සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ දෙසැ. 15
“දයානුකම්පාව එතරම් දකින්න නැති මේ වගේ කාලෙක කවුරු හරි අපිට අනුකම්පාව පෙන්නුවොත් අපි ලොකු ප්‍රීතියක් ලබනවා නේද? මේ ගුණාංගය අප තුළ ඇති කරගන්න පුළුවන් කොහොම කියලද ඔබ හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මතෙව් 7:12 අපගේ කාලයට කොයි තරම් ගැළපෙනවද කියලා බලන්න. [කියවන්න.] අනුකම්පාව පෙන්වන්න වගේම එය ලබන්නත් සිදු වන අවස්ථාවලදී අපි කටයුතු කරන්න ඕන විදිහ මේ ලිපියේ පෙන්වලා තියෙනවා.”
පිබිදෙව්! දෙසැ.
“ඔබ හිතනවද අපගේ මිය ගිය ප්‍රේමණීය අයව නැවත අපිට දකින්න පුළුවන් කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ පෙන්නලා තියෙනවා ඒ අයට නැවත ජීවත් වෙන්න පුළුවන් කියලා. [ගීතාවලිය 68:20 කියවන්න.] මරණයෙන් අපගේ ජීවිත සම්පූර්ණයෙන්ම අවසන් වෙයි කියලා අපි බිය විය යුතු නැති බව මේ සඟරාවේ පෙන්නලා තියෙනවා.”
මුරටැඹ ජන. 1
“හුඟක් මිනිසුන් දෙවිගේ රාජ්‍යය පැමිණෙන්න කියා යාච්ඤා කරනවා. උදාහරණයකට, යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්නුව මේ ප්‍රසිද්ධ යාච්ඤාව ටිකක් බලන්න. [මතෙව් 6:9, 10 කියවන්න.] ඔබ කවදා හරි කල්පනා කරලා තියනවද මේ රාජ්‍යය කියන්නේ මොකක්ද, ඒක එන්නේ කවදාද කියලා? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ ගැන බයිබලයේ පවසන දෙය මේ සඟරාවේ පෙන්වලා තියෙනවා.”
පිබිදෙව්! ජන.
“ඉතිහාසය පුරාම කාන්තාවන් විවිධ හිංසනයන්ට ලක් වී තිබෙනවා. ඒකට හේතුව කුමක් කියලද ඔබ හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ස්වාමිපුරුෂයන් තමන්ගේ භාර්යාවන්ට සැලකිය යුතු ආකාරය ගැන බයිබලයේ උපදෙස් දීලා තියන ආකාරය බලන්න. [1 පේතෘස් 3:7 කියවන්න.] දෙවි හා යේසුස් කාන්තාවන්ට සලකන්නේ කොහොමද කියලා මේ සඟරාවේ පෙන්නලා තියෙනවා.”