සේවයේ දක්ෂ වීමට සඟරා මාර්ග ඇති කරගන්න
ඒක වැදගත් ඇයි? අපේ සඟරා කියවන හුඟක් අය බයිබල් පාඩමක් කරන්න කැමති නැහැ. ඒකට හේතුව ආගම වෙනස් කරන්න අකමැති නිසා හරි වෙලාවක් නැහැ කියලා හිතන නිසා හරි වෙන්න පුළුවන්. ඒත් ඔවුන් අපේ සඟරා නිතර කියවද්දී දේවවචනයට ආශාවක් ඇති කරගනියි. (1 පේතෘ. 2:2) සඟරාවක තියෙන ලිපියක් කෙනෙක්ගේ හිතට කාවදින්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔහුගේ තත්වයන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අපි දිගටම ඔහුව හම්බ වෙන්න ගිහින් හිතවත් වුණාම අපිට පුළුවන් ඔහු උනන්දු වෙන දේවල් දැනගන්න. එහෙම යද්දී බයිබල් පාඩමක් පටන්ගන්නත් පුළුවන් වෙයි.
මාසය තුළ මෙය අත්හදා බලන්න
සඟරා මාර්ග ඇති කරගන්න පුළුවන් අයගේ නම් ලියාගන්න. ඒ අයට අලුත් සඟරා දීලා ඊළඟ කලාප ගෙනත් දෙන්නම් කියලා කියන්න.