චාරිකා එක්රැස්වීම් වැඩසටහන
සැබෑ නමස්කාරයට එල්ල කරන දරුණු විරුද්ධවාදිකම් හමුවෙහි නොසැලී ස්ථිරව සිටිය හැකිද? අපව අභක්තික ලෝකයට ඇදගැනීමට සාතන් අත්නෑර කරන බලපෑම්වලට හසු නොවී සිටීමට අපට හැක්කේ කෙසේද? මේ වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු 2009 සේවා වසරේදී පවත්වනු ලබන චාරිකා එක්රැස්වීමෙන් ලබාගත හැකියි. එහි තේමාව වන්නේ “දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න” යන්නයි. (රෝම 12:21) වැඩසටනෙහි කරුණු කිහිපයක් කෙටියෙන් දැන් අපි සලකා බලමු.
“යහපතෙන් නපුර පරාජය කිරීම සඳහා ශක්තිය ලබමු,” “පමණ ඉක්මවා තමන් ගැන විශ්වාසය නොතබන්න,” “නපුරුකම් නැති ලොවක් ළඟදීම!” හා “ලෝකයෙන් ජය ගැනීමට අපේ ඇදහිල්ල දැන් සිටම ශක්තිමත් කරගනිමු” නමැති තේමා ඔස්සේ දිස්ත්‍රික් අවේක්ෂක කතා ඉදිරිපත් කිරීමට නියමිතයි. රෝම 13:11-13 මත පදනම් “අවදිව සිටීමට කාලය දැන්!” හා හිතෝපදේශ 24:10 මත පදනම් “දුක් කරදර පැමිණෙන විට අධෛර්යය නොවන්න” යන තේමාවලින් යුත් කතා චාරිකා අවේක්ෂ විසින් ඉදිරිපත් කරයි. “චාරිකාවේ අවශ්‍යතාවන්ට අවධානය දෙමු” නමැති තේමාවෙන් යුත් කතාව ඉදිරිපත් කරන්නේද ඔහුයි. තවත් දිරිමත් කරන කතාවක් වන්නේ “පුරෝගාමී ‘සේවයේ නිරත වීමට’ ඔබට හැකිද?” යන්නයි. මෙම චාරිකා එක්රැස්වීමේ කතා මාලා දෙකක් තිබෙනවා. මුල්ම කතා මාලාවේ තේමාව වන්නේ “සාතන්ගේ කූට උපායන්ට එරෙහි වන්න” යන්නයි. නවීන තාක්ෂණය, විනෝදාස්වාදය හා අධ්‍යාපනය වැනි ක්ෂේත්රවලදී සාතන් යොදාගන්න කූට උපයාන් හඳුනාගැනීමටත් ඒවාට හසු නොවී සිටීමටත් එම කතා මාලාව උපකාරවත් වෙයි. එමෙන්ම “මේ දුෂ්ට ලෝකයට මුහුණ දීමට ශක්තිය ලබාගන්න” නමැති තේමාවෙන් යුත් කතා මාලාවෙන් එෆීස 6:10-18 දක්වා සඳහන් උපදෙස අදාළ කරගත හැකි ආකාරය අපට දැනගත හැකියි.
නපුරේ මුල වන යක්ෂායාව පරාජය කිරීමත් ශුභාරංචිය දේශනා කිරීමත් අතර ඍජු සම්බන්ධයක් තිබෙනවා. (එළි. 12:17) සාතන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට නොනවත්වා ප්‍රහාර එල්ල කරන්නේ ඇයි කියා එමගින් පැහැදිලි වෙනවා. (යෙසා. 43:10, 12) “දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න” අපි අධිෂ්ඨානපූර්වකව ක්‍රියා කරන නිසා සාතන්ට ජය ලැබෙන්නේ නැහැ. මේ චාරිකා එක්රැස්වීමේ සැසිවාර හතරටම පැමිණ ප්‍රයෝජන ලැබීමට දැන්ම සැලසුම් කරන්න.