සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජන. 1
“අසල්වැසියාට ප්‍රේම කළ යුතුයි කියලයි හුඟක් ආගම්වල උගන්වන්නේ. [මතෙව් 22:39 කියවන්න.] එහෙම නම් ඇයි මේ තරම් යුද්ධවලට සහ ගැටුම්වලට ආගම් හවුල් වෙලා තියෙන්නේ? ඔබ මොකක්ද ඒ ගැන හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මිනිස් වර්ගයාව එක්සත් කිරීමට ආගමට හැකිද යන ප්රශ්නය ගැන මේ මුරටැඹ සඟරාවේ සාකච්ඡා කරනවා.”
පිබිදෙව්! ජන. 8
“ඔබ මේ කාරණාව ගැන මොකක්ද හිතන්නේ? [පොළොව සම්බන්ධයෙන් තිබෙන ලිපි මාලාවේ මුල් ලිපි දෙකේ මාතෘකා පෙන්වන්න. ප්‍රතිචාරයට ඉඩහරින්න.] පොළොවේ තියෙන ස්වාභාවික සම්පත් අඩු වෙන්නේ පුදුම විදිහටයි. ඒත් සැනසීමක් ගෙන දෙන පොරොන්දුවක් දීලා තියෙනවා. [ගීතාවලිය 104:5 කියවන්න.] ළඟදීම අපේ මිහිතලය බේරාගත හැකි ආකාරය මේ පිබිදෙව්! සඟරාවේ පැහැදිලි කරනවා.”
මුරටැඹ ජන. 15
“අපි දැන් ගත කරන ජීවිතයට වඩා හොඳ ජීවිතයක් අපිටත් අපේ දරුවන්ටත් ලැබෙනවා නම් අපි ආසයි. ඒත් ඒක ලබාගන්න අමාරුයි කියන එක හුඟදෙනෙකුට වැටහෙනවා. අපේ අනාගතය පාලනය කරන්න අපිට පුළුවන් වෙයි කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අපි අසරණ වෙලා නැති බවත් අපේ අනාගතය තීරණය වන්නේ අපි දැන් ගන්නා තීරණ මත බවත් මේ සඟරාවේ පෙන්වනවා.” ද්විතීය කතාව 30:19 කියවන්න.
පිබිදෙව්! ජන. 8
“සමාජය පෙනුම ගැන අනවශ්‍ය ලෙස අවධානය යොමු කරන බව ඔබ දැකලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ලස්සන ගැන ඕනෑවට වඩා ලතවීමේ භයානක පැත්ත ගැන මේ සඟරාවේ කතා කරනවා. වඩා වටිනා අලංකාරයෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් මේ සඟරාවේ කතා කරනවා.” පළමුවන පේතෘස් 3:3, 4 කියවන්න.