සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! ජන.
“ක්රිස්තියානි කියලා කියන අයගෙන් හුඟදෙනෙක් යේසුස් ඉගැන්නුව විදිහට ජීවත් වෙන්නේ නැහැ නේද? [පිළිතුරට ඉඩ හරින්න. ඉන්පසු යොහන් 13:35 කියවන්න.] බලන්න යේසුස් කිව්ව ඒ දේ නෙමෙයි නේද අද හුඟදෙනෙක් කරන්නේ? මේ ලිපියේ යේසුස්ගේ ඉගැන්වීම් සහ ක්රිස්තියානි කියලා කියන අයගේ අදහස් අතර තියෙන වෙනස පැහැදිලිව පෙන්නලා තියෙනවා.” සඟරාවේ 18වන පිටුවට පෙරළා එහි ඇති ලිපිය පෙන්වන්න.
මුරටැඹ පෙබ. 1
“මම දැන් කියවන්න යන දේට අනුව හැමෝම ජීවත් වුණොත් අපේ සමාජය මීට වඩා හොඳ වෙයි කියලා ඔබ හිතන්නේ නැද්ද? [එෆීස 4:25 කියවන්න. පිළිතුරට ඉඩ හරින්න.] හුඟදෙනෙක් හිතන්නේ බොරු නොකියා බැරි අවස්ථාවල් තියෙනවා කියලා. ඒත් හැම වෙලාවෙම ඇත්ත කතා කරනවා නම් ලැබෙන ප්රයෝජන ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! පෙබ.
“ආගම ගැන සමහරුන්ගේ ආකල්පය වෙනස් වේගෙන යනවා. ක්රිස්තියානි සභා ගැන මිනිසුන්ගේ විශ්වාසය අඩු වෙලා කියලා ඔබ හිතනවද? [පිළිතුරට ඉඩ හරින්න.] බලන්න පාවුල් කිව්ව දේ. [ක්රියා 20:29, 30 කියවන්න.] ඒකට හේතුව පාවුල් හොඳට පෙන්නලා තියෙනවා නේද? මේ සඟරාවේ පැහැදිලි කරනවා ක්රිස්තියානි ආගමේ අනාගතය ගැන.”
මුරටැඹ පෙබ. 15
“සමහරුන්ට හැඟෙන්නේ මිනිස්සු මේ පොළොව විනාශ කරනවා කියලයි. ඔබටත් ඒ වගේ බයක් තියෙනවාද? [පිළිතුරට ඉඩහරින්න.] ඒත් මේකෙ කියන දේ බලන්න. [එළිදරව් 11:18 කියවන්න.] මේ සඟරාවේ පෘථිවියේ විශිෂ්ටත්වය ගැන විතරක් නෙවෙයි ඒකෙ අනාගතය ගැන බයිබලයේ කියන දේත් විස්තර කරලා තියෙනවා.”