යෙහෝවාගේ නාමය හා ක්‍රියා ප්‍රකාශ කරන්න
1 ‘යෙහෝවාට ස්තුති කරන්න. ඔහුගේ නාමය කියා යාච්ඤා කරන්න. මනුෂ්‍යයන් අතරේ ඔහුගේ ක්‍රියා ප්‍රකාශ කරන්න. යෙහෝවාව සොයන්නන්ගේ සිත ප්‍රීතිමත් වේවා.’ (ගීතා. 105:1, 3) මෙම වදන් ලියූ ගීතිකාකරු යෙහෝවා ගැනත් ඔහුගේ “ක්‍රියා” ගැනත් අනිත් අයට පැවසීමෙන් මහත් ප්‍රීතියක් අද්දැක්කා. ඔහුගේ ක්‍රියා මොනවාද? දෙවිගේ තේජාන්විත රාජ්‍යය හා “ඔහු දෙන ගැළවීමේ ශුභාරංචිය, [NW]” හා සම්බන්ධ ක්‍රියා එම ක්‍රියාවලට අයත් වෙනවා.—ගීතා. 96:2, 3; 145:11, 12.
2 මේ වසරේදී යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වන කාලය ළඟ නිසා යෙහෝවා අප සම්බන්ධයෙන් කර තිබෙන ක්‍රියා ගැන සතුටු වීමට අපට හේතු බොහොමයක් තිබෙනවා. මොනවද ඒ හේතු? සියලුම සැබෑ ක්‍රිස්තියානීන් වසරේ වැදගත්ම සැමරීම හැටියට සලකන්නේ ස්වාමීන්ගේ රාත්‍රී භෝජනය බවට කිසිම සැකයක් නැහැ. එහි වැදගත්කම ගැනද, අරමුණ ගැනද, පවත්වන ආකාරය ගැනද සලකා බලන විට ඒ හා සමාන වෙනත් කිසිම අවස්ථාවක් නැහැ. අපට ගැළවීම ලබා දීම සඳහා යෙහෝවා සහ යේසුස් කර තිබෙන දේවල් ගැන සෑම කෙනෙකුටම සිහිපත් කරවන්න අපිට තිබෙන හොඳම කාලය වන්නේ සිහි කිරීම පවත්වන කාලයයි. එනිසා මෙම කාලය තුළ ‘ගැළවීමේ ශුභාරංචිය’ මිනිසුන්ට ප්‍රකාශ කිරීමේදී ක්ෂේත්‍ර සේවා ක්‍රියාකාරකම්වල වැඩිමනත් දායකත්වයක් අප අපේක්ෂා කරන්නේ හොඳ හේතු ඇතුවයි.
3 ඔබට උපකාරික පුරෝගාමී සේවය කළ හැකිද? පසුගිය අප්‍රියෙල් මාසයේදී 637දෙනෙකුගෙන් යුත් වාර්තාගත සංඛ්‍යාවක් උපකාරික පුරෝගාමී සේවයේ හවුල් වුණා. මේ අවුරුද්දේද මාර්තු හා අප්‍රියෙල් මාසවල අපට වැඩියෙන් සේවයේ හවුල් විය හැකිද? මාර්තු මාසයේ සෙනසුරාදා දවස් පහක්ද අප්‍රියෙල් මාසයේ ඉරිදා දවස් පහක්ද තිබෙනවා. සති අන්තය සේවය සඳහා සම්පූර්ණයෙන්ම වෙන් කිරීමෙන් තමන්ටද උපකාරික පුරෝගාමී සේවයේ හවුල් වෙන්න පුළුවන් බව රැකියා කරන ප්‍රචාරකයන් බොහෝදෙනෙකුට පෙනී ගොස් තිබෙනවා. මාසයක් තුළදී පැය 50ක අවශ්‍යතාව සපුරාලීමට උපකාරික පුරෝගාමියෙකු සේවය සඳහා සතියකට යෙදවිය යුත්තේ පැය 12ක පමණ කාලයක්. හතරවන පිටුවේ තිබෙන යෝජිත කාලසටහන් පරෙස්සමින් සලකා බලන්න. ඔබේ තත්වයන්ට මෙයින් එකක් ගැළපෙනවද? නැත්නම්, ඔබේ තත්වයන්ට ගැළපෙන ආකාරයෙන් පෞද්ගලිකව කාලසටහනක් පිළියෙළ කරගෙන මාර්තු හා අප්‍රියෙල් මාසවල ඔබට උපකාරික පුරෝගාමී සේවය කරන්න පුළුවන්ද?
4 මේ මාසවල දේවසේවයේ වැඩි වැඩියෙන් හවුල් වීම සඳහා දැන් සිටම සභාව තුළ ජ්වලිතයක් ඇති කරවීමේ අරමුණින් අවශ්‍ය සැලසුම් සකස් කිරීමට වැඩිමහල්ලන් පටන්ගත යුතුයි. පසුගිය අවුරුද්දේ එක් සභාවක වැඩිමහල්ලන් හා උපස්ථායක සේවකයන් සියලුදෙනාම අප්‍රියෙල් මාසයේදී උපකාරික පුරෝගාමී සේවයේ හවුල් වුණා. ඒ මාසයේදී එම සභාවේ ප්‍රචාරකයන් 121දෙනාගෙන් 64දෙනෙකු උපකාරික පුරෝගාමීන් හැටියට සේවය කළා. එම සභාව සමඟ ඇසුරු කරන හයදෙනෙක් බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් හැටියට මාර්තු හා අප්‍රියෙල් මාසවල සිට සේවයේ හවුල් වෙන්න පටන්ගත්තා. ළමුන්ට හා පාඩම් කරන අයට දේශනා සේවය පටන්ගන්න හොඳම කාලය මේ කාලයයි. මේ සඳහා තමන්ට සුදුසුකම් තිබෙනවාද කියා වැඩිමහල්ලන්ගෙන් අසන්න ඔවුන්ට පුළුවන්.
5 අමතර වෑයම්වලට ආශීර්වාද ලැබෙයි: විශේෂ ඉලක්ක තබාගනිමින් ඒවා අත් කරගැනීමට අමතර වෑයමක් දරන සභා බොහෝ ආශීර්වාද අද්දකිනවා. ඉඳහිට සේවය කරන ප්‍රදේශ ආවරණය කිරීමට සහ සාක්ෂි දැරීමේ විවිධ මාර්ගවල හවුල් වීමට විශේෂ අවධානයක් දීම සඳහා සමහර සභාවන් කටයුතු පිළියෙළ කළ හැකියි. අප යන විට නිවෙස්වල නැති අයට හා නිවෙස්වල සිටියත් හමු විය නොහැකි අයට සාක්ෂි දැරීම සඳහා විවිධ ක්‍රම යොදාගැනීමෙන් හොඳ ප්‍රතිඵල අත් කරගත හැකියි.
6 දුර්වල සෞඛ්‍යය හා මහලු විය සේවයේ වැඩියෙන් හවුල් වීමට බාධාවක්ද? බොහෝ අවස්ථාවලදී මෙය බාධාවක් වී නැහැ. උදාහරණයක් හැටියට, පිළිකාවකින් පෙළෙන 86 හැවිරිදි සහෝදරියක් ඇගේ කකුල් ඉදිමී තිබුණත් අප්‍රියෙල් මාසයේදී උපකාරික පුරෝගාමී සේවය කළා. දුරකථනයෙන් සාක්ෂි දැරීම මගින් ඇය සේවයේ වැඩියෙන් හවුල් වුණා. මේ නිසා යෙහෝවාට වැඩියෙන් ප්‍රශංසා කරන්න ඇයට හැකි වුණා. මෙය ඇයට මෙන්ම ඇය සේවය කරන සභාවේ අයටද මහත් දිරිගැන්වීමක් වුණා.
7 සිහි කිරීම සඳහා හොඳින් සූදානම් වන්න: මේ අවුරුද්දේ සිහි කිරීම යෙදී තිබෙන්නේ අප්‍රියෙල් 8වනදාටයි. මෙය ඉරිදා දවසක් නිසා හුඟදෙනෙක් සිහි කිරීමට පැමිණෙන්න පුළුවන්. පෞද්ගලිකව අපි සිහි කිරීමට පැමිණීමෙන්ද තවත් අයට ආරාධනා කිරීමෙන්ද අපි එක් එක්කෙනා අපේ කොටස කරනවා නම්, මෙවර පවත්වනු ලබන සිහි කිරීමට පැමිණෙන සංඛ්‍යාව මෙතෙක් වාර්තාගත වී ඇති ඉහළම සංඛ්‍යාව බවට පත් කරගත හැකියි. අපි ආරාධනා කළ යුත්තේ කාටද?
8 විධිමත් ලෙස ඔවුන්ව නැවත හමුවීමට ගියේ නැති වුණත්, පසුගිය කාලයේ උනන්දුවක් දැක්වූ අය කවුද කියා දැනගැනීම සඳහා ඔබේ පෞද්ගලික ක්ෂේත්‍ර සේවා වාර්තා පත් නැවත පරීක්ෂා කර බලන්න. සිහි කිරීම පැවැත්වීමට සති දෙක තුනකට කලින් සිට මොවුන්ට ඒ සඳහා ආරාධනා කිරීම ගැන සිතා බලන්න. ඔබට හැකි නම්, සිහි කිරීම සඳහා පැමිණීමට කැමති අයට ප්‍රවාහන පහසුකම් සපයා දෙන්න.
9 සමහර සභාවන් සිහි කිරීමේ මුද්‍රිත ආරාධනා පත් සියල්ලම බෙදාහරින්නේ නැහැ. ආරාධනා පත් සියල්ලම බෙදාහැරීම සඳහා කල් වේලා ඇතුව ඒවා සහෝදරයන් අතට පත් කිරීමට සභා ලේකම් කටයුතු පිළියෙළ කළ යුතුයි. සිහි කිරීම පවත්වන වේලාව හා ස්ථානය ආරාධනා පත්‍රයේ පහළ කෙළවරේ ටයිප් කළ යුතුයි. නැත්නම් පැහැදිලිව ලිවිය යුතුයි. සිහි කිරීම පවත්වන්නේ රාජ්‍ය ශාලාවේ නම්, එහි ලිපිනය සඳහන් වන අත් පත්‍රිකාවක් ආරාධනා පත්‍රය සමඟ දිය හැකියි. හැකි සෑම අවස්ථාවකදීම සිහි කිරීමේ ආරාධනා පත් දිය යුත්තේ ආරාධනාව ලබන තැනැත්තාගේ අතටම බව ඔබට මතක් කරන්න කැමතියි.
10 අක්‍රියාශීලී අය ගැනත් සැලකිල්ල දක්වන්න: බයිබලය පාඩම් කරන කෙනෙක් යෙහෝවාට කැප වී, එය වතුර බව්තීස්මය මගින් සංකේතවත් කරන විට, එය ප්‍රීතියට හේතුවක්. ඒ වුණත්, අප සමඟ ඇසුරු කිරීම මෙන්ම යෙහෝවාගේ නාමය හා ක්‍රියා ගැන අනිත් අයට ප්‍රකාශ කිරීම නතර කර දමන අය සෑම අවුරුද්දකම සිටිනවා. මේ අය කෙරෙහි සැලකිල්ල දැක්වීමට අපට හොඳ හේතු තිබෙනවා. අක්‍රියාශීලී අයගෙන් බොහෝදෙනෙක් තවමත් සත්‍යය අත්හැර දමා නැහැ. ඔවුන් දේශනා සේවයේ හවුල් වීම නතර කර දමා තිබෙන්නේ අධෛර්ය වීම්, පෞද්ගලික ගැටලු හා කනස්සල්ලට පත් කරවනසුලු වෙනත් හේතු නිසා විය හැකියි. (මතෙ. 13:20-22) සාතන්ගේ ක්‍රමය මගින් ඔවුන්ව ගිලගැනීමට කලින් ආපසු සභාව සමඟ ඇසුරු කිරීමට ආත්මිකව දුර්වල වී සිටින අයට උපකාර කිරීම අවශ්‍යයි. (1 පේතෘ. 5:8) දේවසේවයේ හවුල් වීමට සුදුසුකම් තිබෙන අක්‍රියාශීලී අයට නැවතත් සේවයේ හවුල් වීම සඳහා උපකාර කිරීමට සිහි කිරීම පවත්වන කාලයේදී අපි විශේෂ වෑයමක් දැරිය යුතුයි.
11 පොත් පාඩම් මෙහෙයවන්නන්ට ඔවුන්ගේ කණ්ඩායමේ සිටින අක්‍රියාශීලී අය ගැන සැලකිලිමත් වීම සඳහා එවැනි අය ගැන සභා ලේකම් ඔහුට දැනුම් දිය යුතුයි. අක්‍රියාශීලී වී සිටින සෑම කෙනෙකු සඳහාම එඬේර බැහැදැකීමක් පිළියෙළ කිරීම සඳහා සේවා කමිටුව මූලිකත්වය ගෙන කටයුතු කළ යුතුයි. අක්‍රියාශීලී තැනැත්තා සමඟ බයිබල් පාඩමක් පැවැත්වීම යෝග්‍යයි කියා සේවා කමිටුවට පෙනී ගියහොත් ඔවුන් සමඟ පාඩම් කිරීමට සුදුසුම අය කවුද කියා සේවා කමිටුව තීරණය කළ යුතුයි. අක්‍රියාශීලී කෙනෙකු සමඟ දිගු කාලයක් පාඩම් කිරීම අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ වුණත් පාඩම පවත්වන කෙනාට පාඩම පවත්වන කාලය, ඊට අදාළ නැවත බැලීම් හා බයිබල් පාඩමද වාර්තා කරන්න පුළුවන්.
12 පසුගිය අප්‍රියෙල් මාසයේදී සහෝදරියක් ගෙයින් ගෙට සාක්ෂි දරමින් සිටි අවස්ථාවේදී පාර අසල සිටි තරුණයෙකුට සඟරා ඉදිරිපත් කළා. ඔහුගේ භාර්යාව කලින් සාක්ෂිකරුවෙක් වෙලා සිටියා කියා ඔහු පැවසුවා. රාජ්‍ය ශාලාව තිබෙන්නේ කොතැනද කියා ඔහු ඇසූ අතර, තම භාර්යාවත් තමාවත් හමුවීමට තම නිවසට එන්න කියා ඇයට ආරාධනා කළා. සහෝදරිය ඔවුන්ව නැවත හමුවීමට යෑමෙන් පසු මෙම යුවළ ඊළඟ දවසේ පැවැත්වූ රැස්වීමට පැමිණියා. ඒ වගේම බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා.
13 සේවයේ වැඩියෙන් හවුල් වීමට සූදානම් වන්න! යෙහෝවාගේ නාමය හා ක්‍රියා ගැන අපි ප්‍රකාශ කළ යුතුයි කියා පැවසූ ගීතිකාකරු තවදුරටත් මෙසේද පැවසුවා. ‘ඔහුට ගීතිකා කියන්න. ප්‍රශංසා ගී ගයන්න. ඔහුගේ සියලු ආශ්චර්යමත් ක්‍රියා ගැන කතා කරන්න. ඔහුගේ ශුද්ධ වූ නාමය ගැන පාරට්ටු කරන්න.’ (ගීතා. 105:2, 3) දේවසේවයේ වැඩියෙන් හවුල් වීමෙන් යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ නාමය ගැන හා “ආශ්චර්යමත් ක්‍රියා” ගැන මිනිසුන්ට දැනුම් දෙමු. මෙසේ කිරීමෙන් සිහි කිරීමේ උත්සවයට මෙතෙක් පැමිණි ඉහළම සංඛ්‍යාව වාර්තා කිරීමට අපටත් සහයෝගය දිය හැකියි.
[Box on page 4]
උපකාරික පුරෝගාමීන්ට සතියකට පැය 12ක් වෙන් කරගත හැකි විවිධ ක්‍රම
දවස පැය
සඳුදා 1 2 − −
අඟහරුවාදා 1 − 3 −
බදාදා 1 2 − 5
බ්‍රහස්පතින්දා 1 − 3 −
සිකුරාදා 1 2 − −
සෙනසුරාදා 5 4 3 5
ඉරිදා 2 2 3 2
මුළු පැය ගණන: 12 12 12 12
මෙම කාලසටහන්වලින් එකක් ඔබට ගැළපෙනවද? එසේ නැත්නම්, ඔබට ගැළපෙන කාලසටහනක් සාදාගන්න.