සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ පෙබ. 1
“අද ඉන්න බොහෝදෙනෙක් සැහැසිකකම්වලට හා පීඩාවලට ලක්වන්නන් වීම කනගාටුවට කාරණයක් නේද? [මෑතකදී ප්‍රදේශයේ සිදු වූ සිද්ධියක් සඳහන් කරන්න. ප්‍රතිචාරයට ඉඩ හරින්න.] මේ සඟරාවේ පෙන්වා තිබෙනවා දෙවි මනුෂ්‍ය ජීවිත සලකන්නේ කොහොමද කියලා. ඒ වගේම අද දින තියෙන දුක් වේදනාවලින් දෙවි අපව මුදාගන්නේ කොහොමද කියලාත් මෙහි විස්තර කරලා තියෙනවා.” ගීතාවලිය 72:12-14 කියවන්න.
පිබිදෙව්! පෙබ. 8
“අද අපි මුහුණ දෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මානසික පීඩනය. ඔබ ඊට එකඟ වන්නේ නැද්ද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මෙහෙම වන බවට බයිබලය ඉතා නිවැරදිව කලින් කියලා තිබුණා. [2 තිමෝති 3:1 කියවන්න.] මානසික පීඩනයට මුහුණ දෙන ආකාරය ගැන මේ සඟරාවේ ප්‍රායෝගික යෝජනා තියෙනවා.”
මුරටැඹ පෙබ. 15
“ප්රාතිහාර්යයක් සිදු වී ඇති බවට පළ වන වාර්තා සමහර වෙලාවලට අපිට අහන්න ලැබිලා තියෙනවා. [උදාහරණයක් කියන්න.] මේ වගේ දේවල් ගැන සමහර මිනිසුන් විශ්වාස කරනවා. සමහරෙකුට ඒවා සැක සහිතයි. බයිබලයේ සඳහන් ප්රාතිහාර්යයන් ඇත්තටම සිදු වුණාද කියලා මේ සඟරාවේ පැහැදිලි කරනවා. ඒවගේම මේ වගේ දේවල් අද දින සිදු විය හැකිද කියලත් පැහැදිලි කරනවා.” යෙරෙමියා 32:21 කියවන්න.
පිබිදෙව්! පෙබ. 8
“අපි ලෙඩ වෙනකොට අපේ තත්වය තේරුම්ගන්න දොස්තර කෙනෙක් හමුවෙන්න අපි කවුරුත් කැමතියි. නමුත් ලෙඩ වෙන අය, කවදා හරි දොස්තර කෙනෙකුගේ හැඟීම් තේරුම්ගන්නවා කියලා ඔයා හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩ දෙන්න.] මේ සඟරාවේ වෛද්‍යවරු මුහුණ දෙන අභියෝග ගැන සහ ඔවුන්ගේ අනාගතය මොන වගේ එකක් වෙයිද කියලා පැහැදිලි කරනවා.” යෙසායා 33:24 කියවන්න.