සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ ජූනි 1
“හැමෝම සාමය ගැන කතා කළත් මිනිසා අතරේ සාමය දකින්න නැහැ. සාමය ඇති කරගැනීම සිහිනයක් විතරයි කියා ඔබ සිතනවාද? [පිළිතුරු දීමට ඉඩහරින්න.] මුළු ලෝකයම එක්සත් කළ හැකි රජයක් ගැන මේ සඟරාවේ කතා කරනවා.” ගීතාවලිය 72:7, 8 කියවා මෙය සිදු වන ආකාරය ගැන සාකච්ඡා කිරීමට නැවත හමුවීම සඳහා සැලසුමක් යොදන්න.
පිබිදෙව්! ජූනි 8
“නිරෝගි සෞඛ්‍යයක් පවත්වාගැනීමට ව්‍යායාම් අවශ්‍ය බව හුඟදෙනෙක් අහලා තියෙනවා. ඒත් තමන් ව්‍යායාම් කරන්නේ නැහැ කියලා හුඟදෙනෙක් පිළිගන්නවා. ඔයා මොකක්ද හිතන්නේ? [පිළිතුරු දීමට ඉඩහරින්න.] නිතිපතා ව්‍යායාම් කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන මේ සඟරාවේ පැහැදිලි කරලා තියෙනවා විතරක් නෙවෙයි කාර්ය බහුල ජීවිතයක් ගත කරන අපිට ඒ සඳහා කාලය වෙන් කරගන්න පුළුවන් විදිහ ගැනත් පෙන්වලා තියෙනවා.”
මුරටැඹ ජූනි 15
“හුඟදෙනෙකුගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගතවෙන්නේ රැකියාවටයි. සමහරෙකුට රැකියාවට වඩා වෙනත් දෙයක් තවත් නැහැ. තවත් සමහරෙකුට රැකියාව හිසරදයක්. ඔබට කොයි විදිහටද හැඟෙන්නේ? [පිළිතුරු දීමට ඉඩහරින්න. පසුව දේශනාකාරයා 2:24 කියවන්න.] රැකියාව ගැන සමබර ආකල්පයක් තබාගැනීමට අපට උපකාර කරන්න බයිබලයට හැකි ආකාරය මේ සඟරාවේ පෙන්වනවා. ඒ වගේම එහි රැකියාව නිසා ඇති වන පීඩනකාරී තත්වයන්ට මුහුණ දෙන්නේ කොහොමද කියලත් පෙන්නුම් කරනවා.”
පිබිදෙව්! ජූනි 8
“අද තරුණ අය විවාහ සහකරුවෙක් සොයාගන්න සාමාන්‍ය ක්‍රම අත්හැරලා අන්තර්ජාලය හරහා ආදර සබඳතා පවත්වනවා කියලා ඔබ අහලා තියෙනවාද? අපරාධකරුවන් තමන් කවුද කියන එක සඟවාගෙන අන්තර්ජාලය හරහා මිනිසුන්ව මුළා කරනවා කියලා මේ ලිපියේ අනතුරු අඟවනවා. ශුද්ධ ලියවිල්ලේ ඥානවන්ත උපදෙසක් දෙනවා. [ගීතාවලිය 26:4 කියවන්න.] මම හිතනවා මේ ලිපියත් මේ සඟරාවේ අනෙක් ලිපිවල තිබෙන තොරතුරුත් කියවලා බලන්න ඔබ කැමති වෙයි කියලා.”