සඟරා හඳුන්වා දිය හැකි අයුරු
පිබිදෙව්! අගෝ.
“මිය ගිය අයව නැවත දැකගන්න ලැබෙයි කියලා ඔබ සිතනවාද? [පිළිතුරට ඉඩ හරින්න.] මළවුන් ගැන යේසුස් මේ වගේ පොරොන්දුවක් දුන්නා. මේ බලන්න. [යොහන් 5:28, 29 කියවන්න.] කෙනෙක් මිය ගියාම ඔහුට සිදුවන දේ ගැන බයිබලයේ සඳහන් දේ මේ ලිපියේ තියෙනවා.” දැන් 28 පිටුවේ ලිපියට හරවා පෙන්වන්න.
මුරටැඹ සැප්. 1
“හුඟ දෙනෙකුට අද ආගම ගැන එතරම් සැලකිල්ලක් නැහැ. නමුත් ආගමක් ඇදහීමෙන්ම කෙනෙකුට යහපතක් වෙයිද? [පිළිතුරට ඉඩ හරින්න.] දැන් ඉන්න සමහරක් මිනිස්සු ආගම් අදහන්නේ මොන වගේ චේතනාවකින්ද කියලා මීට ඉහතදීම බයිබලයේ කියලා තිබුණා. [2 තිමෝති 4:3, 4 කියවන්න.] දෙවිට නිවැරදි ලෙස නමස්කාර කරන සැටිත් ඒ මඟින් අපටම යහපතක් සිදුවන ආකාරයත් මේ සඟරාවේ විස්තර කරලා තියෙනවා.”
පිබිදෙව්! සැප්.
“දෙවි කෙනෙක් ගැන විශ්වාස කරන එක විද්‍යාවට එකඟද කියලා සමහරක් අය කල්පනා කරනවා. ඔබ හිතන්නේ මොකක්ද? [පිළිතුරට ඉඩ හරින්න. පසුව හෙබ්‍රෙව් 3:4 කියවන්න.] මේ විශේෂ පිබිදෙව්! කලාපයේ කතා කරනවා, සමහරක් විද්‍යඥයන් නිර්මාතෘවරයෙකුව පිළිගන්නේ ඇයි කියලා.”
මුරටැඹ සැප්. 15
ප්‍රදේශයට ගැළපෙන අලුත් ආරංචියක් ගැන සඳහන් කරන්න. ඉන් පසු මෙසේ කියන්න. “මේ වගේ දේවල් මේ කාලයේ සිදුවෙනවා කියා බයිබලයේ හරියටම කියලා තිබුණා. මේ බලන්න. [2 තිමෝති 3:1 කියවන්න.] ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? [පිළිතුරට ඉඩ හරින්න.] මේ ලිපිය කියෙව්වොත් මේවා සම්බන්ධව අප කළ යුතු දේ ගැන යම් අදහසක් දැනගන්න ඔබට පුළුවන් වේවි.”