“ක්‍රියාකාරකම්වලට මඟ පාදන විශාල දොරක්”
1. අපට විවෘත වී තිබෙන්නේ “ක්‍රියාකාරකම්වලට මඟ පාදන” කුමන ‘විශාල දොරද?’
1 පාවුල්ට එම දොර විවෘත වූ විට විරුද්ධකාරයෝ බොහෝදෙනෙක් සිටියත් ඔහු දේශනා කිරීමට හැකි සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත්තා. (1 කොරි. 16:9) අද ලොව වටා සිටින රාජ්‍ය ප්‍රචාරකයන් 6,42,000ක් පමණ එම විශාල දොරෙන් ඇතුල් වී ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගෙන තිබෙනවා.
2. විටින් විට අපේ පෞද්ගලික තත්වයන් සෝදිසි කිරීම සුදුසු වන්නේ ඇයි?
2 හැමදාම එක වගේ නැහැ: අද අපි එක එක්කෙනාගේ පෞද්ගලික තත්වයන් නිසා වැඩි සේවයක් කරන්න බැරි වුණත් හෙට එහි වෙනසක් ඇති විය හැකියි. එමනිසා කරදරයක් නැති කාලයක් එන තෙක් බලා සිටින්නේ නැතුව විටින් විට අපේ පෞද්ගලික තත්වය ගැන කල්පනා කිරීම සුදුසුයි. (දේශ. 11:4) ඔබ පාසැල් අධ්‍යාපනය අවසන් කරන්න ළඟ කෙනෙක්ද? ඔබේ දරුවන් ළඟදීම පාසැල් යන්න පටන්ගන්නවාද? ඔබ තව නොබෝ දිනකින් රැකියාවෙන් විශ්‍රාම යනවාද? එවැනි වෙනස්කම් නිසා සමහරවිට ඔබට ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගැනීමට අතිරේක කාලයක් ලැබේවි. කලින් අසනීපව සිටි 89-හැවිරිදි සහෝදරියක් පුරෝගාමි සේවයට ඇතුල් වෙන්න තීරණයක් ගත්තා. ඊට හේතුව රෝහල්ගත වීමට තරම් අසනීපයක් අවුරුද්දක් වැනි කාලයක් පුරා ඇයට හැදුණේ නැති නිසායි. ඒ නිසා ඇය සිතුවා පුරෝගාමි සේවය කරන්න තරම් හොඳ සෞඛ්‍යයක් දැන් ඇයට තිබෙනවා කියා.
3. ස්ථාවර පුරෝගාමි සේවයේ යෙදීමට සමහරු කර තිබෙන වෙනස්කම් මොනවාද?
3 කොරින්තියේ සිටි සහෝදරයන්ව බැහැදැකීමට පාවුල් කලින් සිතාගෙන සිටියා. නමුත් ශුභාරංචිය වෙනුවෙන් ඔහු අදහස වෙනස් කරගත්තා. අද දින ස්ථාවර පුරෝගාමි සේවයේ යෙදෙන බොහෝදෙනෙක් එම සේවයේ යෙදෙන්නේ යම් වෙනස්කම් කළ නිසයි. සමහරු තමන්ගේ ජීවිතය සරල කරගත්තේ, අර්ධ-කාලීන රැකියාවෙන් තමන් ලබන වැටුපට වඩා වියදම් කිරීමට සිදු නොවන ජීවිතයක් ගත කිරීමටයි. ඔවුන්ට ලැබී තිබෙන සේවා වරප්‍රසාදයෙන් ඔවුන් ඉමහත් ප්‍රීතියක් ලබනවා. (1 තිමෝ. 6:6-8) සමහර විවාහක යුවළයන් තීරණයක් ගෙන තිබෙන්නේ සැමියා පමණක් රැකියාවක නිරත වීමෙන් බිරිඳට පුරෝගාමි සේවයට දොර විවෘත කිරීමටයි.
4. පැය ගණන සම්පූර්ණ කිරීමට නොහැකි වෙයි කියා සිතෙනවා නම් කුමක් කළ හැකිද?
4 පැය සම්පූර්ණ කිරීමට නොහැකි වෙයි කියා සිතමින් පුරෝගාමි සේවයේ නියැලීමට තිබෙන අදහස අත්හැර දමන්න එපා. අවශ්‍ය වන්නේ දවසකට පැය දෙකකට වඩා ටිකක් වැඩි කාලයක් පමණයි. මෙය කිරීම අමාරුයි කියා හැඟෙනවා නම්, පැය 70 ඉලක්කය තබාගෙන මාසයක් හෝ දෙකක් උපකාරික පුරෝගාමි සේවයේ යෙදී බලන්න. එවිට ඔබට පුරෝගාමි සේවයෙන් ලැබෙන ප්‍රීතිය අද්දැකිය හැකි වෙයි. (ගීතා. 34:8) දැනටමත් පුරෝගාමි සේවයේ යෙදෙන අයගෙන් විමසා බලන්න. ඔබට ඇති අභියෝගයන්වලට ඔවුනුත් කලින් මුහුණ දී ඇති. (හිතෝ. 15:22) දේවසේවය පුළුල් කිරීමට ඔබ දරන වෑයමට යෙහෝවා දෙවිගේ ආශීර්වාදයත් අයදින්න.—1 යොහ. 5:14.
5. ස්ථාවර පුරෝගාමි සේවය අගනා සේවයක් වන්නේ ඇයි?
5 අගනා සේවයක්: ස්ථාවර පුරෝගාමියෙකු ලෙස සේවය කිරීමෙන් ආශීර්වාද රැසක් අත් වෙනවා. ඔබට හැකි වෙයි වැඩිපුර දීමෙන් වැඩි සන්තෝෂයක් අද්දකින්න. (ක්‍රියා 20:35) පුරෝගාමි සේවය, දෙවිගේ වචනය හරියාකාරව හැසිරවීමේ හැකියාව වැඩි කරයි. (2 තිමෝ. 2:15) ඔබ වෙනුවෙන් යෙහෝවා දෙවිගේ හස්තය දිගු කර තිබෙන බව දකින්නත් එයින් බොහෝ ප්‍රස්තා විවෘත වෙයි. (ක්‍රියා 11:21; ෆිලි. 4:11-13) විඳදරාගැනීම වැනි ගුණාංග දියුණු කරගැනීමටත්, යෙහෝවා දෙවිට වඩාත් ළංවීමටත් පුරෝගාමි සේවය පිටුවහලක් වෙනවා. (යාකො. 4:8) ක්‍රියාකාරකම්වලට මඟ පාදන මේ විශාල දොරටුවෙන් ඇතුල් වී ස්ථාවර පුරෝගාමියෙක් වෙන්න ඔබටත් හැකිද?