සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! අගෝ.
මුරටැඹ සැප්. 15
“මේ වගන්තියේ කියන දෙය ගැන ඔබේ අදහස මොකක්ද කියලා මම දැනගන්න ආසයි. [ද්විතීය කතාව 32:4 කියවන්න.] දෙවි, හැම දෙයක්ම කරන්න පුළුවන් සාධාරණ කෙනෙක් නම් ඇයි මිනිසුන් මේ තරම් දුක් වේදනා විඳිනවා බලාගෙන ඉන්නේ? [ප්රතිචාරයට ඉඩහරින්න.] දෙවි මේ දක්වා දුෂ්ටකම් පවතින්න ඉඩ හැරලා තියෙන්නේ ඇයි කියලා මේ සඟරාවේ පෙන්වා දෙනවා.”
පිබිදෙව්! සැප්.
යෞවනයෙකුව හමු වුණොත් මෙවැනි දෙයක් පැවසිය හැකියි. “ඔබේ වයසේ ඉන්න හුඟදෙනෙකුට තමන් ගැන කියලා තියෙන කට කතා නිසා ලොකු හිත් වේදනාවක් දැනිලා තියෙනවා. ඔබත් මේ වගේ දෙයක් අද්දැකලා තියෙනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] අපි ගැනත් කවුරු හරි බොරු කට කතා පතුරුවලා තියෙනවා නම් ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා බයිබලයේ හොඳ උපදෙස් දීලා තියෙනවා. කට කතාවලින් වළකින්නේ කොහොමද කියලත් බයිබලයේ පෙන්වා දෙනවා.” මෙහි 12වන පිටුවේ තිබෙන ලිපිය පෙන්වා එයින් ගත් එක බයිබල් පදයක් කියවන්න.
“හුඟදෙනෙක් හිතන්නේ ‘පැරණි ගිවිසුමේ’ සඳහන් වෙන්නේ ඉතිහාසය ගැන විතරක් කියලයි. අද කාලේට ප්රයෝජනවත් වන මඟ පෙන්වීම් එහි තියෙනවද කියන එක ගැන ඔවුන්ට සැකයි. මේ ගැන ඔබේ අදහස මොකක්ද? [ප්රතිචාරයට ඉඩහැර, රෝම 15:4 කියවන්න.] එදිනෙදා ජීවිතයට ප්රයෝජනවත් මඟ පෙන්වීම් වගේම අනාගතය ගැන ස්ථිර බලාපොරොත්තුවක්ද ‘පැරණි ගිවිසුමේ’ සපයා තිබෙන ආකාරය ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
“දෙවි ස්වාභාවික විපත්තිවලට වගකිව යුතුයි කියලා ඔබ හිතනවාද? [ප්රතිචාරයට ඉඩහැර, ද්විතීය කතාව 32:4 කියවන්න.] දෙවි ස්වාභාවික විපත්තිවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියා මේ සඟරාවේ පැහැදිලි කරනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ පවුලේ අයව ආරක්ෂා කරගන්නේ කොහොමද කියලත් පැහැදිලි කරනවා.”
මුරටැඹ සැප්. 1