ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 9/00 3 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2000 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • තොරතුරු බරිත කරුණු පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • බයිබලය භාවිත කිරීමට දිරිගැන්වීම
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • ඔබේ සබය දැනුවත් කරවන තොරතුරු
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සභා සම්බන්ධය සහ සටහන් භාවිතය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
තව තොරතුරු
2000 අපගේ රාජ්‍ය සේවාව
km 9/00 3 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ කථිකයෙක් බයිබල් පද පෙරළා බලන්න කියා සබයට ආරාධනා කරන විට, සබයේ සිටින අය එම පද පෙරළා බැලීම ප්‍රයෝජනවත් දෙයක් වන්නේ මන්ද?

කථිකයෙක් සබයට පෙරළා බැලීමට ආරාධනා කරන බයිබල් පද ගණන තීරණය වන්නේ, සාකච්ඡා කරනු ලබන විෂය හා දේවවචනයේ කොටසක් පදයෙන් පදය සලකා බැලීම කතාවට ඇතුළත් වෙනවාද නැද්ද වැනි කරුණු මතයි.

බයිබල් පද පෙරළා බැලීමට එක් හේතුවක් වන්නේ කතාවේ තොරතුරු බයිබලය මත පදනම් වී තිබෙන බව තහවුරු කරගැනීමට බව මතක තබාගැනීම වැදගත්. (ක්‍රියා 17:11) බයිබලය පෙරළා බැලීමේ තවත් පරමාර්ථයක් වන්නේ සාකච්ඡා කරනු ලබන දේවලට අනුබලය සපයන ශුද්ධ ලියවිලිවල සඳහන් සාක්ෂි පරීක්ෂා කර බැලීමයි. මෙසේ කිරීම සියලුදෙනාගේම ඇදහිල්ල ශක්තිමත් කිරීමට හේතු වෙනවා. මූලික කරුණකට අදාළ පාඨයක් කියවන විට, සබයේ සිටින අය එය තමන්ගේම බයිබලයෙන් පෙරළා බලනවා නම්, එම කරුණ සිතට හොඳින් කාවදියි. බයිබල් පද පෙරළා බලනවාට අමතරව, සටහන් ගැනීමෙන් හා ඉදිරිපත් කරනු ලබන අදහස්වලට දිගටම අවධානය යොමු කිරීමෙන් ප්‍රයෝජන අත් කරගත හැකියි.

සමිතිය විසින් සපයා තිබෙන දළ සටහනෙහි, යම් විෂයක් මත කරුණු ගොඩනැඟීමේදී ඒ සඳහා බයිබල් පද රාශියක් සඳහන් කර තිබිය හැකියි. මෙම බයිබල් පද වැඩි හරියක්ම සපයා තිබෙන්නේ කථිකයාට සූදානම් වීමේදී ඒවා ප්‍රයෝජනවත් වන නිසයි. එමෙන්ම මූලික කරුණුවල පසුබිම තේරුම්ගැනීමට ඒවා උපකාරවත් විය හැකියි. එමෙන්ම ප්‍රධාන ශුද්ධ ලියවිලි ප්‍රතිපත්ති හොඳින් වටහාගැනීමටත් විෂය ගොඩනඟා තිබෙන ආකාරය තේරුම්ගැනීමටත් සඳහන් කර තිබෙන බයිබල් පද කථිකයාට උපකාරවත් වෙනවා. තමා ඉදිරිපත් කරන කතාවේ කරුණු ගොඩනැඟීමේදී වැදගත් වන බයිබල් පද මොනවාද කියා කථිකයා තීරණය කර, එම පද කියවා පැහැදිලි කරද්දී තමන්ගේ බයිබල්වලින් පෙරළා බැලීමට ඔහු සබයට ආරාධනා කරයි. සලකා බලනු ලබන තොරතුරු තහවුරු කිරීමට ඉවහල් වන සෙසු බයිබල් පද සඳහන් කර, ඒවායේ මූලික අදහස ඉදිරිපත් කළ හැකියි. මෙවැනි අවස්ථාවලදී සබයේ සිටින අය එම පද පෙරළා බැලීම අවශ්‍යම නැහැ.

කථිකයා තෝරාගත් බයිබල් පද කියවන විට ඔහු එය කෙළින්ම බයිබලයෙන් කියවිය යුතුයි. පරිගණක ඇසුරෙන් සකස් කළ මුද්‍රිත සටහන්වලින් බයිබල් පද කියවීම නොකළ යුතුයි. බයිබල් පදය පෙරළා බැලීමට කථිකයා සබයට ආරාධනා කරන විට ඔහු අදාළ පොතේ නම, පරිච්ඡේදය හා වගන්ති(ය) පැහැදිලිව සඳහන් කළ යුතුයි. ඉන්පසු, ප්‍රශ්නයක් ඇසීමෙන් හා බයිබල් පදය කියවීමට හේතුව ගැන කෙටියෙන් අදහස් දැක්වීමෙන් විරාමයක් ලබා දීම මගින් අදාළ බයිබල් පදය පෙරළීමට ඔහු සබයට කාලය ලබා දෙයි. බයිබල් පදය නැවත සඳහන් කිරීම, එය මතක තබාගැනීමට සබයට උපකාරයක් වෙයි. සබයේ සිටින අය විවිධ බයිබල් පිටපත් භාවිත කළ හැකි නිසා පිටු අංකය වෙනස් වන අතර, එය සඳහන් කිරීම අවශ්‍යම නැහැ. පෙරළා බැලීමට ආරාධනා කරන බයිබල් පද බලනවා නම්, කතාව තුළදී දේවවචනය පැහැදිලි කරන විට එය සතු බලයෙන් සබයට ප්‍රයෝජන ගත හැකියි.—හෙබ්‍රෙ. 4:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න