තත්වයට අනුව වෙනස් වෙන්න ඔබ කැමතිද?
1. ලෝකයේ වාතාවරණය වෙනස් වෙද්දී අපි මොන වගේ වෙනස්කම් කරන්න ඕනෙද?
1 මේ ලෝකයේ වාතාවරණය වෙනස් වෙමින් පවතිනවා කියලා පාවුල් කිව්වා. (1 කොරි. 7:31) ලෝකයේ වාතාවරණය වෙනස් වෙද්දී ඒ අනුව අපි දේශනා කරන ක්‍රම, සේවයේ යන වෙලාව සහ අපි එළඹෙන විදහ වෙනස් කරගන්න ඕනෙ. තත්වයට අනුව වෙනස් වෙන්න ඔබත් කැමතිද?
2. සංවිධානය යන වේගයට අනුව ගමන් කරන්න අපි හැඩගැසිය යුත්තේ ඇයි?
2 දේශනා කරන ක්‍රම: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඕනෑම තත්වයකට අනුව හැඩගැහෙන සෙනඟක්. යේසුස් තම ගෝලයන්ව සේවයට යවද්දී මුලින් කිව්වේ කෑම සහ මුදල් පසුම්බියක් ගන්න එපා කියලා. (මතෙ. 10:9, 10) ඒත් පසුව, ඉදිරියේදී මුහුණ දෙන්න සිදු වන විරුද්ධවාදිකම් නිසාත් දුර ඈත පළාත්වල දේශනා කරන්න සිදු වන නිසාත් ඔහු එම උපදෙස වෙනස් කළා. (ලූක් 22:36) පසුගිය සියවස පුරා යේසුස් මෙන් දෙවිගේ සංවිධානයත් දේශනා කරන ක්‍රම කාලයේ අවශ්‍යතාවයට අනුව වෙනස් කළා. උදාහරණෙකට බයිබලයේ පණිවිඩය ඇතුළත් කාඩ්පත්, ශබ්දවාහිනී සවි කළ කාර් සහ ගුවන්විදුලිය වැනි ක්‍රම එදා යොදාගත්තා. ඒත් මිනිස්සු අද හුඟක් වෙලාවට ගෙවල්වල නැති නිසා අවිධිමත්වත් පොදු ස්ථානවලත් හවස් වරුවෙත් සාක්ෂි දරන්න කියලා සංවිධානය අපිට උනන්දු කරනවා. යෙහෝවා දෙවිගේ ස්වර්ගික රථය වේගයෙන් ඉදිරියට ගමන් කරද්දී අපිත් ඒ වේගයට අනුව හැඩගැහෙනවාද?—එස. 1:20, 21.
3. තත්වයට අනුව හැඩගැහීමෙන් සේවය සාර්ථක කරගන්න පුළුවන් කොහොමද?
3 එළඹීම: මොන වගේ දේවල්වලටද ඔබේ ප්‍රදේශයේ අය උනන්දු වෙන්නේ? ආර්ථිකය ගැනද? පවුල් ජීවිතේ ගැනද? සමාජයේ සිදු වෙන අපරාධ ගැනද? ප්‍රදේශයේ අය මුහුණ දෙන ගැටලු සහ තත්වයන් ගැන අවධානයෙන් ඉන්නවා නම් අපේ එළඹීම ඒ අනුව සකස් කරගන්න පුළුවන්. (1 කොරි. 9:20-23) අපි ගෙදරදී යම් ඉදිරිපත් කිරීමක් ලෑස්ති වෙලා ගියත් නිවැසියාගේ අවශ්‍යතාවයට අනුව එළඹීම සකස් කරගෙන කතා කරද්දී කොච්චර හොඳ ප්‍රතිඵල ලැබෙයිද කියලා ටිකක් හිතලා බලන්න.
4. අපි ඉක්මනින්ම තත්වයට අනුව හැඩගැහෙන්න ඕනේ ඇයි?
4 මහත් පීඩාව ඉතාම ළඟදී ආරම්භ වෙනවා. ‘ඉතුරු වී තිබෙන්නේ තව කෙටි කාලයයි.’ (1 කොරි. 7:29) ඒ නිසා කල් නොදමා තත්වයට අනුව අපි ඉක්මනින්ම හැඩගැහෙන්න ඕනෙ. එහෙම කළොත් ඉතුරු වෙලා තියෙන සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අපිට පුළුවන්.