සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ සැප්. 1
“හුඟක්දෙනෙකුට හැඟෙන දෙයක් තමයි, විවිධ ආගම්වලින් එකම ඉලක්කයක් කරා මිනිසුන්ව ගෙන යන බව. තවත් අය විශ්වාස කරන්නේ, ඇත්තේ එකම සැබෑ ආගමක් පමණක් කියලයි. ඔබ මේ කාරණය ගැන කල්පනා කරලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ සඟරාවේ එක්තරා පුරාණ උපමාවක් ගැන යම් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා මේ ප්‍රශ්නයට පිළිතුරු ලබාගැනීමට.” මතෙව් 13:24-30 දක්වා පාඨයන් කැපී පෙනෙන්න සලස්වන්න.
පිබිදෙව්! සැප්. 8
“කාමුක කෘති හැම තැනම පැතිරිලා තියෙන එක ගැන හුඟාක්දෙනෙක් අද ඉන්නේ කනස්සල්ලෙන්. මේ කාරණය ගැන අප හුඟාක් සැලකිල්ල දක්වන්න ඕනෑ කියලා ඔබ හිතනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න. මේ ගැන ප්‍රායෝගික උපදෙස් අපට බයිබලයේ දීලා තියෙනවා. [එපීස 5:3, 4 කියවන්න.] මේ දරුණු භයානක උවදුරෙන් අප ආරක්ෂා වන්නේ කොහොමද කියලා මේ සඟරාවෙන් පෙන්වා දීලා තියෙනවා.”
මුරටැඹ සැප්. 15
“අද දින හුඟාක්දෙනෙකුට හැඟෙන දෙයක් තමයි තමන්ගේ විවාහය තුළ ආදරය හා ප්‍රේමය නැහැයි කියන එක. මේ සඳහා උපකාරය ලබාගැනීමට කෙනෙක් හැරිය යුත්තේ කා වෙතටද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] බයිබලයේ සහතික කරලා අපට පෙන්වනවා ඒ සඳහා දෙවිගේ ප්‍රතිපත්ති අපට ආධාර වෙන බව. [යෙසායා 48:17, 18 කියවන්න.] මේ මුරටැඹ කලාපයේ සාකච්ඡා කරලා තියෙනවා බයිබල් ප්‍රතිපත්ති කොහොමද විවාහයක් ශක්තිමත් කිරීමට උපකාරවත් වන්නේ කියලා.”
පිබිදෙව්! සැප්. 8
“මෑත කාලවලදී කාලගුණයේ සිදු වුණු වෙනස්කම් නිසා ලෝකය පුරා ඉතා විශාල වශයෙන් විපත් සිදු වෙලා තියෙනවා. මීට හේතු වන දේවල් ඉවත් කරන්න මොකක් කරන්න පුළුවන් කියලාද ඔබ හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ සඟරාවේ පෙන්නලා තිබෙනවා කාලගුණය වෙනස් වීමේදී ඇති වන ගැටලු සහ බයිබලයේ ඊට දීලා තිබෙන විසඳුම් ගැන.”—යෙසායා 35:1 කියවන්න.