අපි නැවත නැවත යා යුත්තේ ඇයි?
1. අපේ සේවය සම්බන්ධයෙන් අපි සලකා බැලිය යුතු ප්රශ්නය කුමක්ද?
1 බොහෝ සභා ඔවුන්ගේ බලප්‍රදේශයේ නිතර නිතර සේවයේ හවුල් වෙනවා. යෙහෝවා දෙවි ගැන දැනගන්න තමන් කැමති නැහැ කියා ගෙවැසියන් පැවසුවත් අපි එම නිවෙස්වලට නැවත නැවත යනවා. අපිට සවන් නොදෙන අයගේ නිවෙස්වලට පවා අපි දිගටම යන්නේ ඇයි?
2. අපි අත් නෑර සේවය කරගෙන යෑමට තිබෙන ප්‍රධානතම හේතුව කුමක්ද?
2 යෙහෝවා දෙවිට සහ ජනයාට තිබෙන ප්‍රේමය: අපි අත් නෑර සේවයේ හවුල් වීමට තිබෙන ප්‍රධානතම හේතුව නම් යෙහෝවා දෙවිට තිබෙන අපේ ප්‍රේමයයි. අන් අයට ශ්‍රේෂ්ඨ දෙවි ගැන දිගටම පවසන්න අපි නිතැතින්ම පෙලඹෙනවා. (ලූක් 6:45) අපි දෙවිගේ ආඥාවලට කීකරු වන්නෙත් අන් අයටද එසේ කිරීමට උපකාර කරන්නෙත් දෙවිට තිබෙන ප්‍රේමය නිසයි. (හිතෝ. 27:11; 1 යොහ. 5:3) අපි විඳදරාගනිමින් අත් නෑර සේවය කරගෙන යෑම තීරණය වන්නේ මිනිසුන්ගේ ප්‍රතිචාරය මත නොවෙයි. මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් හිංසා පීඩාවලට මුහුණ දුන් අවස්ථාවලදී පවා “අත් නෑර” දිගටම දේශනා කළා. (ක්‍රියා 5:42) මිනිසුන් සවන් දීම ප්‍රතික්ෂේප කරන විට අපි අධෛර්ය නොවී දිගටම සේවය කරගෙන යමු. මෙසේ කිරීමෙන් අපි පෙන්වන්නේ දෙවි කෙරෙහි අපිට මොන තරම් ප්‍රේමයක් තිබෙනවාද කියායි.
3. ජනයා කෙරෙහි තිබෙන ප්‍රේමය දිගටම සේවය කරගෙන යෑමට අපට උපකාරවත් වන්නේ කෙසේද?
3 අපි අත් නෑර සේවය කරගෙන යෑමට තිබෙන තවත් හේතුවක් නම් අසල්වැසියන්ට තිබෙන අපේ ප්‍රේමයයි. (ලූක් 10:27) කිසිවෙක් විනාශ වෙනවාට යෙහෝවා දෙවි කැමති නැහැ. (2 පේතෘ. 3:9) නිතර නිතර සේවය කරන ප්‍රදේශවල පවා සේවයේ යද්දී යෙහෝවා දෙවිව දැන හඳුනාගැනීමට කැමති අයව හමු වෙනවා. ග්වාඩලූප් නමැති දිවයිනේ 56දෙනෙකුගෙන් එක්කෙනෙක් සාක්ෂිකරුවෙක් වන අතර පසුගිය අවුරුද්දේදී 214දෙනෙක් බව්තීස්ම වුණා. සිහි කිරීමට 20,000කට ආසන්න පිරිසක් පැමිණි අතර එය එහි ජනගහනයේ අනුපාතයක් හැටියට ගත් විට 22දෙදෙනෙකුට එක් කෙනෙක් වෙනවා.
4. බලප්‍රදේශයේ තත්වයන් වෙනස් වන්නේ කුමන ආකාරවලින්ද?
4 බලප්‍රදේශයේ වෙනස්කම්: අපේ බලප්‍රදේශයේ සිටින මිනිසුන්ගේ තත්වයන් නිතර වෙනස් වෙනවා. එකම නිවසට නැවත නැවත ගියත් අපිට ඒ නිවසේදී විවිධ පුද්ගලයන්ව හමු විය හැකියි. කලින් වතාවේදී හොඳ ප්‍රතිචාරයක් නොලැබුණත් මේ වතාවේදී කිසිමදාක ශුභාරංචියට සවන් දී නැති, පවුලේ වෙනත් කෙනෙක් අපිව පිළිගෙන හොඳින් සවන් දිය හැකියි. එසේත් නැත්නම් ඒ නිවසට අලුතින් පදිංචියට ආ අය සත්‍යය දැනගැනීමට උනන්දුවක් දක්වන්න පුළුවන්. අපේ පණිවිඩයට විරුද්ධ වූ දෙමාපියන්ගේ දරුවන් දැන් වැඩිහිටි වියට පා තබා නිවසින් බැහැරව ජීවත් වෙනවා. මෙවැනි අය රාජ්‍යයේ පණිවිඩයට සවන් දෙන්න කැමති විය හැකියි.
5. ශුභාරංචිය ගැන අසන්න ජනයා පෙලඹිය හැක්කේ කුමන හේතු නිසාද?
5 ජනයාද වෙනස් වෙනවා. පාවුල් කලින් “දේවඅපහාස කරන්නෙකුවද, පීඩා කරන්නෙකුවද, නින්දා කරන්නෙකුවද” සිටියා. (1 තිමෝ. 1:13) ඒ හා සමානව අද දින යෙහෝවා දෙවිට සේවය කරන අයගෙන් බොහෝදෙනෙක් කාලයක් සත්‍යය ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. ඔවුන්ගෙන් සමහර අය කලකදී ශුභාරංචියට විරුද්ධ වෙන්නත් ඇති. ලෝකයේ තත්වයන් වෙනස් වන විට කලින් විරුද්ධ වූ, උනන්දුවක් නොදැක්වූ සමහර අය සවන් දීමට කැමති විය හැකියි. තවත් අය පවුලේ කෙනෙකුගේ මරණය, රැකියාව අහිමි වීම, ආර්ථික ගැටලු හා අසනීප වැනි වේදනාකාරී ගැටලු අද්දකින විට ශුභාරංචිය ගැන දැනගැනීමට කැමති විය හැකියි.
6. අපි උද්යෝගයෙන් දිගටම දේශනා කළ යුත්තේ ඇයි?
6 පවතින සමාජ ක්‍රමය විනාශය කරා ළඟා වෙමින් තිබෙනවා. ඒත් අපි නියැලී සිටින ශුභාරංචිය දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය වේගයෙන් ඉදිරියටම ඇදී යනවා. (යෙසා. 60:22) එනිසා හොඳ ආකල්පයක් සැමවිටම තබාගනිමින් උද්යෝගයෙන් දේශනා සේවය කරගෙන යමු. ඊළඟ වතාවේදී අපිට හමු වන තැනැත්තා අපිට සවන් දිය හැකි නිසා අපි දිගටම ජනයාට දේශනා කළ යුතුයි. අත් නෑර ‘මෙසේ කිරීමෙන් අපටත් අපිට සවන් දෙන අයටත් ගැලවීම ලබන්න පුළුවන්.’—1 තිමෝ. 4:16.