සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජන. 1
“මිනිසුන්ට හුඟාක් යහපත් දේවල් කරන්නට හැකියාව තිබෙනවා. නමුත් හුඟාක් වේලාවට කරන්නේ ඉතා නරක දේවල්. ඒ ඇයි කියලා ඔබ කල්පනා කරලා තියෙනවාද? [පිළිතුරට ඉඩ හරින්න.] බයිබලය ඒ ගැන කියන දේ මේ සඟරාවේ පෙන්වලා තියෙනවා. ඒ වගේම යහපතෙන් නපුර පරාජය කරන සැටිත් පැහැදිලි කරලා තියෙනවා. මේ බලන්න.” රෝම 16:20 කියවන්න.
පිබිදෙව්! ජන.
“තව අවුරුදු 20ක් හෝ 30ක් යනකොට ලෝකෙට මොනවා වෙයිද කියලා ඔබ කල්පනා කර තිබෙනවාද? [පිළිතුරට ඉඩහරින්න. ඉන්පසු ගීතාවලිය 119:105 කියවන්න.] බයිබලය අප ජීවත් විය යුතු ආකාරය ගැන දැනුවත් කර තිබෙන නිසා අපට අනාගතයේ තිබෙන දේ වටහාගන්න පුළුවන්. මේ සඟරාවේ බයිබල් අනාවැකි ගැන විස්තර කරලා තියෙනවා වගේම අප දැන් අන්තිම කාලයේ සිටින බවත් ඉදිරියේදී අපට දීප්තිමත් කාලයක් බලාපොරොත්තු විය හැකි බවත් පෙන්වලා තියෙනවා.”
මුරටැඹ ජන. 15
“දැන් හුඟදෙනෙක් දේවදූතයන් ගැන උනන්දුව දක්වන බවක් පේනවා. දේවදූතයන් ගැන ඔබ දන්නේ මොනවාද? ඔවුන් අපේ ජීවිතවලට සම්බන්ධද? [පිළිතුරට ඉඩහරින්න. ඉන්පසු ගීතාවලිය 34:7 කියවන්න.] දේවදූතයන් අතීතයේදී වගේම වර්තමානයේදීත් අනාගතයේදීත් කරන දේවල් ගැන මේ සඟරාවේ කතා කරලා තියෙනවා.”
පිබිදෙව්! ජන.
“අද ඕනෑම විෂයක් ගැන උපදෙස් ලබාගන්න පුළුවන්. නමුත් මේ හැම එකක් කෙරෙහි විශ්වාස කරන්න පුළුවන්ද? [පිළිතුරට ඉඩහරින්න. ඉන්පසු 2 තිමෝති 3:16 කියවන්න.] අපට ප්රායෝගික විශ්වාසවන්ත උපදෙස් බයිබලයෙන් ලබා ගත හැකි අන්දම ගැන මේ පිබිදෙව්! සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා.” ඉන්පසුව 18 පිටුවෙන් පටන්ගන්නා ලිපිය පෙන්වන්න.