ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 2/06 1 පි.
  • හොඳින් සූදානම් වන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳින් සූදානම් වන්න
  • 2006 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • “සෑම යහපත් ක්‍රියාවක් සඳහාම සූදානම්ව සිටින්න”
    2008 අපගේ රාජ්‍ය සේවාව
  • සඟරාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන ආකාරය
    2006 අපගේ රාජ්‍ය සේවාව
  • ගෙවැසියා පවසන දේට අනුව කතා කරන්න
    2005 අපගේ රාජ්‍ය සේවාව
  • ඉදිරිපත් කිරීම් සඳහා දෙන යෝජනා යොදාගත හැකි අයුරු
    2005 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2006 අපගේ රාජ්‍ය සේවාව
km 2/06 1 පි.

හොඳින් සූදානම් වන්න

1 අනුන් කෙරෙහි උනන්දුව පෙන්වීමට නම්, හොඳින් සූදානම් වීම අත්‍යවශ්‍යයි. එසේ කිරීමෙන් අපි කතා කරන්නට බලා සිටින දේ ගැන හිත හිතා ඉන්නේ නැතුව ගෙවැසියා ගැන වැඩි උනන්දුවක් දක්වන්න අපට පුළුවන්. ඒ වගේම බයක් සැකක් නැතිව මුළු හිතෙන්ම කතා කරන්න පුළුවන්. නමුත් එයට අපි සූදානම් වෙන්නේ කොහොමද?

2 ගෙවැසියාට ගැළපෙන විදිහට කතා කරන්න: වර්ෂ 2006 ජනවාරි අපගේ රාජ්‍ය සේවාවේ දී ඇති යෝජනාවලින් ගැළපෙන එකක් තෝරාගෙන, ඔබේම වචනවලින් කියන්නේ කොහොමද කියා බලන්න. ගැළපෙන විදිහ බලන්න. ඔබේ පළාතේ යම් ආගමක හෝ ජාතියක පුද්ගලයන්ගේ සිත් ගන්නේ කොහොම කතා කළොත්ද? ගෙවැසියාටම හරියට අදාළ වෙන විදිහට කතා කිරීමට ඔබ උත්සාහ කරනවා නම්, ඉන් පෙනෙන්නේ ඔබ ඔහු ගැන සිතන බවයි.—1 කොරි. 9:22.

3 මේ විදිහට කතා කර ගෙන යද්දී, කියන දේ හිතට කා වදින විදිහට කියන්න උත්සාහ කරන්න. මුලින්ම කියන වචන ටික හරිම වැදගත්. ඔබ මුලින්ම කියන දේ ඔවුන්ගේ සිත් ඇදගනීවිද? ප්‍රශ්නයක් ඇහැව්වොත් ඔවුන් උත්තරයක් දෙයිද? එසේ නොවේ නම්, මුලින් කියන දේ තවත් සකස් කරගන්න.

4 මතකයේ රඳවා ගන්නා ක්‍රම: හුඟ දෙනෙකුට ගෙදරකට ගියාම, කියන්න හිතාගෙන ආ දේවල් මතක නැහැ. ඔබටත් එහෙම වෙනවාද? එහෙමනම්, සේවයේ යන්න කලින් ඔබ කතා කරන විදිහ තව කෙනෙක් එක්ක පෙරහුරු කරන්න. එතකොට, සරලව පිළිවෙළකට තර්කානුකූලව කතා කරන සැටි හොඳට මතක හිටීවි. ඒ විතරක් නොවෙයි, ගෙවැසියෙක් කියන හෝ අහන ඕනෑම දෙයකට හරියට උත්තර දෙන්නත් ඔබට හැකි වේවි.

5 කියන්නට යන දේ මතක තබාගත හැකි තවත් හොඳ ක්‍රමයක් තියෙනවා. පොඩි කාඩ් එකක හෝ කඩදාසි කොළයක කියන්න යන දේ ගැන කෙටි සටහන් ලියා ගන්න. ගෙදරකට යන්න ඉස්සරවෙලා ඒවා දිහා පොඩ්ඩක් බලන්න. මේ විදිහට ලෙහෙසියෙන් සැහැල්ලුවෙන් කතා කරන්න පුළුවන් බව සමහරුන්ගේ අදහසයි. හැම අතින්ම සූදානම් වෙන එක කොච්චර වැදගත්ද! එතකොට හැමෝම ගැන හොඳ සැලකිල්ලකින් උනන්දුවකින් ශුභාරංචිය ගැන කතා කරන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න