“ගැලවීම අත ළඟයි!” දිස්ත්‍රික් සමුළුව ප්‍රචාරය කිරීමට ලොව වටා ව්‍යාපෘතියක්
සෑම සභාවකම සිටින ප්‍රචාරකයන් විසින් බෙදාහැරීමට නියමිත විශේෂ අත් පත්‍රිකාවක්
1 වර්ෂ 2006 මුල් අවදියේ පටන් රටවල් 155ක පමණ පැවැත්වීමට නියමිත සියලුම දිස්ත්‍රික් සමුළු අවසන් වන තුරු ඒවා ගැන විශේෂ අත් පත්‍රිකාවක් සමඟින් ප්‍රචාරයක් දීමට ලොව පුරා ව්‍යාපෘතියක් දියත් කිරීමට නියමිතයි. වර්ෂ 2006 ජූලි මාසයේ පටන් අගෝස්තු මාසයේ මුල් සතිය දක්වා ජර්මනිය, චෙක් සමූහාණ්ඩුව සහ පෝලන්තයේ පැවැත්වෙන විශේෂ සමුළුද මෙම ව්‍යාපෘතියට ඇතුළත්ය.
2 අප ජීවත් වෙන්නේ අන්තිම කාලයේ අන්තිම පැයේයි. මේ දුෂ්ට සමාජ ක්‍රමයෙන් බේරී දෙවි පොරොන්දු කරන ලද ගැලවීම ගැන විශේෂයෙන් අවධාරණය කරන මේ සමුළු, සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක් ඇති අයට තදින් කාවැදිය යුතුයි. අනාගතයේදී සිදුවීමට යන දේවල් ගැන කල්පනා කර බැලීමට මෙම පණිවුඩය ඔවුන්ව පෙලඹවිය යුතුයි. මිලියන ගණනක් ජනයාට සැනසීමේ හා බලාපොරොත්තුවේ පණිවුඩයක් ඇසීමට ප්‍රස්තාවක් උදා කිරීම පිණිස, ලොව වටා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා 98,000කට වඩා වැඩි ගණනකට ආරාධනා කරනු ලබන්නේ තමන් සහභාගි වීමට නියමිත සමුළුව ගැන උද්යෝගයෙන් ප්‍රචාරය කරන ලෙසටයි.
3 එක් ප්‍රචාරකයෙකුට පත්‍රිකා 50ක් පමණ බෙදාදීමට හැකි වන පරිද්දෙන් අත් පත්‍රිකා තොගයක් සෑම සභාවකටම එවනු ලබනවා ඇත. අත් පත්‍රිකා ඉතිරි වේ නම්, ඒවා සභාවේ පුරෝගාමීන් විසින් බෙදා දිය හැකියි. සෑම සභාවක්ම තමන් සහභාගි වීමට නියමිත සමුළුවේ පළමු දවසට සති තුනකට ඉහතදී මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනවා ඇත. සභාවේ බල ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් පියවීමට මේ මගින් ප්‍රමාණවත් කාලයක් ලැබේවි.
4 හැකි තරම් දුරට ගෙවැසියන්ගේ අතටම මෙම අත් පත්‍රිකා දෙන ලෙසට අපි යෝජනා කරමු. කෙසේවෙතත්, යමෙක් නිවසේ නැත්නම්, කල්පනාකාරීව අත් පත්‍රිකාවක් ගේ දොර අසල තබා ඒමට ප්‍රචාරකයන්ට හැකියි. මේ සති තුන ඇතුළත අත් පත්‍රිකා සියල්ලම බෙදාදීමට හැකි උපරිම උත්සාහය ගත යුතුය.
5 “ගැලවීම අත ළඟයි!” නමැති දිස්ත්‍රික් සමුළුව ගැන ප්‍රචාරය කිරීමට අප ගන්නා මේ උත්සාහයේදී මහත් සාක්ෂියක් දීමට හැකි වේය යන්න අපේ විශ්වාසයයි. ලොව වටා මෙම ව්‍යාපෘතියට හවුල් වීම සඳහා ඔබ පෞද්ගලිකව දරන උත්සාහයට යෙහෝවාගේ මහඟු ආශීර්වාද ලැබේවායි අපි යාච්ඤා කරන්නෙමු.