යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න දරුවන්ට උගන්වන්න
1. කුඩා දරුවන්ට යෙහෝවා දෙවිට ප්‍රශංසා කළ හැකිද?
1 ගීතාවලිය 148:12, 13හි දරු දැරියන්ට උනන්දු කරන්නේ “යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා” කිරීමටයි. එසේ කළ කුඩා දරුවන්ගේ ආදර්ශ කීපයක් බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට, “ළමයෙක් වූ සාමුවෙල් යෙහෝවා දෙවි ඉදිරියේ සේවය කළේය.” (1 සාමු. 2:18) ඊශ්‍රායෙලයේ සිටි යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙකුට නාමන්ගේ ලාදුරු රෝගය සුව කළ හැකි බව නාමන්ගේ බිරිඳට පැවසුවේ “කුඩා දැරියක්.” (2 රාජා. 5:1-3, නව ලොව පරිවර්තනය) යේසුස් දේවමාලිගාවට ඇතුල් වී බලවත් ක්‍රියා කළ විට “දාවිත්ගේ පුත්‍රයාව ආරක්ෂා කරන්න!” කියා හඬ නඟා පැවසුවේ “පිරිමි දරුවන්.” (මතෙ. 21:15) දරුවන්ට දෙවිට ප්‍රශංසා කිරීමට උගන්වන්න දෙමාපියන්ට හැකි වන්නේ කෙසේද?
2. දෙමාපියන් තම දරුවන්ට හොඳ ආදර්ශයක් තැබීම වැදගත් වන්නේ මන්ද?
2 ආදර්ශයක් තබන්න: දරුවන්ගේ සිත්වලට සැබෑ විශ්වාසයන් කාවද්දන්න පෙර තමන්ගේ මුළු සිතින් යෙහෝවා දෙවිට ප්‍රේම කරන්න, ඔහුගේ ආඥා තමන්ගේ සිත්වලට කාවද්දවාගන්න කියායි ඊශ්‍රායෙලයේ පියවරුන්ට උපදෙස් දී තිබුණේ. (ද්වි. 6:5-9) ඔබ නිතර දේවසේවයේ වැදගත්කම ගැන කතා කරන අතර සතිපතා දේවසේවයේ යෙදෙනවා නම්, ඔබ ඉන් ලබන තෘප්තිය දකින දරුවන් එහි ඇති වැදගත්කමත් තේරුම්ගනියි.
3. එක් සහෝදරියක් ඇගේ දෙමාපියන්ගේ ආදර්ශයෙන් ප්‍රයෝජන ලැබුවේ කෙසේද?
3 එක් සහෝදරියක් ආශාවෙන් මතකයට නඟන්නේ මෙයයි. “මගේ කුඩා කාලේ ඉඳලම අපේ පවුලේ අය හැම සති අන්තයකම දේවසේවයේ හවුල් වුණා. මගේ දෙමාපියන් දේශනා සේවයෙන් අද්දැක්ක ප්‍රීතිය මම දැක්කා. දේවසේවයෙන් සතුටක් ලැබිය හැකි බව අපිටත් දැනුණා.” මෙම සහෝදරිය බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වුණේ වයස අවුරුදු හතේදියි. මේ වන තෙක් වසර 33ක් පුරා ඇය පූර්ණ කාලීන දේවසේවයේ යෙදෙමින් සිටිනවා.
4. ක්‍රමානුකූලව දරුවන්ව පුහුණු කරන්නේ කෙසේද?
4 ක්රමානුකූල පුහුණුව: ඔබේ දරුවන් සමඟ දේවසේවයේ යෙදෙන විට ඔවුන්වත් හවුල් කරගන්න. දොර සීනුව නාද කිරීම, නිවැසියාට පත්‍රිකාවක් දීම හෝ බයිබල් පදයක් කියවීම වැනි දෙයක් කිරීමට දරුවන්ට හැකියි. එමගින් ඔවුන්ට ප්‍රීතියක් ලැබෙනවා පමණක් නොව රාජ්‍යයේ පණිවිඩය අන් අයට පැවසීමට තමන්ට හැකියාවක් තිබෙන බවටත් නිසැකකමක් ලැබෙයි. ටිකෙන් ටික වැඩෙද්දී ඔවුන්ගේ සහභාගිත්වයත් වැඩි විය යුතුයි. එමනිසා දේවසේවය දියුණු කරගැනීමටත්, ඒ සඳහා ඉලක්ක තබාගැනීමටත් ඔවුන්ට මඟ පෙන්වන්න.
5. දරුවෙකුට බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?
5 ඔබේ දරුවන් බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් වීම සඳහා සුදුසු බව පෙනේ නම්, ඔවුන් තුළත් ඊට ආශාවක් ඇත්නම් අප්‍රමාදව වැඩිමහල්ලන්ට ඒ ගැන පවසන්න. ප්‍රචාරකයන් වීමෙන් යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමේ වගකීම තමන්ටත් තිබෙනවා යන කාරණය ඔවුන්ගේ සිත්වලට කාවදියි. සුදුසුකම් ලැබීමට බව්තීස්ම වූ වැඩිහිටියන්ට තිබෙන දැනුමම ඔවුන්ටත් තිබීම අවශ්‍ය නැති බව මතක තබාගන්න. ඔබේ දරුවා බයිබලයේ ඇති මූලික ඉගැන්වීම් වටහාගෙන සිටිනවාද? හොඳ නරක පිළිබඳව බයිබලයේ සඳහන් ප්‍රමිති පිළිපදිනවාද? දේවසේවයේ හවුල් වෙමින් තමාව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකු ලෙස හඳුන්වා දීමට දරුවා කැමතිද? එසේනම් එම දරුවා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙකු වීමට සුදුසුකම් ලබා ඇති බව වැඩිමහල්ලන් තීරණය කරාවි.—යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම නමැති පොතේ 77 සිට 83 දක්වා පිටු සඳහා 2006 නොවැම්බර් රාජ්‍ය සේවාවේ 7වන පිටුව බලන්න.
6. දෙමාපියන් තම දරුවන්ව පුහුණු කිරීම වටිනා දෙයක් වෙන්නේ ඇයි?
6 හද පත්ලෙන්ම දෙවිට ප්‍රශංසා කරන්න දරුවන්ට ඉගැන්වීම සඳහා වෑයම අත්‍යවශ්‍යයි. තම දරුවන් දෙවිගේ නමස්කාරය තුළ වැඩිදියුණු වෙනවා දැකීම තරම් වෙනත් ප්‍රීතියක් දෙමාපියන්ට ඇද්ද? ඊටත් වඩා යෙහෝවා දෙවිගේ පුදුමාකාර ක්‍රියා ගැන දරුවන් පවසද්දී මොන තරම් සතුටක් ඔහු ලබනවාද?