සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ සැප්. 1
“අපි හැම කෙනෙක්ම කැමති සන්තෝෂයෙන් ජීවත් වෙන්නයි. මේ වගන්තිවල සඳහන් දේවලින් සන්තෝෂය ලැබෙයි කියලා ඔබ හිතනවාද? [මතෙව් 5:4අ, 6අ, 10අ කියවා, ප්රතිචාරයට ඉඩහරින්න.] යේසුස් කළ ප්රසිද්ධ කන්ද උඩ දේශනාවේ සඳහන් මේ වචනවල අර්ථය මේ සඟරාවේ පැහැදිලි කරනවා. ඒ වගේම සන්තෝෂයෙන් සිටීමට උපකාරවත් වන තවත් දේවල් ගැනත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.”
පිබිදෙව්! සැප්. 8
“තාත්තලා ළමයින්ගේ කටයුතු සොයා බලන එක මොන තරම් වැදගත් කියලද ඔබ සිතන්නේ? [ප්රතිචාරයට ඉඩහරින්න.] දිනෙන් දින උග්ර වන ගැටලුවක් වන පිය සෙනෙහස අහිමි දරුවන් ගැන මේ පිබිදෙව්! කලාපයේ සාකච්ඡා කරනවා. ඒ වගේම ළමයින්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කරන්න තාත්තලාට හැකි ආකාර ගැනත් මේ සඟරාවේ පැහැදිලි කරනවා.” හිතෝපදේශ 13:1 කියවන්න.
මුරටැඹ සැප්. 15
“හුඟදෙනෙක් මේ ප්රසිද්ධ වචන කියමින් යාච්ඤා කරනවා. [මතෙව් 6:10 කියවන්න.] දෙවිගේ කැමැත්ත සම්පූර්ණයෙන් මේ පොළොවේ ඉටු වෙද්දී ජීවිතය මොන වගේ වෙයි කියලාද ඔබ සිතන්නේ? [ප්රතිචාරයට ඉඩහරින්න.] ස්වාමීන්ගේ යාච්ඤාවේ හැම වගන්තියක්ම මේ මුරටැඹ කලාපයේ සාකච්ඡා කරලා තියෙනවා. අපි දැන් කියවපු කොටසත් ඒකට ඇතුළත් වෙනවා.”
පිබිදෙව්! සැප්. 8
“අද හුඟාක් මිනිසුන් අතර භේද භින්න වීම් තිබෙනවා කිව්වොත් ඔබත් ඒකට එකඟ වෙනවාට සැකයක් නැහැ. සමහරවිට ඔබත් ඒ භේදවල බලපෑමට ලක් වෙලා ඇති. භේද තුරන් වෙලා මිනිසුන්ට සාමයෙන් හා සමඟියෙන් ජීවත් වෙන්න පුළුවන් කාලයක් එයිද කියා හුඟදෙනෙක් කල්පනා කරනවා. [2 පේතෘස් 3:13 කියවන්න.] මේ යහපත් තත්වය ඇති වෙන්නේ කොහොමද කියලා මේ ලිපියේ පැහැදිලි කරනවා.”