සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ දෙසැ. 15
“හැම අවුරුද්දකම මේ කාලයේ, හුඟදෙනෙක් යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කළත් නැතත් ඔහු ගැන හිතනවා. සමහර අය කියනවා ඔහු මිනිසෙක් හැටියට මේ පොළොවේ ජීවත් වුණේ නැහැ කියලා. ඔයා මොකක්ද මේ ගැන හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහැරීමෙන් පසු මතෙව් 16:15, 16 කියවන්න.] යේසුස් ගැන ඉගෙනගැනීම දැනුත් ඉදිරියේදීත් ඔයාගේ ජීවිතයට බලපෑමක් ඇති කරන්නේ කොහොමද කියලා ‘සැබෑ යේසුස්’ කියන මේ ලිපියෙන් ඔයාට දැනගන්න පුළුවන්. මම හිතනවා ඔයා මේක කියවන්න කැමති වෙයි කියලා.”
පිබිදෙව්! ජන. 8
“අපේ ජීවිතය රැකගන්න නම් ආරක්ෂා සහිත ආහාර කෑමට ගන්න අවශ්‍යයි. ඔයා ඒ අදහසට එකඟ වෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබල් කාලයේදී දෙවි ඔහුගේ සෙනඟට දුන් මේ පොරොන්දුව බලන්න. [ලෙවී කථාව 26:4, 5 කියවන්න.] අපේ ආහාර වේල ගැන අපි මොනතරම් කරදර වෙනවාද කියල මේ පිබිදෙව්! සඟරාවේ සඳහන් වෙනවා. දෙවි පොළොව පුරාම සුරක්ෂිතභාවයක් ඇති කරන්න යන කාලයක් ගැනත් මේ සඟරාවේ පෙන්වා දෙනවා.”
මුරටැඹ ජන. 1
“සමහර අය සැප පහසු ජීවිත ගත කරද්දී තවත් අය ජීවත් වෙන්න කරන්නේ විශාල සටනක්. ඔයා මේ ගැන කල්පනා කරල තියෙනවාද? මේ ගැන බයිබලය කියන දෙය බලන්න. [යෝබ් 34:19 කියවන්න.] දෙවි පන්ති භේදය නැති කරන්න යන ආකාරය ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ජන. 8
“2001 සැප්තැම්බර් 11වනදා අමෙරිකාවට එල්ල වුණ ප්‍රහාරය හුඟදෙනෙකුට අමතක නොවන විදියේ සිද්ධියක්. ජීවිතයේ මුල් තැන දිය යුතු දේවල් ගැන ඒ සිදුවීමෙන් ඉගෙනගෙන තියෙන්නේ මොකක්ද? ඒ ඛේදජනක සිද්ධීන්වලදී තමන් සතු දේවල් පරිත්‍යාග කිරීම, මිනිස් දයාව හා අනිත් අය ගැන සැලකිල්ල දැක්වීම වගේ යහපත් ගුණාංග හොඳින් දැකගන්න පුළුවන් වුණා. ඒ කොහොමද කියලා පිබිදෙව්! සඟරාවේ මේ ලිපිවල සඳහන් වෙනවා.”