ඔබේ කාලසටහන සකස් කරගන්න පුළුවන්ද?
1. සාක්ෂි දැරීමට ඔබට ඔබේ කාලසටහන සකස් කරගත යුත්තේ මන්ද?
1 සැබෑ ක්‍රිස්තියානීන් වශයෙන්, “මිනිසුන් අල්ලන්නන්” වීමට අපට ආරාධනා කර තිබෙනවා. (මතෙ. 4:19) ධීවරයෙකු මාළු සිටින වේලාවක දැල් දමනවා සේ, අපත් මිනිසුන් නිවෙස්වල සිටින වේලාවල සාක්ෂි දැරීමට යෑම ඉතා සුදුසුයි. මේ සඳහා අපි අපේ කාලසටහන් සකස් කරගැනීම අවශ්‍යයි. සාමාන්‍යයෙන් සවස් කාලයේ වැඩිදෙනෙක් තම නිවෙස්වල සිටිනවා. බොහෝවිට ඔවුන් සිටින්නේ නිස්කලංකව හා ගෙදරට එන අමුත්තන්ව පිළිගැනීමට පුළුවන් මානසිකත්වයකයි. එසේනම්, එවන් වේලාවලදී සාක්ෂි දැරීමට ඔබට පුළුවන්ද?—1 කොරි. 9:23.
2. ශුභාරංචිය වැඩි දෙනෙකුට බෙදා දිය හැකි සමහරක් ක්‍රම මොනවාද?
2 සවස් කාලයේ සාක්ෂි දැරීම: සවස් කාලයේ සාක්ෂි දැරීමෙන් හුඟදෙනෙකුව හමු වෙන්න පුළුවන්. (හිතෝ. 21:5) පාසැල් වේලාවෙන් පසුව සාක්ෂි දැරීමේ හවුල් වීමට යෞවනයන්ට හැකියි. තවත් අයට රැකියා කාලයෙන් පසුව පුළුවන්. තවත් සමහර පොත් පාඩම් කණ්ඩායම්වලට හැකියි, පොත් පාඩමට පෙර පැයක් පමණ සේවයේ යෙදෙන්න.
3. ඔබේ ප්‍රදේශයේ සවස් කාලයේදී සාක්ෂි දැරීමට හැකි ක්‍රම මොනවාද?
3 සවස් කාලයේ ගෙයින් ගෙට සාක්ෂි දැරීමට උත්සාහ කරනවා නම්, සාමාන්‍යයෙන් වෙනත් වේලාවල නිවෙස්වල නැති අයවත් හමු වෙන්න පුළුවනි. බොහෝ ප්‍රදේශවල වීදි සේවය හා ප්‍රසිද්ධ ස්ථානවල සාක්ෂි දැරීම කෙරෙන්නේ සවස් කාලයේයි. බොහෝදෙනෙක් නැවත බැලීම් සහ බයිබල් පාඩම් පවත්වන හොඳම වේලාව සවස් කාලයයි.
4. සවස් කාලයේ සාක්ෂි දරද්දී තත්වයන් තේරුම්ගෙන සැලකිලිමත් වීම වැදගත් මන්ද?
4 තත්වයන් තේරුම්ගන්න: සවස් කාලයේ සාක්ෂි දැරීමේදී කල්පනාකාරී වන්න. සවස් කාලයේදී රෑ බෝවීමට කලින් ගෙයින් ගෙට යෑම නතර කිරීම හොඳයි. (ෆිලි. 4:5) දොරට තට්ටු කරද්දී, ගෙවැසියාට ඔබව හොඳින් පෙනෙන තැනක සිටගන්න. ඔබවම පැහැදිලි ලෙස හඳුන්වා දෙන්න. ඔබ ආ හේතුව ඉක්මනින්ම කියන්න. ඔබ ආ වේලාව එතරම් සුදුසු වේලාවක් නොවේ නම්, වෙනත් වේලාවක යන්න. සෑමවිටම සැලකිලිමත් වීම හා කල්පනාකාරී වීම අවශ්‍යයි.—මතෙ. 7:12.
5. සාක්ෂි දැරීමේදී ඇති විය හැකි අන්තරාවලින් අප වළකින්නේ කෙසේද?
5 තිබිය හැකි අන්තරාවන් ගැනත් හිතන්න. කළුවර වැටුණායින් පසු සාක්ෂි දැරීම නුවණට හුරු දෙයක් නොවේ. හැකි තරම් දුරට කණ්ඩායම් වශයෙන් සේවය කිරීම හොඳයි. කළුවර පාළු වීදිවල තනිවම සේවයේ යෙදෙන්න එපා. සවස්කාලයේදී සමහරක් තැන්වලට යෑම එතරම් සුදුසු නැති නිසා, ඒ ගැනත් හිතන්න. සුදුසුම දේ නම් අන්තරාවක් නැතැයි ඔබට පෙනෙන තැන්වල පමණක් සේවය කිරීමයි.—හිතෝ. 22:3.
6. සවස් කාලයේදී සාක්ෂි දැරීමෙන් ලැබිය හැකි අමතර ප්‍රයෝජන මොනවාද?
6 සවස් කාලයේදී දේශනා කරද්දී හුඟදෙනෙකුව හමුවෙන්න පුළුවන්. ඒ වගේම අපට උපකාරික හා ස්ථාවර පුරෝගාමීන් සමඟ වැඩ කරන්නටත් අවස්ථාව ලැබෙනවා. (රෝම 1:12) මේ නිසා ඔබට සවස් කාලයේදී සාක්ෂි දැරීමට කාලසටහන සකස් කරගන්න පුළුවන්ද?