සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජන. 1
“ලෝකයේ සාමය ඇති වෙන තෙක් හුඟාක්දෙනෙක් මහත් ආශාවෙන් බලා සිටිනවා. මේ වචනවල ඉටු වීම අපට දැකගන්න පුළුවන් වෙන කාලයක් එයි කියලා ඔබ සිතනවාද? [ගීතාවලිය 46:9 කියවා, ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේක වෙන්නේ කොහොමද කියලත් යුද්ධ නැති ලෝකයක් බිහි කරනවා කියලා දෙවි දීලා තියෙන පොරොන්දු අපිට විශ්වාස කරන්න පුළුවන් වීමට හේතු ගැනත් මුරටැඹ සඟරාවේ මේ කලාපයේ සාකච්ඡා කරලා තියෙනවා.”
පිබිදෙව්! ජන. 8
“ලොව පුරා සිටින බොහෝදෙනෙක් මානසික ස්වභාවයේ අක්‍රමිකතාවලින් පීඩා විඳිනවා. මානසික අවපීඩනය හා බයිපෝල අක්රමිකතාව ඒ වගේ තත්වයකට උදාහරණයක්. අපේ මැවුම්කරු මේ වගේ අය ගැන හුඟාක් සැලකිල්ල දක්වනවා. [ගීතාවලිය 34:18 කියවන්න.] මේ තත්වයන්වලින් පීඩා විඳින අයට උපකාර කරන්න පුළුවන් ආකාරය ගැන මේ සඟරාවේ සඳහන් වෙනවා. ළඟදීම හැම අසනීපයක්ම නැති වෙන බවට බයිබලයේ දීල තියෙන පොරොන්දුව ගැනත් මේ සඟරාවේ සාකච්ඡා කරනවා.”
මුරටැඹ ජන. 15
“මේ කාලයේ බොරු පොරොන්දු අහලා අහලා එපා වෙලා තියෙන හින්දා කිසිම කෙනෙක් ගැන විශ්වාසය තබන්න අමාරු බව හුඟදෙනෙකුට පෙනී ගිහිල්ලා තියෙනවා. දෙන පොරොන්දු ඉටු කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් අය ඉන්නවා කියලා ඔබ සිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහැර, යෝෂුවා 23:14 කියවන්න.] බයිබලයේ සඳහන් දෙවි දීලා තියෙන පොරොන්දු අපිට විශ්වාස කරන්න පුළුවන් ආකාරය ගැන මේ සඟරාවේ පෙන්වා දෙනවා.”
පිබිදෙව්! ජන. 8
“අපි හැම කෙනෙක්ම ආසයි, අපේ දරුවෝ සන්තෝෂයෙන් සාර්ථක ජීවිතයක් ගත කරනවා දකින්න. මානසික පීඩනය වැඩි කරන ගැටලුවලින් පිරුණු මේ ලෝකයේ සාර්ථකව ජීවිතය ගත කරන්න දරුවන්ට අවශ්‍ය වෙන්නේ මොනවා කියලාද ඔබ සිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහැර, හිතෝපදේශ 22:6 කියවන්න.] දරුවන්ට අවශ්‍ය කරන්නේ මොනවාද, ඒ දේවල් ලබා දෙන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද කියලා මේ පිබිදෙව්! කලාපයේ සාකච්ඡා කරනවා.