සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! මැයි
“අප කරන කියන දේ හා අපේ ඉරණම තීරණය කරලා තියෙන්නේ දෙවියන් කියලා ඔබ සිතනවාද? [පිළිතුරට ඉඩහරින්න.] තමන් ජීවත් විය යුතු විදිහ තීරණය කිරීමට දෙවි මිනිසුන්ට ඉඩහරින බවයි මේ බයිබල් පදයේ පෙන්වන්නේ. [ද්විතීය කතාව 30:19 කියවන්න.] මේ ගැන බයිබලයේ පවසන දේ මේ ලිපියෙන් කියවා බලන්න.” සඟරාවේ 12වන පිටුවට හරවා එම ලිපිය පෙන්වන්න.
මුරටැඹ ජූනි 1
“දුෂ්ට දේවල් කරන අය ගැන අපිට හැමදාම වගේ අහන්න ලැබෙනවා. [මෑතකදී අප රටේ සිදු වුණ දෙයක් සඳහන් කරන්න.] මේ දේවල්වලට මිනිසාව පොලඹවන යම් නොපෙනෙන බලවේගයක්වත් තිබෙනවාද කියා ඔබ හිතලා තියෙනවාද? [ප්රතිචාරයට ඉඩහැර පසුව එළිදරව් 12:12 කියවන්න.] මේ සඟරාවේ අපිට ආරක්ෂා වෙන්න පුළුවන් විදිහ ගැන පැහැදිලි කරනවා.”
පිබිදෙව්! ජූනි
“මම දැන් කියවන දේ ගැන ඔබේ අදහස දැනගන්න මං කැමතියි. [1 තිමෝති 6:10 කියවන්න.] මුදල් පසුපස හඹා යෑම අනතුරුදායක බව ඔබට හැඟෙනවාද? [පිළිතුරට ඉඩහරින්න.] මුදල්වලට වහල් වීමෙන් අද්දකින කටුක දේවල් ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
මුරටැඹ ජූනි 15
“අද ඉන්න හුඟදෙනෙක් හරි වැරැද්ද තීරණය කරන්නේ තම තමන්ට ඕන විදිහට බව ඔබ දකිනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] මේ සම්බන්ධයෙන් එදා මෙන් අදටත් ගැළපෙන මඟ පෙන්වීමක් බයිබලයේ දීලා තියෙනවා. [හය හා හත්වන පිටුවල කොටුවේ තිබෙන බයිබල් පදයක් කියවන්න.] බයිබලයේ හරි වැරැද්ද ගැන දීලා තියෙන ප්රමිතිවලින් අපිට ලැබෙන ප්රයෝජන ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”