සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! දෙසැ.
“මත් පැන් භාවිතය ගැන විවිධ ආගම් එකිනෙකට වෙනස් මත දරනවා. ඒ ගැන දෙවිගේ අදහස කුමක් කියලද ඔබ හිතන්නේ? [පිළිතුරට ඉඩ හරින්න.] යේසුස් එක් අවස්ථාවකදී ප්රාතිහාර්යයකින් වතුර වයින් බවට පත් කළා කියා බයිබලයේ සඳහන් වෙනවා. නමුත් මේ වගේ අනතුරු ඇඟවීමකුත් එහි කර තිබෙනවා. [හිතෝ. 20:1 කියවන්න.] මේ ලිපියේ ඒ ගැන සමබර අදහසක් ලබා දෙනවා.” ඉන්පසු 18 පිටුවට පෙරළා එහි ඇති ලිපිය පෙන්වන්න.
මුරටැඹ ජන. 1
“කෙනෙකුගේ සාර්ථකත්වය මනින්නේ ඔහුට තිබෙන ධනයෙන් කියලා ඔබ හිතනවාද? [පිළිතුරට ඉඩ හරින්න. පසුව 1 තිමෝති 6:9, 10 කියවන්න.] කෙනෙකුට ධනය තිබීම වැරදි දෙයක් කියා බයිබලයේ කියන්නේ නැහැ. නමුත් ධනයෙන් සැබෑ සාර්ථකත්වය ලබන්න බැරි බව බයිබලයේ පවසනවා. මේ සඟරාවේ ඒ ගැන විස්තර කරනවා.”
පිබිදෙව්! ජන.
“මේ දෙය කවදාහරි සැබෑවක් වෙයි කියලා ඔබ හිතනවද? [යෙසායා 33:24 කියවන්න. ඉන්පසු පිළිතුරට ඉඩ හරින්න.] මේ සඟරාවේ පැහැදිලි කරනවා මිනිසුන් වෛද්‍ය විද්‍යාව තුළින් සොයාගෙන තිබෙන දේවල්. ඒ වගේම බයිබලයේ සඳහන් පොරොන්දු ඉටු වෙන්නේ කොහොමද කියලත් මෙහි පැහැදිලි කරනවා.”
මුරටැඹ ජන. 15
“විවාහ ජීවිතය සාර්ථක කරගන්න විශ්වාසවන්ත උපදෙස් ලබාගන්න පුළුවන් කොහෙන් කියලද ඔබ හිතන්නේ? [පිළිතුරට ඉඩහරින්න.] මේ බලන්න විවාහය මුලින්ම ආරම්භ කළේ කවුද කියලා. [උත්පත්ති 2:22 කියවන්න.] ඒ වගේම දෙවි, පවුල තුළ ස්වාමිපුරුෂයාට සහ භාර්යාවට හිමි ගෞරවණීය තැන සම්බන්ධව උපදෙස්ද ලබා දුන්නා. මේ සඟරාවේ කතා කරන්නේ ඒ ගැනයි.”