අන්‍යයන්ට පවිත්‍ර භාෂාව උගන්වන්න
1 යෙහෝවාගේ සාක්ෂිකරුවන් බොහෝ ‘ජාතීන්ගෙන්ද, ගෝත්‍රවලින්ද, සෙනඟගෙන්ද භාෂාවන්ගෙන්ද’ පැමුණුණද, ඔවුහු එක්සත් සෙනඟක් වෙති. සැබෑ ජාත්‍යන්තර සහෝදරත්වයක් ඔවුන් අතර පවතී. (එළි. 7:9) බෙදී තිබෙන මේ ලෝකයේ, මෙය අතිශයින් කැපීපෙනෙනසුලුය. මෙසේ වන්නේ කෙසේද? මන්දයත් අපට “පවිත්‍ර භාෂාවක්” දී තිබෙන නිසාය.—ශෙප. 3:9.
2 මවිතාකාර බලපෑම්: මෙම පවිත්‍ර භාෂාව යනු කුමක්ද? එය නම්, යෙහෝවා සහ ඔහුගේ අරමුණු පිළිබඳව දේවවචනයේ සඳහන් සත්‍යතාව පිළිබඳ නිසි අවබෝධයයි. විශේෂයෙන්ම දෙවිගේ රාජ්‍යය පිළිබඳ සත්‍යතාව මීට ඇතුළත්ය. යේසුස් විසින් පුරෝකථනය කළාක් මෙන්, මෙම සත්‍යය “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” නම් දෘශ්‍යමාන භූමික මාධ්‍යයක් තුළින් බෙදාහරිනු ලබන අතර, මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ‘සියලු භාෂා ඇති ජාතීන්ගෙන්’ මනුෂ්‍යයෝ සැබෑ නමස්කාරය වැලඳගනිමින් සිටිති.—මතෙ. 24:45, NW; සෙක. 8:23.
3 පවිත්‍ර භාෂාව ඉගෙනගන්නාවූ සෙනඟක් වශයෙන්, මේ අය යෙහෝවාගේ ප්‍රමිතිවලට එකඟව තමන්ගේ ජීවිතය ගත කිරීමට පෙලඹෙති. “එකම මනසින් හා එකම ආකාරයට සිතීමෙන් නිසි ලෙස එක්සත්” වීමටද ඔවුහු ඉගෙනගනිති. (1 කොරි. 1:10, NW) ඔවුන් තුළ අවංක හැසිරීමත් විශේෂයෙන්ම ශුභාරංචිය අනුන් සමඟ බෙදාගැනීම සඳහා අවශ්‍ය කරන සුවදායක, සත්‍යවාදී කතාවත් දිව්‍ය ඉගැන්වීම මගින් නිපදවයි. (තීත. 2:7, 8; හෙබ්‍රෙ. 13:15) මෙම මවිතාකාර වෙනස්කම් යෙහෝවාට ගෞරවය ගෙන එයි.
4 නිදසුනක් වශයෙන්, ශුභාරංචිය ගැන අසන්නට ලැබූ එක්තරා මිනිසෙකුට බොහෝ ප්‍රශ්න තිබිණි. මේ සියල්ලටම බයිබලයෙන් පිළිතුරු සැපයිණි. තමා ඇසූ දෙයින් පෙලඹුණු හේ, සතියකට වතා දෙකක් පාඩම කළ අතර, රැස්වීම්වලට පැමිණීමට පටන්ගත්තේය. ඔහු තමාට රාජ්‍ය ශාලාවේදී ලැබුණු උණුසුම් පිළිගැනීමෙන් පුදුමයට පත් වූයේ, පැමිණි සිටි බොහෝදෙනෙකු වෙනත් ජාතියකට අයත් වූවන් නිසාවෙනි. කෙටි කලක් ඇතුළත, ඔහු සහ ඔහුගේ භාර්යාව තම ජීවිතවල වෙනස්කම් සිදු කොට බව්තීස්ම වූහ. එතැන් පටන් 40දෙනෙකුට පමණ යෙහෝවාට සේවය කරන්නට ඔහු උපකාර කොට තිබෙන අතර, ඔහුගේ පවුල් සාමාජිකයන් කිහිපදෙනෙක්ද මීට ඇතුළත් වෙති. ශාරීරික දුබලතාවකින් වේදනා වින්දද, හේ මෑතකදී පුරෝගාමියෙකු ලෙස සේවය කරන්නට පටන්ගත්තේය.
5 අන්‍යයන්ට ඉගැන්වීම: ලෝක සිදුවීම් නිසා අවංක බොහෝදෙනෙක් තමන්ගේ සිතිවිලි හා ජීවත් වෙන විදිහ ගැන යළිත් සෝදිසි කරමින් සිටිති. යේසුස් මෙන්, අපද ඔවුන්ට උපකාර කිරීමට ආශාවක් දැක්විය යුතුයි. අවංක අයට පවිත්‍ර භාෂාව ඉගෙනගැනීමට උපකාර කිරීමට මූලිකතම යතුර වනුයේ බලපෑමෙන් යුතුව කරන නැවත බැලීම් සහ බයිබල් පාඩම්ය.
6 කාර්යබහුල අයගේ දොරකඩම සිට කෙටි බයිබල් පාඩමක් පැවැත්වීම, ඔවුන් වෙතට එළඹිය හැකි බලපෑමෙන් යුතු ක්‍රමයක් බවට සනාථ වී තිබේ. (km 5/02 1 පි.) ඔබ මෙය අත්හදා බලා තිබේද? ඔබ නැවත බැලීමක් කිරීමට සූදානම් වන විට 2002 ජනවාරි මස අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකයෙන් ගෙවැසියාට ගැළපෙන ඉදිරිපත් කිරීමක් තෝරාගන්න. මෙම අතිරේකයේ තිබෙන ඉදිරිපත් කිරීම් බොහොමයක් සැලසුම් කර තිබෙන්නේ ඕනෑ කරන්නේ විවරණිකාවෙන් හෝ දැනුම පොතෙන් සාකච්ඡාවකට කෙළින්ම යොමු කිරීම සඳහායි. ඉදිරිපත් කිරීම හොඳින් පෙරහුරු කරන්න. එවිට, ඔබට හැඳින්වීමේ සිට එක ඡේදයක් සාකච්ඡා කිරීම දක්වා මාරු විය හැකියි. ඡේදයෙන් එක ශුද්ධ ලියවිලි පදයක් හෝ දෙකක් කියවා සාකච්ඡා කරන්න. අනතුරුව ප්‍රශ්නයක් නඟා සාකච්ඡාව අවසන් කරන්න. මෙය ඊළඟ හමුවීමේදී ඔබ විසින් සාකච්ඡා කරන්නට යන ඡේදයට ඔබව යොමු කරනවා ඇත.
7 යෙහෝවාගේ සෙනඟ පවිත්‍ර භාෂාව ඉගෙනගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ ආශීර්වාද භුක්ති විඳිමින් සිටිති. එසේ නම්, ‘යෙහෝවාගේ නාමයට යාච්ඤා කොට’ ‘උරෙන් උර ගැටී ඔහුට සේවය කිරීම’ සඳහා අප සමඟ හවුල් වීමට අපි ඉතා උනන්දුවෙන් අනිත් අයට උපකාර කරමු.—ශෙප. 3:9, NW.