සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ පෙබ. 1
“අපි හැමෝටම ජීවත් වෙන්න මුදල් ඕනෑ. නමුත් අපි ඒ ගැන පරෙස්සම් වෙන්නත් ඕනෑ නේද? මේ බලන්න බයිබලයේ කියා තිබෙන දේ. [1 තිමෝති 6:10 කියවා, ඒ ගැන ඔහුගේ අදහස විමසන්න.] මුදල්වලට තණ්හා වෙලා කෙනෙක් නොයෙක් විපත්තිවලට ගොදුරු වෙන්න පුළුවන්. ඒවා ගැනත් ඒවායෙන් වැළකිය හැකි අන්දම ගැනත් මේ මුරටැඹ සඟරාවේ කතා කරලා තියෙනවා.”
පිබිදෙව්! පෙබ.
“අපි හැමෝගෙම පවුල්වල වගේම නෑදෑයන් අතරෙත් වයසක අය ඉන්නවානේ. මහලු වියේ නොයෙක් අමාරුකම් එක්ක ජීවත් වන අයට අත හිත දෙන්න ඕනෑ නේද? [පිළිතුරට ඉඩහරින්න.] ඒ ගැන මේ සඟරාවේ කතා කරලා තියෙනවා. ඒ වගේම මේ අය සම්බන්ධයෙන් අපූරු අනාවැකියක් ඉටු වෙන හැටිත් පෙන්වලා තියෙනවා. මේකයි ඒ අනාවැකිය.” යෝබ් 33:25 කියවන්න.
මුරටැඹ පෙබ. 15
“ඔබට අවස්ථාවක් ලැබුණොත්, ලෝකය පාලනය කිරීම සඳහා කෙනෙකුව තෝරන්න, ඔබ තෝරාගන්නේ කාවද? [පිළිතුරට ඉඩහරින්න.] ඒකට සුදුසු තැනැත්තා තෝරාගන්න අයිතිය තිබෙන්නේ දෙවිටයි. ඒ කවුද කියලා මේ සඟරාවෙන් කියවලා බලන්න. ඒ පාලනය මොන වගේද කියලාත් මෙහි පෙන්වනවා.” යෙසායා 9:6, 7 කියවන්න.
පිබිදෙව්! පෙබ.
“අද මිනිස්සු හුඟක් දෙවිවරුන්ව අදහනවා. ඒත්, යේසුස් ඔහුගේ පියාට යාච්ඤා කරද්දී කිව්වේ මොකක්ද? [යොහන් 17:3 කියවන්න.] ඉන්නේ එකම සැබෑ දෙවිකෙනෙක් විතරක් නම්, අනික් දෙවිවරුන් ගැන අපට කියන්න පුළුවන් මොකක්ද? [පිළිතුරට ඉඩහරින්න.] මේ ලිපියේ බයිබලයේ අදහස පෙන්වනවා.” මෙහි 28-29 පිටුවල ලිපිය පෙන්වන්න.