ඔබ අත්පත්රිකාවලින් ප්‍රයෝජන ගන්නවාද?
එක්තරා 11 හැවිරිදි පිරිමි ළමයෙක් නිරය නමැති විෂය ගැන ප්‍රසිද්ධ දේශනයක් සම්බන්ධයෙන් දැනුම් දී තිබූ අත්පත්‍රිකාවක් අහුලාගත්තා. “මේක මගේ සිතට තදින් කාවැදුණා. මම හැමවිටම වැරදි කරන හින්දා මං කවදාහරි මැරුණාම නිරයට යයි කියලා මම භයෙනුයි හිටියේ.” ඔහු පසුව විස්තර කළේ එහෙමයි. ඔහු එම දේශනයට ගියා. බයිබල් පාඩම් කිහිපයක් කර වසරකට පමණ පසුව ඔහු බව්තීස්ම වුණා. පසුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙකු හැටියට වසර ගණනාවක් සේවය කළ කාල් ක්ලයින්ගේ ක්‍රිස්තියානි ජීවිතය ආරම්භ වුණේ එහෙමයි. මේ සියල්ලම සිද්ධ වුණේ කුඩා අත්පත්‍රිකාවක් නිසයි.
අත්පත්‍රිකා බෙදා දීම අද දිනත් සාක්ෂි දැරීමට ඉතා ප්‍රබල ක්‍රමයක්. අත්පත්‍රිකාවක් අමුත්තෙකු අතට දීමෙන් ඔහු සමඟ ලෙහෙසියෙන් කතා කළ හැකි බව බොහෝ ප්‍රචාරකයන් පිළිගන්නවා. දෙමාපියන්ට හැකියි තම දරුවන්ට අත්පත්‍රිකාවක් ගෙවැසියෙකුට බෙදා දීමට පුහුණුවක් දෙන්න. ලිපි මාර්ගයෙන් සාක්ෂි දරන ප්‍රචාරකයන්ටත් ලියුම් කවරයේ මෙවැනි අත්පත්‍රිකාවක් බහාලීම ඉතා පලදායක වී තිබෙනවා. ඇත්තෙන්ම, බයිබල් ශිෂ්‍යයන්ට මෙන්ම උනන්දුව දක්වන අනෙකුත් අයට රැස්වීම්වලට පැමිණෙන ලෙස ආරාධනා කිරීම සඳහා මෙය කදිම ක්‍රමයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
ඔබ ඔබේ සේවයේදී අත්පත්රිකාවලින් හොඳින් ප්‍රයෝජන ගන්නවාද?