සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ පෙබ. 1
“අද හුඟදෙනෙක් තමන්ට රැකියාවක් නැති එක ගැන කනස්සලෙන් සිටිනවා. තවත් සමහර අය රැකියා ස්ථානයේ තියෙන දැඩි පීඩනවලින් හෙම්බත් වෙලායි ඉන්නේ. රැකියාවෙන් සන්තෝෂය ලබන්නත් එය සුරක්ෂිත එකක් කරගන්නත් පුළුවන් කියලා ඔබ සිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] ඊළඟට යෙසායා 65:21-23 දක්වා කියවන්න. යහපත් ප්‍රතිඵල අත් කරගත හැකි වැඩවල සෑම කෙනෙකුම නිරත වෙලා ඉන්න කාලයක් ගැන මේ මුරටැඹ සඟරාවේ සාකච්ඡාවට ලක් කරලා තියෙනවා.”
පිබිදෙව්! පෙබ. 8
“අපේ කාලයේ අහන්න ලැබෙන ඛේදජනක යථාර්ථයක් වන ළමා ගණිකා වෘත්තිය ගැන මේ පිබිදෙව්! කලාපයේ සඳහන් වෙනවා. මෙය ළමයින්ට අතවර කිරීමේ ඉතා පිළිකුල්සහගත පැත්තක්. ළමුන්ට කරන මේ පිළිකුල්සහගත අපරාධය ළඟදීම නැති කරන බවට බයිබලයේ පොරොන්දුවක් දීලා තියෙනවා. [හිතෝපදේශ 2:21, 22, කියවන්න.] මේ වගේ දරුවන්ව සූරා කෑම පිටුපස තිබෙන දෙය ගැනත් අනාගතයේදී එය නතර කරන ආකාරය ගැනත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
මුරටැඹ පෙබ. 15
“පුද්ගලයෙකු වන දෙවි කෙනෙක් සිටිනවාද කියා සමහරු කල්පනා කරනවා. දෙවියන් සිටියත් තමන්ට හැඟෙන්නේ ඔහු තමන්ගෙන් බොහෝ දුරස් වී සිටින බවයි කියා තවත් සමහරු කියනවා. ඔබටත් මේ වගේ හැඟිලා තිබෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] පෞද්ගලිකව දෙවිව දැනහඳුනා ගැනීම ඉතාමත් වැදගත් වන්නේ ඇයි කියා සැලකිල්ලට ගන්න. [යොහන් 17:3 කියවන්න.] මේ කාරණය ගැන මේ සඟරාවේ මුල් පිටුවල තිබෙන ලිපිවල සඳහන් තොරතුරු දැනගන්න ඔබ කැමති වෙයි කියා මා හිතනවා.”
පිබිදෙව්! පෙබ. 8
“පාසැල් යන දරුවන්ට උගන්වන්නේ අවංකකම ඉතාමත් හොඳ ප්‍රතිපත්තියක් කියලයි. ඒ වුණත් දරුවන් හුඟදෙනෙක් විභාගවලදී කොපි කරනවා. එහෙම කරන එකේ ඇත්තටම වාසියක් තියෙනවා කියලා ඔබ සිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහැර හෙබ්‍රෙව් 13:18 කියවන්න.] කොපි කිරීමේ ඇති වරද මොකක්ද? කියන ප්‍රශ්නයට මේ පිබිදෙව්! කලාපයේ [15වන පිටුවට පෙරළන්න.] උත්තර සපයනවා.”