දේවවචනය නිධානයක් | උත්පත්ති 9-11
“මුළු පොළොවෙම තිබුණේ එක භාෂාවකි”
යෙහෝවා දෙවියන් බාබෙල් කොත හදන්න එකතු වුණු කැරලිකරුවන්ගේ භාෂාව අවුල් කරලා ඒ අයව පොළොව පුරා විසිරෙන්න සැලැස්සුවා. ඒත් අද ඔහු සියලු ජාතීන් සහ සියලු භාෂා කතා කරන අය අතරින් මහත් සමූහයක් එකතු කරගෙන ඒ අයට “පවිත්‍ර භාෂාව” උගන්වනවා. එහෙම කරන්නේ දෙවියන්ගේ නාමයට අයැදින්නත් එක්සත්කමින් ඔහුට සේවය කරන්නත් අවස්ථාව ලබා දෙන්නයි. (ශෙප 3:9; එළි 7:9) ‘පවිත්‍ර භාෂාවට’ දෙවියන් ගැනත් ඔහුගේ අරමුණු ගැනත් බයිබලයේ සඳහන් වෙන සත්‍යයන් ඇතුළත් වෙනවා.
අලුත් භාෂාවක් ඉගෙනගන්නවා කියන්නේ අලුත් වචන කටපාඩම් කරන එක විතරක් නෙවෙයි. වෙනස් විදිහට හිතන්න ඉගෙනගන්න එකත් ඒකට ඇතුළත්. ඒ වගේ, පවිත්‍ර භාෂාවට ඇතුළත් සත්‍යයන් ඉගෙනගද්දී අලුත් විදිහට හිතන්න පටන්ගන්න ඕනේ. (රෝම 12:2) එහෙම හිතන්න අපි දිගටම වෑයම් කරන්න ඕනේ. මොකද දෙවියන්ගේ සෙනඟ අතරේ එක්සත්කම පවත්වගන්න ඒක දායක වෙනවා.—1කොරි 1:10.