නව චාරිකා එක්රැස්වීම් වැඩසටහන
යෙහෝවා දෙවි ගෞරවය හා මහිමය ලබන්න වටිනවා. ඔහුව මහිමයට පත් කරන්න අපිට හැක්කේ කෙසේද? ඇතැම් අයට මෙය කිරීම අමාරු දෙයක් වන්නේ ඇයි? දෙවිව මහිමයට පත් කරන අයට ලැබෙන ආශීර්වාද මොනවාද? මේ ප්‍රශ්නවලට සෑහීම ගෙන දෙන පිළිතුරු 2008 සේවා වසරේදී පවත්වනු ලබන චාරිකා එක්රැස්වීමෙන් දැනගත හැකියි. එහි තේමාව වන්නේ “දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න” යන්නයි. (1 කොරි. 10:31) දවස් දෙකක් පුරා අපි දේවවචනයෙන් ඉගෙනගන්න යන දේවල් ගැන කෙටියෙන් සලකා බලමු.
“දෙවිව මහිමයට පත් කළ යුත්තේ ඇයි?” සහ “දෙවිගේ ප්‍රමිති රැකීමෙන් ආදර්ශයක් සපයන්න” නමැති තේමා ඔස්සේ දිස්ත්‍රික් අවේක්ෂක කතා ඉදිරිපත් කිරීමට නියමිතයි. “දෙවිව මහිමයට පත් කරන්නේ කවුද?” යන තේමාවෙන් යුත් ප්‍රසිද්ධ කථාවත් “ලොව පුරා එක්සත්ව දෙවිව මහිමයට පත් කෙරේ” නමැති අවසන් කතාවත් ඉදිරිපත් කරන්නේ ඔහුයි. දිව්‍යාණ්ඩු සේවා පාසැල මෙහෙයවන්නේද ඔහු විසිනුයි. චාරිකා අවේක්ෂක ඉදිරිපත් කරන කතාවල තේමා වන්නේ මේවායි. “දෙවිගේ මහිමය පිළිබිඹු කිරීමෙන් ප්‍රීතිය ලබන්න,” “චාරිකාවේ අවශ්‍යතාවලට අවධානය දෙමු” හා “දිගටම ‘සත්‍යයෙහි ස්ථිරව පිහිටා සිටින්න.’” මෙය පදනම් වන්නේ 2 පේතෘස් 1:12 මතයි. තවත් කතාවක තේමාව වන්නේ “පුරෝගාමි සේවය දෙවිව මහිමයට පත් කරයි” යන්නයි. ඒ කෙසේද කියා එම කතාවෙන් අපිට දැනගත හැකියි. කතා මාලා දෙකකට සවන් දිය හැකි අතර මුල්ම කතා මාලාවේ තේමාව වන්නේ “අපේ ජීවිතයේ සෑම කාරණයකදීම දෙවිව මහිමයට පත් කරමු” යන්නයි. මේ කතාවේදී 1 කොරින්ති 10:31හි සඳහන් වදන් ගැඹුරින් සලකා බලයි. අපේ නමස්කාරයේ විවිධ පැති ගැන “යෙහෝවා දෙවිට ප්‍රශංසා කරමු” නමැති තේමාවෙන් යුත් දෙවන කතා මාලාවේදී දැනගත හැකියි. මුරටැඹ පාඩමේ සාරාංශයක් සලකා බලනු ලබන අතර ඉරිදා දිනපදයද සාකච්ඡා කිරීමට නියමිතයි. මෙහිදී බව්තීස්මයද සිදු කරනු ලබනවා.
බොහෝදෙනෙක් දෙවිව විශ්වාස කරන්නේ නැහැ. තවත් විශාල පිරිසක් මිනිසුන්ගේ සැලසුම් ගැන සිතනවා මිසක් දෙවිගේ මහිමය ගැන සිතා බලන්නේ නැහැ. (යොහ. 5:44) එහෙත් අපි නම් “දෙවිගේ මහිමය සඳහා සියල්ල කරන්න” හැකි ආකාරය ගැන සිතා බැලීමට කාලය වැය කිරීමේ තිබෙන වැදගත්කම තේරුම්ගෙන තිබෙනවා. දවස් දෙකටම පැමිණීමටත් මුළු වැඩසටහනින්ම ප්‍රයෝජන ගැනීමටත් සැලසුම් කරන්න.