාට උගන්වන පියෙක්

දෙවියන්ගේ නිර්මාණවලින් ඔහු ගැන දැනගන්නත් ඔහුට ආදරය කරන්නත් දරුවන්ට උගන්වන්න

දරුවන් දෙවියන්ට ආදරය කරන්නේ ඔහු ඉන්නවා කියලත් ඔහු දරුවන්ට ආදරෙයි කියලත් තහවුරු වුණොත් විතරයි. ඔවුන් දෙවියන්ට ආදරය කරන්න නම් ඔහු ගැන දැනගන්න ඕනේ. (1 යොහන් 4:8) දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි, මිනිසුන්ට දුක්විඳින්න ඉඩහැරලා තියෙන්නේ ඇයි, අනාගතයේදී ඔහු මිනිසුන් වෙනුවෙන් කරන්නේ මොනවාද කියන ඒ ප්‍රශ්නවලට දරුවන් උත්තර දැනගන්න ඕනේ.—ෆිලිප්පි 1:9 කියවන්න.

දෙවියන්ට ආදරය කරන්න දරුවන්ට උගන්වන්න නම් ඔබ දෙවියන්ට ආදරය කරනවා කියලා දරුවෝ දකින්න ඕනේ. ඔවුන් ඔබව ආදර්ශයට ගන්නේ එතකොටයි.—ද්විතීය කතාව 6:5-7; හිතෝපදේශ 22:6 කියවන්න.

දරුවන්ගේ හදවතට කතා කරන්න පුළුවන් කොහොමද?

දෙවියන්ගේ වචන බලවත්. (හෙබ්‍රෙව් 4:12) ඒ නිසා බයිබලයේ තියෙන මූලික ඉගැන්වීම් දරුවන්ට කියලා දෙන්න. යේසුස් මිනිසුන්ගේ හදවතට කතා කළේ ප්‍රශ්න අහලා, සවන් දීලා, බයිබල් පද පැහැදිලි කරලා දීලයි. ඔබටත් පුළුවන් යේසුස්ව ආදර්ශයට අරන් ඒ විදිහට දරුවන්ට උගන්වන්න.—ලූක් 24:15-19, 27, 32 කියවන්න.

දෙවියන් මිනිසුන් එක්ක කටයුතු කරපු විදිහ ගැන වාර්තා බයිබලයේ තියෙනවා. දෙවියන්ව හොඳට දැනගෙන ඔහුට ආදරය කරන්න දරුවන්ට උගන්වන්න ඒවා යොදාගන්න පුළුවන්. ඒ සඳහා උදව් වෙන ප්‍රකාශන www.pr418.com/si වෙබ් අඩවියේ තියෙනවා.—2 තිමෝති 3:16 කියවන්න.

වැඩි විස්තර දැනගන්න බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ 14වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියේ තියෙනවා. මෙය නොමිලේ ලබාගන්න කැමති නම් 2වෙනි පිටුවේ සඳහන් යෝග්‍ය ලිපිනයකට ලියන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න