‘ශුභාරංචිය වෙනුවෙන් සියල්ල කරමු’
1. අප කැමැත්තෙන් සිටින්නේ අන් අය වෙනුවෙන් කුමක් කරන්නද? එසේ කරන්න පෙලඹෙන්නේ කුමක් නිසාද?
1 ජනයාට ශුභාරංචිය දේශනා කිරීම පාවුල් සැලකුවේ තමන්ට පැවරී තිබෙන වගකීමක් ලෙසයි. (1 කොරි. 9:16, 19, 23) ශුභාරංචියට සවන් දීමෙන් මිනිසුන් ලබන සදාකාලික ප්‍රයෝජන ගැන සිතනවා නම් ඔවුන්ට ශුභාරංචිය පවසන්න අප පෙලඹෙනවා.
2. දේශනා සේවයෙන් හොඳ ප්‍රතිඵල ලබන්න නම් අප කුමන වෙනස්කම් කළ යුතුද? එසේ කළ යුත්තේ ඇයි?
2 දේශනා කරන වේලාව සහ ස්ථානය: දක්ෂ මාළු අල්ලන්නෙක් බිලි බාන්නේ හෝ දැල දමන්නේ ඔහුට පහසු වේලාවක ඔහුට පහසු තැනක නොවෙයි. ඔහු මාළු අල්ලන්න යන්නේ මාළු සිටින තැනකට මෙන්ම වැඩියෙන් මාළු අල්ලාගත හැකි වේලාවකයි. ඒ හා සමානව අපත් දේශනා සේවයේ යා යුත්තේ මිනිසුන්ව හමු විය හැකි ස්ථානවලයි. එමෙන්ම මිනිසුන්ව හමු විය හැකි වේලාවකයි. “මිනිසුන් අල්ලන්නන්” හැටියට අප එසේ කිරීමට නම් සේවයේ යන වේලාවන් වෙනස් කරගැනීම අවශ්‍යයයි. එසේ කිරීමෙන් “සෑම වර්ගයකම මසුන්” අල්ලාගැනීමේ සතුට ලබන්න අපටත් පුළුවන්. (මතෙ. 4:19; 13:47) සවස් වී ගොස් මිනිසුන්ව හමු වෙන්න පුළුවන්ද? නැත්නම් උදේ පාන්දර වීදි සේවයේ යෙදෙන්න ඔබට පුළුවන්ද? පාවුල් “ශුභාරංචිය ගැන සම්පූර්ණයෙන් සාක්ෂි දැරීමට” අදිටන් කරගත්තා. ඒ සඳහා ලැබුණු සෑම අවස්ථාවකින්ම ඔහු ප්‍රයෝජන ගත්තා.—ක්‍රියා 17:17; 20:20, 24.
3, 4. අප දේශනා සේවයේ හවුල් වන විට සකස් විය හැක්කේ කුමන ආකාරවලින්ද? එසේ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල මොනවාද?
3 මිනිසුන්ගේ අවශ්‍යතාවට අනුව සාක්ෂි දරන්න: මාළු අල්ලන්නෙක් මාළු වර්ගය අනුව ඇල්ලීමට යොදාගන්නා ක්‍රම වෙනස් කරනවා. ඒ හා සමානව අපගේ ප්‍රදේශයේ මිනිසුන්ගේ සිත්ගන්නා ආකාරයට ශුභාරංචිය ඉදිරිපත් කරන්න අපටත් හැක්කේ කෙසේද? ඒ සඳහා අපේ ප්‍රදේශයේ සිටින වැඩිදෙනෙක් උනන්දුවක් දක්වන දේවල් නැණවත් ලෙස යොදාගත යුතුයි. ඉන්පසු ඔවුන් ඒ ගැන පවසන දේවලට සවන් දිය යුතුයි. (යාකො. 1:19) ඔවුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට පෙලඹීමක් ඇති කරන ප්‍රශ්න ඇසිය හැකියි. (හිතෝ. 20:5) මේ ආකාරයට අප සාක්ෂි දරනවා නම් එක් එක් පුද්ගලයාගේ සිතට කාවදින ආකාරයෙන් ශුභාරංචිය ඉදිරිපත් කරන්න අපට හැකියි. “සියලු ආකාරයේ පුද්ගලයන්ට මම සියල්ල වුණෙමි” කියා පාවුල්ද පැවසුවේ ඒ නිසයි. (1 කොරි. 9:22) මිනිසුන්ගේ සිත්වලට කාවදින ආකාරයෙන් ශුභාරංචිය පවසන්න නම් ඔවුන්ගේ තත්වයන්ට අනුව අප සකස් විය යුතුයි.
4 “යහපත් කාලයක් ගැන ශුභාරංචි” පැවසීමෙන් ලැබෙන ප්‍රීතිය මොන තරම්ද! (යෙසා. 52:7, NW) “සියල්ල කරන්නේ ශුභාරංචිය වෙනුවෙන්ය” කියා පැවසූ පාවුල් මෙන් අපත් හැකි තරම් දෙනෙකුව හමු වී සාක්ෂි දරමු.—1 කොරි. 9:23.
[3-6වන පිටුවේ වගුව]
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ 2008 සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව
(See publication)