නව විශේෂ එක්රැස්වීම් දින වැඩසටහන
1 ජන මාධ්‍යය හා ලෞකික අධ්‍යාපනඥයන් ද්‍රව්‍යමය වස්තු ගැන මහ ඉහළින් කතා කළත් දේවවචනය අපව දිරිගන්වන්නේ “යහපත් ක්‍රියාවලින් ධනවත් වන්න” කියාය. (1 තිමෝ. 6:18, NW) වර්ෂ 2002 සැප්තැම්බර් මාසයෙන් පටන්ගනු ලබන විශේෂ එක්රැස්වීම් දින වැඩසටහනේ තේමාව එයයි. මේ එක්රැස්වීමේදී අපට ලැබෙන දිරිගැන්වීම කුමක්ද?
2 “දෙවිගේ දෘෂ්ටියෙන් ධනවත් වන්න” යනුවෙන් අදහස් වන්නේ කුමක්ද කියා චාරිකා අවේක්ෂක විසින් සාකච්ඡා කරනු ඇත. මෙහිදී ඔහු ආත්මික ධනය එක්රැස් කිරීමට තම ශක්තිය යෙදවූ කිහිපදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවනු ඇත. ආගන්තුක කථිකයා ඔහුගේ පළමුවන කතාවේදී පෙන්වා දෙන්නේ “අස්වැන්න නෙළන මේ කාලයේ කෙරෙන යහපත් ක්‍රියා” දෙවිගේ සෙනඟ විසින් සිදු කරනු ලබන ආකාරය ගැනයි. දෙවි නියෝගයට අනුව අදදින සිදු කෙරෙමින් පවතින අස්වැන්න නෙළීමේ කාර්යයේ අපට වඩාත් පූර්ණ ලෙස හවුල් විය හැකි ආකාරය ගැන සලකා බැලීමට මෙම වැඩසටහනේදී අප සෑම කෙනෙකුවම දිරිමත් කරනු ලබනවා ඇත.
3 ක්‍රිස්තියානි යෞවනයන් ආත්මික වස්තුව අත් කරගැනීමට වෑයම් කරනවා දකින විට අපට දැනෙන ප්‍රීතිය මොනතරම්ද! එයින් යෙහෝවාව මහිමයට පත් වන අතර, මෙය අනාගතික සේවා වරප්‍රසාද සඳහා කදිම අත්තිවාරමක් දමාගැනීමටද ඔවුන්ට මහත් සේ උපකාරවත් වෙයි. “යෙහෝවාට ප්‍රශංසා කරමින් ඔවුන් කරන යහපත් ක්‍රියාවලට යෞවනයන්ට ප්‍රශංසා කිරීම” නමැති කතාවේදී චාරිකාවේ සිටින ක්‍රිස්තියානි යෞවනයන් කරමින් සිටින යහපත් ක්‍රියා කැපීපෙනෙන්න සලස්වනු ඇත.
4 යහපත් ක්‍රියාවල නියැලීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? ආගන්තුක කථිකයා ඔහුගේ අවසාන කතාවේදී මේ ගැන සාකච්ඡා කරනු ඇත. එම කතාවේ තේමාව වන්නේ “අපේ යහපත් ක්‍රියා සඳහා යෙහෝවාගේ ආශීර්වාද නෙළාගැනීම” යන්නයි. අප මහඟු ආශීර්වාද නෙළාගනු ලබන මතු දැක්වෙන පැති හතර ඔහු සලකා බැලීමට නියමිතයි. (1) පුද්ගලයන් වශයෙන්, (2) පවුල් වශයෙන්, (3) සභාවක් වශයෙන් හා (4) ලෝක ව්‍යාප්ත සංවිධානයක් වශයෙන්.
5 යෙහෝවාට තමන්ගේ ජීවිත කැප කර තිබෙන අයට බව්තීස්ම වීමේ අවස්ථාව මෙම එක්රැස්වීමේදී ලැබෙනු ඇත. එම පියවර ගැනීමට ඔබ සූදානම් නම් ඔබේ සභාවේ මුලසුන භාර අවේක්ෂකට ඒ බව හැකි ඉක්මනින් දන්වන්න.
6 ඔබේ ප්‍රදේශයේ මෙම එක්රැස්වීම පවත්වනු ලබන දිනය නිවේදනය කරනු ලැබූ විගස එයට යෑමට සැලසුම් යොදන්න. ආරම්භක ගීතිකාවට හා යාච්ඤාවට හවුල් වීම සඳහා කල්වේලා ඇතුව පැමිණීමට වෑයම් කරන්න. විශේෂ එක්රැස්වීම් දිනයේ සම්පූර්ණ වැඩසටහනටම පැමිණ සිටීමෙන් හා එයට හොඳ අවධානයක් දීමෙන් අපේ දෙවි යෙහෝවාගේ දෘෂ්ටියට අනුව ධනවත් වීමට මඟ පාදන මාර්ගයක දිගටම ගමන් කිරීමට අපට ශක්තිය ලැබෙනු ඇත.