හැකි තරම් දෙනෙකුට දේශනා කරන්න
1. හැකි තරම් දෙනෙකුට දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීම සඳහා මුල් ක්‍රිස්තියානීන් කළේ කුමක්ද?
1 යේසුස්ගේ මුල් ගෝලයන් පුළුවන් තරම් උත්සාහ කළේ දේවරාජ්‍යය පිළිබඳ පණිවුඩය සැම තැන පතළ කිරීමටයි. හැකි තරම් දෙනෙකුට රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඔවුන් අවශ්‍ය ප්‍රායෝගික පියවර ගත්තා. ක්‍රිස්තියානි බයිබල් ලේඛකයන් තමන් ලියූ ලිපි ලිව්වේ පොදු ජනයා කතා කළ ග්‍රීක් බසින්. මන්ද ග්‍රීක් භාෂාව තමයි එදා රෝම අධිරාජ්‍යයේ ජාත්‍යන්තර භාෂාව ලෙස සැලකුණේ. ඇරත්, දෙවෙනි සහ තුන්වෙනි සියවස්වල විසූ යේසුස්ගේ උද්යෝගිමත් ගෝලයන්, අතින් ලියන ලද පිටපත් පළමුවෙන්ම පාවිච්චියට ගත් අය හැටියට බොහෝ දුරට අපට සැලකිය හැකියි. ඒ මන්දයත් හකුළන ලද ලියවිලිවලට වඩා අතින් ලියන ලද පිටපත් සහිත පොත් පාවිච්චියට ලෙහෙසි නිසයි.
2, 3. (අ) අපේ කාලවලදී යෙසායා 60:16 ඉෂ්ට වෙමින් තිබෙන්නේ කොහොමද? (ආ) පවිත්‍ර නමස්කාරය වැඩි දියුණු කිරීම සඳහා තාක්ෂණය ප්‍රයෝජනයට ගනිමින් තිබෙන්නේ කොහොමද?
2 තාක්ෂණය යොදාගැනීම: අනාගතවක්තෘ යෙසායා තුළින් යෙහෝවා මෙසේ කියා තිබුණා. “ඔබ ජාතීන්ගේ කිරි උරන්නෙහිය.” (යෙසා. 60:16) යෙහෝවාගේ සේවකයන් ජාතීන්ගේ වටිනා සම්පත් දේශනා සේවය දියුණු කිරීමට ප්‍රයෝජනයට ගැනීම නිසා අද දින මේ අනාවැකිය ඉෂ්ට වෙනවා. උදාහරණයකට, 1914දී බයිබල් ශිෂ්‍යයන් “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” නමැති දර්ශනය පෙන්වන්නට පටන්ගත්තා. මෙය සිදු වුණේ චිත්‍රපට කර්මාන්තය ලාභ උපදවන දෙයක් බවට පත් කරන්නටත් බොහෝ කලකට පෙරයි. නිසල ඡායා දර්ශන ඇතුළත් වර්ණයෙන් නිපදවනු ලැබූ මෙම චිත්‍රපට දර්ශනය පැය අටක් පුරා පෙන්වනු ලැබුවා. මෙය නැරඹූ මිලියන ගණනකට මින් ලැබුණේ ප්‍රබල සාක්ෂියක්.
3 අදත් දෙවිගේ ජනයා භාෂා සිය ගණනකින් බයිබල් හා බයිබල් පොත් පත් මුද්‍රණය කිරීමට අධි වේගී මුද්‍රණ යන්ත්‍ර හා පරිගණක යොදා ගන්නවා. ඒ වගේම දියුණු ප්‍රවාහන ක්‍රම යොදා ගෙන බයිබල් පොත් පත් ලොව පුරා රටවල් 235ක සිටින ජනයා වෙත බෙදා හරිනවා. ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා තාක්ෂණය හොඳින් යොදා ගෙන බයිබල් සත්‍යය වැඩිදෙනෙකු කරා යැවීමට අද දින යෙහෝවා තම බලය තම ජනයාට දානය කර තිබෙනවා.
4. වැඩි දෙනෙකුට ශුභාරංචිය දේශනා කිරීම පිණිස ඇතමුන් තමන්ගේ ජීවිතවල කර තිබෙන සකස් කිරීම් මොනවාද?
4 පෞද්ගලිකව කරන සකස් කිරීම්: ශුභාරංචිය හැකි තරම් දෙනෙකු වෙතට ගෙන යෑම සඳහා දෙවිට නමස්කාර කරන සැබෑ සේවකයන් තමන්ගේ ජීවිතවල යම් යම් පෞද්ගලික සකස් කිරීම් කර තිබෙනවා. වැඩි කාලයක් දේශනා සේවයේ හවුල් වීම සඳහා බොහෝදෙනෙක් තමන්ගේ ජීවිත සරල කරගෙන තිබෙනවා. අවශ්‍යතාව වඩාත් පවතින ප්‍රදේශවලට යෑමටත් ඇතමුන් පියවර ගෙන තිබෙනවා නැත්නම් වෙනත් භාෂාවක් ඉගෙන ගෙන තිබෙනවා. .
5, 6. අපේ සභා ප්‍රදේශයේ හැකි තරම් දෙනෙකුට ශුභාරංචිය දේශනා කිරීමට කුමක් කළ හැකිද?
5 මීට අමතරව, හැකි තරම් දෙනෙකුට දේශනා කළ හැකි තවත් ක්‍රමයක් තමයි, මිනිසුන් නිවෙස්වල සිටින වේලාවල සහ ඔවුන් සිටින තැන්වලට යෑම. අප දිවා කාලයේ සේවයේ යන විට බොහෝදෙනා තම ගෙවල්වල නැත්නම්, සවස් කාලයේ සාක්ෂි දැරීමට ඔබට ඔබේ කාලසටහනේ යම් සකස් කිරීම් කළ හැකිද? මහජනයා ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවලට ගොස් සාක්ෂි දැරීමට පුළුවන්ද? දුරකථනයෙන් සාක්ෂි දැරීමට ඔබ උත්සාහ කර තිබෙනවාද? නැත්නම් කඩ සාප්පුවලට දේශනා කිරීමට හැකිද? ඒ වගේම විවිධ අන්දමින් සාක්ෂි දැරීමට ඔබ අවස්ථාවන් පාදා ගන්නවාද?
6 යෙහෝවාගේ නාමය සහ රාජ්‍යය ගැන උදාර සාක්ෂියක් දීමට ලැබීම අපට මොනතරම් වරප්‍රසාදයක්ද! එසේනම් දේවවචනයේ සඳහන් මෙම ජීවනදායක සත්‍යයන් හැකි තරම් දෙනෙක් සමඟ නොකඩවාම බෙදා ගනිමු! —මතෙ. 28:19, 20.