සරල ඉදිරිපත් කිරීම්වලින් හොඳ ප්‍රතිඵල
1 ළාබාල ප්‍රචාරකයන් රාජ්‍ය පණිවිඩය ගැන කතා කරන විට, හුඟදෙනෙක්ගේ අවධානය ඇදගන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. එයට හේතුව කුමක්ද? එක හේතුවක් නම් ඔවුන් සරලව දේවල් පැවසීමයි. බලපෑමෙන් යුක්තව සාක්ෂි දරන්න නම්, චතුර ලෙස කතා කිරීමේ හැකියාව තිබිය යුතුයි කියා සමහර ප්‍රචාරකයන්ට හැඟෙන්න පුළුවන්. නමුත් අද්දැකීම්වලින් පෙනී යන්නේ සරලව හා පැහැදිලිව ශුභාරංචිය ඉදිරිපත් කිරීමෙන් හොඳ ප්‍රතිඵල අත් කරගත හැකි බවයි.
2 යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන මිනිසුන් සමඟ කතා කළේ සරලවයි. එමෙන්ම ඔහු කාරණය කෙළින්ම ඉදිරිපත් කළා. තමන් කළ විදිහට ශුභාරංචිය දේශනා කරන්න ඔහු ගෝලයන්ව පුහුණු කළා.(මතෙ. 4:17; 10:5-7; ලූක් 10:1, 9) යේසුස් ඔහුට සවන් දුන් අයගේ අවධානය ලබාගනිමින් ඔවුන්ගේ හදවතට කතා කිරීම සඳහා යොදාගත්තේ සරල හැඳින්වීම්, ප්‍රශ්න හා නිදර්ශනයි. (යොහ. 4:7-14) ඔහුගේ ආදර්ශය අනුකරණය කරමින් සවන් දෙන අයට පහසුවෙන් තේරුම්ගැනීමට පුළුවන් වෙන විදිහට සාක්ෂි දැරීමෙන් අපට හොඳ ප්‍රතිඵල අත් කරගත හැකියි.
3 ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අපිට ලැබී තිබෙන පණිවිඩය වන්නේ ‘රාජ්‍යයේ ශුභාරංචියයි.’ (මතෙ. 24:14) රාජ්‍යය ඔබේ මූලික තේමාව කරගැනීමෙන් ශුභාරංචිය සරලව ඉදිරිපත් කරන්න ඔබට පුළුවන්. ඔබට සවන් දෙන අයගේ සැලකිල්ලට ලක් වී තිබෙන දේවල් ගැන කතා කරන්න. බොහෝ අවස්ථාවලදී කාන්තාවන් වැඩි උනන්දුවක් දක්වන්නේ දේශපාලනයට වඩා තමන්ගේ පවුලට බලපාන දේවල් ගැනයි. පියෙක් වැඩියෙන්ම උනන්දු වන්නේ තමාගේ රැකියාව හා පවුලේ ආරක්ෂාව ගැනයි. තරුණ තරුණියන් තමන්ගේ අනාගතය ගැන වැඩියෙන් උනන්දු වන අතර, මැදි වියේ අය තමන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව ගැන වැඩි උනන්දුවක් දක්වනවා. සාමාන්‍යයෙන් ජනයා වැඩි සැලකිල්ලක් දක්වන්නේ බොහෝ දුර රටවල හෝ ප්‍රදේශවල සිදු වන දේවලට වඩා තමන්ගේම රටේ හෝ ප්‍රදේශයේ සිදු වන දේවල් ගැනයි. වැඩි දෙනෙකුගේ සැලකිල්ලට ලක් වී තිබෙන දෙයක් ගැන කතා කිරීමෙන් පසු, දෙවිගේ රාජ්‍ය පාලනය යටතේ කීකරු මිනිසුන් භුක්ති විඳින්න යන ආශීර්වාදවලට අවධානය යොමු කරවන්න. සරල හා කාවදින සුලු වදන් කිහිපයක් සමඟ ශුද්ධ ලියවිලි පාඨයක්ද යොදාගැනීම, ඔබට සවන් දෙන තැනැත්තාගේ උනන්දුව පුබුදුවාලිය හැකි හොඳ ක්‍රමයක් විය හැකියි.
4 සාකච්ඡාවක් ආරම්භ කිරීම සඳහා ඔබට පුළුවන් මෙසේ පවසන්න.
◼ “සුව කරන්න බැරි ලෙඩ රෝගවලින් මිනිස්සු හුඟාක් වේදනා විඳිනවා. මම හිතනවා ඔයත් ඒක පිළිගනියි කියල. ළඟදීම මරණය ඇතුළුව ලෙඩ රෝග හැම එකක්ම නැති කරනවා කියල දෙවි පොරොන්දු වෙලා තියෙනවා. ඔයා මීට කලින් ඒ ගැන දැනගෙන හිටියද?” ප්‍රතිචාරයට ඉඩහැර, එළිදරව් 21:3, 4 කියවන්න.
5 සරලව හා පැහැදිලිව ශුභාරංචිය ඉදිරිපත් කිරීමෙන්, ඔබේ බලප්‍රදේශයේ සිටින වැඩි දෙනෙකුගේ මනස්වලට හා හදවත්වලට කාවදින ආකාරයෙන් කතා කිරීමටත්, යෙහෝවා ගැන හා සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව ගැන ඉගෙනගන්න ඔවුන්ට උපකාර කිරීමටත් ඔබට හැකියාව ලැබේවා!—යොහ. 17:3.