සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජන. 1
“මිනිස්සු, තමන් ආදරය කරන කෙනෙක් මිය ගියොත් එහෙම නැත්නම් අසනීප වුණොත්, නිතරම කල්පනා කරන දෙයක් තමයි, ‘ඇයි දෙවි මේවාට ඉඩ දෙන්නේ’ කියන එක. සමහරවිට ඔබත් ඒ වගේම ප්‍රශ්නයක් අහලා ඇති. දෙවිට දුක් විඳින අය ගැන අනුකම්පාවක් දැනෙනවා කියලා බයිබලයේ පෙන්වනවා. [යෙසායා 63:9අ කියවන්න.] මේ සඟරාවේ පැහැදිලි කරනවා දෙවි දුක් වේදනා නිමාවට පත් කරනවාමයි කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද කියලා.”
පිබිදෙව්! ජන. 8
“ඔබ හිතනවාද කතා කිරීමට ඇති නිදහසට ආණ්ඩු තහංචි දැමිය යුතුයි කියලා? [ප්‍රතිචාරයට ඉඩ හරින්න.] කතා කිරීමේ නිදහසට ආගම ගැන අනුන්ට කතා කිරීමත් ඇතුළත් වෙනවා නම්, ඒකට තහංචි දාන එක හරිද? බලන්න මේ කියලා තිබෙන දේ දිහා. [ක්‍රියා 28:30, 31 කියවන්න.] මෑතකදී මේ ප්රශ්නය එ.ජ. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටට ගෙනාවා. මේ පිබිදෙව්! කලාපයෙන් ඒ ගැන කියවන්න ඔබට ආරාධනා කරන්න කැමතියි.”
මුරටැඹ ජන. 15
“පුළුල්ව සිදු කර ඇති ලේ වැගිරවීම් දෙස බලද්දී, ඔබ හිතනවාද යහපත පරාජය කරමින් නපුර ජයගෙන තිබෙනවා කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ දෙවි ගැන කියන දේ බලන්න. [ගීතාවලිය 83:17 කියවන්න.] දෙවි මේ පොළොවේ මහෝත්තමයා නිසා, නපුරට ඇත්තටම ජයගන්නට පුළුවන්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ මුරටැඹ කලාපයේ ඒ ප්‍රශ්නයට සෑහීමට පත් වෙන්න පුළුවන් උත්තරයක් දෙනවා.”
පිබිදෙව්! ජන. 8
“සම වයසේ මිතුරන්ගෙන් හෝ සම තත්වයන්හි සිටින අයගෙන් එල්ල වෙන අභියෝගවලට මුහුණ දෙන්න තරුණ අයට උපකාර කරන්න අපිට මොකක්ද කරන්න පුළුවන්? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මෙවිට තමයි, ආත්ම විශ්වාසය ගොඩනැඟීම, මේරූ අයගෙන් මඟ පෙන්වීම පැතීම වගේම මිතුරන්ව ඥානවන්තව තෝරාගැනීම ඉතා වැදගත් වෙන්නේ. මේ බලන්න මිත්‍රයන් ගැන බයිබලයේ කියලා තියෙන්නේ මොකක්ද කියලා. [1 කොරින්ති 15:33 කියවන්න.] මේ පිබිදෙව්! කලාපයේ [28වන පිටුව පෙන්වන්න] සම වයසේ මිතුරන්ගෙන් හෝ සම තත්වයන්හි සිටින අයගෙන් එල්ල වෙන යම් බලපෑම් එක්ක සාර්ථකව කටයුතු කරන්න පුළුවන් කොහොමද කියලා හොඳ ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා.