සඟරා මාර්ගයකදී උනන්දුව වර්ධනය කිරීම
1. සඟරා මාර්ගයක් මගින් උනන්දුව වර්ධනය කිරීමට අපට හැකි වන්නේ කෙසේද?
1 දේවසේවයේදී අපට මුණගැසෙන බොහෝදෙනෙක් අපව සාදරයෙන් පිළිගෙන අපේ පොත් පත් ලබාගන්නේ සතුටින් වුණත් නිතිපතා බයිබල් පාඩමක් කිරීමට නම් ඔවුන් අදිමදි කරනවා. නමුත් සඟරා මාර්ගයක් ඇති කරගැනීමෙන් ඔවුන්ගේ උනන්දුව වර්ධනය කළ හැකියි. සඟරා තබන විට ඒවා ලබාගන්නාගේ නම සහ ලිපිනය ලියාගන්න. ඒවගේම නැවත බලන්න යන දිනය, තැබූ කලාප සහ සාකච්ඡා කළ බයිබල් පදයත් සටහන් කරගන්න. එම තැනැත්තා යම් දෙයක් ගැන උනන්දුව දක්වන බව ඔබට පෙනේ නම් ඒ ගැනද සටහන් කරගන්න. අලුත් සඟරා ලැබෙන විට, නිතිපතා සඟරා ලබාගන්නා අයගේ සිත්ගන්නා කරුණු ඒ කලාපවල තිබේදැයි බලන්න. ඔවුන්ව හමු වෙද්දී එම කරුණු ඔවුන්ට පෙන්වන්න. (1 කොරි. 9:19-23) කලක් යද්දී අපේ සඟරාවලින් ඔවුන් කියවන දේවල් ගැන උනන්දුව වැඩි වී තවත් දේ දැනගන්න ඔවුන් තුළ පෙලඹීමක් ඇති විය හැකියි.
2. ජනයා දැන්ම යෙහෝවාව සෙවීම හදිසි කාරණයක් වී තිබෙන්නේ මන්ද? ඔවුන්ට උපකාර කිරීමට අපට තව කුමන දෙයක් කළ හැකිද?
2 සඟරා කියවීමෙන් පමණක් හුඟදෙනෙක් යෙහෝවාගේ සේවකයන් නොවන බව අපට වැටහී තිබෙනවා. ඒත් ජනයා දැන්ම යෙහෝවාව සෙවීම හදිසි කාරණයක් වී තිබෙන නිසා තවත් කුමන දෙයක් අපට කළ හැකිද? (ශෙප. 2:2, 3; එළි. 14:6, 7) අප සඟරා ලබා දෙන සෑම අවස්ථාවකදීම කල්පනාකාරීව තෝරාගත් බයිබල් පදයක් ඔවුන්ට පෙන්වීමෙන් ඔවුන්ගේ උනන්දුව වර්ධනය කළ හැකියි.
3. (අ) වරකට එක බයිබල් පදය බැගින් යොදාගනිමින් සංවාදයන් කීපයක් ඇති කරගැනීමට අපට සූදානම් විය හැක්කේ කෙසේද? (ආ) ඔබේ බලප්‍රදේශයේ සිටින ජනයාගේ සැලකිල්ලට විශේෂයෙන්ම යොමු වන්නේ කුමන විෂයන්ද?
3 එක් බයිබල් පදයකින් සංවාදයන්: ඔබෙන් නිතිපතා සඟරා ලබාගන්න අය ගැන සිතා බලා එක් එක්කෙනාගේ විශේෂ අවශ්‍යතා අනුව වරකට එක බයිබල් පදය බැගින් යොදාගෙන සංවාදවල නියැලෙන්න. (ෆිලි. 2:4) උදාහරණයක් බලමු. යමෙකුගේ නෑහිතමිතුරෙක් මෑතකදී මිය ගොස් ඇත්නම් කීප වතාවක්ම නැවත බැලීමට යන්න ඔබට හැකියි. මළවුන්ගේ තත්වය ගැනත්, නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැනත් බයිබලයේ සඳහන් දේ ගැන ඒ අවස්ථාවලදී සාකච්ඡා කරන්න පුළුවන්. එක බයිබල් පදයකින් සංවාදය පැවැත්වීමට සූදානම් වීම සඳහා රීසනිං පොතේ “මරණය’ සහ “නැවත නැඟිටීම” යන ප්‍රධාන විෂයන් යටතේ තිබෙන කරුණු සලකා බැලිය හැකියි. ඒ සම්බන්ධව කතා කළ පසු ඒ හා සම්බන්ධ වෙනත් විෂයන් ගැනත් අහන්න ඉඩ තිබෙනවා. එවිට අසනීප, මහලු වයස හා මරණය මුළුමනින්ම නැති වන ආකාරය ගැන කතා කළ හැකියි. ඉලක්කය විය යුත්තේ පුද්ගලයාගේ උනන්දුව ඇති වන විෂයක් සොයාගැනීමයි. ඉන්පසු ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද කියා ක්‍රම ක්‍රමයෙන් පෙන්වන්න.
4. අප බයිබල් පද භාවිත කරන විට ඒවා අවබෝධ කරගැනීමට උපකාර කිරීම වැදගත් වන්නේ මන්ද? අපට එය කළ හැක්කේ කෙසේද?
4 අවබෝධ කරගැනීමට උපකාර කරන්න: එවැනි සංවාදයන් සරලව හා කෙටියෙන් පැවැත්වීම සුදුසුම දේ වුණත් තෝරාගත් බයිබල් පදය කියවීම පමණක් ප්‍රමාණවත් නැහැ. ශුභාරංචිය වටහාගැනීමට නොහැකි වන ලෙස සාතන් ජනයාගේ මනස් අන්ධ කර තිබෙනවා. (2 කොරි. 4:3, 4) බයිබලය ගැන යමක් කමක් දන්නා අයට පවා එහි තිබෙන දේ වටහාගැනීමට උපකාර අවශ්‍යයි. (ක්‍රියා 8:30, 31) එමනිසා බයිබල් පදයේ අදහස පැහැදිලි කිරීමට හා උදාහරණ දීමට කාලය මිඩංගු කරන්න. ඔබ දිව්‍යාණ්ඩු සේවා පාසැලේදී කතාවක් දෙන ආකාරයට එය කළ හැකියි. (ක්‍රියා 17:3) දෙවිගේ වචනය තම ජීවිතයට අදාළ කරගැනීම ප්‍රයෝජනවත් බව තේරුම්ගැනීමට ඔහුට සලස්වන්න.
5. සඟරා මාර්ගයක් බයිබල් පාඩමක් බවට පත් විය හැක්කේ කෙසේද?
5 කෙනෙක් තමන් ඉගෙනගන්නා දෙයින් සතුටක් ලබන බව පෙනේ නම්, නැවත බලන්න යන සෑම වාරයකදීම බයිබල් පද දෙකක් හෝ තුනක් සංවාදයට එක් කරගන්න. ඕනෑ කරන්නේ විවරණිකාව හෝ දැනුම පොත ඉදිරිපත් කිරීමට අවස්ථාවක් සලසගන්න. මෙයාකාරයෙන් යම් කලකට පසුව සඟරා මාර්ගයක් බයිබල් පාඩමක් බට පත් විය හැකියි.