සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ පෙබ. 1
“අපි හුඟදෙනෙක් නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගන්න උත්සාහ කරනවා. කොහොමවුණත් මෑතකදී කරල තියෙන අධ්‍යයනවලින් පෙනී යන්නේ අපේ නිරෝගිකමට අපේ අධ්‍යාත්මික අවශ්‍යතාවත් බලපාන බවයි. මේක වෙන්න පුළුවන් කියලා ඔබ සිතනවාද? [ප්‍රතිචාරයට ඉඩ හැර, මතෙව් 5:3 කියවන්න.] අපේ අධ්‍යාත්මික අවශ්‍යතාව සපුරා ගන්නේ කොහොමද කියලා මුරටැඹ සඟරාවේ මේ කලාපයේ සාකච්ඡාවට ලක් කරලා තියෙනවා.”
පිබිදෙව්! පෙබ. 8
“දෙවිගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් ලියලා තියෙන්නේ මේ විදිහටයි. [කවරය පෙන්වන්න.] මේ නම කවදාවත් ශබ්ද නඟා පැවසීම සුදුසු නැහැ කියා සමහරුන් තදින්ම විශ්වාස කරනවා. තවත් අය දෙගිඩියාවකින් තොරව ඒ නම පාවිච්චි කරනවා. පිබිදෙව්! සඟරාවේ මේ කලාපයේ මේ මත වාදය ගැන සලකා බලනවා. දෙවිව නමින් දැනගන්න අපිට පුළුවන් විදිහ ගැනත් මේ ලිපිවල සාකච්ඡා කරනවා.” ගීතාවලිය 83:17 කියවන්න.
මුරටැඹ පෙබ. 15
“ආගමේ නාමයෙන් කරලා තියෙන නරක දේවල් ගැන හුඟදෙනෙක් කනස්සල්ලට පත්ව සිටිනවා. මිනිසාගේ ගැටලුවලට මුල ආගම් කියලා සමහරුන් සිතනවා. මේ ගැන ඔබ කවදා හරි කල්පනා කර තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහැර, එළිදරව් 18:24 කියවන්න.] මේ කාරණය ගැන බයිබලයේ පවසා තියෙන දෙය මේ සඟරාවේ සලකා බලනවා.”
පිබිදෙව්! පෙබ. 8
“අද හුඟදෙනෙක් කැමතියි, කරුණාවන්ත, මෘදු මොළොක් හා දයානුකම්පාව පෙන්වන අය සමඟ ජීවත් වෙන්න. තමන්ගේ පෞද්ගලිකත්වය බොහෝ දුරට තීරණය වෙන්නේ තමන්ගේ රුධිර ගණය අනුව කියා හුඟදෙනෙක් විශ්වාස කරනවා. මිනිසුන්ට ඔවුන්ගේ පෞද්ගලිකත්වය වෙනස් කරගෙන වඩාත් හොඳ අය වෙන්න පුළුවන් කියලා ඔබ සිතනවාද? පෞද්ගලිකත්වය වෙනස් කරන්න පුළුවන් කියලා බයිබලයේ සඳහන් වෙනවා. [කොලොස්සි 3:9, 10 සහ 12 කියවා, ප්‍රතිචාරයට ඉඩහරින්න.] මිනිසුන්ට තමන්ගේ පෞද්ගලිකත්වය වෙනස් කරගන්න පුළුවන් ආකාරය ගැන ප්‍රයෝජනවත් තොරතුරු මේ පිබිදෙව්! කලාපයේ තියෙනවා. “ඔබේ පෞද්ගලිකත්වය තීරණය වන්නේ රුධිර ගණය අනුවද?” නමැති ලිපිය පෙන්වන්න.