සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ පෙබ. 1
“මේ උපදෙස පිළිපැද්දොත් පවුල්වල තත්වය මොන වගේ වෙයි කියලද ඔබ හිතන්නේ? [එෆීස 4:31 කියවා ප්‍රතිචාරයට ඉඩහරින්න.] අඬ දබර විසඳාගෙන ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන්න උපකාරවත් වන ප්‍රයෝජනවත් කාරණා මේ ලිපියේ තියෙනවා.” මෙහි 18වන පිටුවේ ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! පෙබ.
“අපි කරන හැම වරදක්ම දෙවි ගණන් තියාගෙන ඉන්නවා කියලා සමහරු හිතනවා. තවත් සමහරු විශ්වාස කරනවා බරපතළ පාප ඇතුළු හැම පාපයකටම දෙවි සමාව දෙනවා කියලා. ඔබ ඒ ගැන හිතන්නේ මොකක්ද? [ප්‍රතිචාරයට ඉඩහැර, ක්‍රියා 3:19 කියවන්න.] බයිබලයට අනුව දෙවිගේ දයාව ලැබීමට ගත යුතු පියවර තුනක් ගැන මේ ලිපියේ සඳහන් වෙනවා.” දහවන පිටුවේ තිබෙන ලිපිය පෙන්වන්න.
මුරටැඹ මාර්. 1
“මේ බයිබල් පදයේ කියන දෙය ගැන ඔබ හිතන්නේ මොකක්ද? [යොහන් 3:16 කියවන්න.] එක් මිනිසෙකුගේ මරණය මගින් අන් අයට සදාකාල ජීවනය ලැබෙන්නේ කොහොමද කියලා ඔබ හිතලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යේසුස්ගේ මරණයෙන් අපිට ප්‍රයෝජන අත් කරගත හැකි ආකාරය ගැන පැහැදිලි විස්තරයක් මේ සඟරාවේ තියෙනවා.”
පිබිදෙව්! මාර්.
“හැම ආගමක්ම හොඳයි කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] සමහර ආගම් ගැන බයිබලයේ කියලා තියෙන දෙය බලන්න. [මාක් 7:7 කියවන්න.] යම් ආගමක් උගන්වන්නේ ‘මිනිසුන්ගේ ආඥා’ නෙමෙයි, නමුත් සත්‍යයයි කියලා දැනගන්න පුළුවන් කොහොමද? මේ ප්‍රශ්නයට උත්තර මේ සඟරාවේ තියෙනවා.”