සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ සැප්. 1
“ඉස්සර වගේ නෙමෙයි, අද හුඟාක් ප්‍රදේශවල ඉන්න අසල්වැසියන් එකිනෙකාව අඳුනන්නේ නැහැ. ඔබත් මේක දැකලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] හොඳ අසල්වැසියෙක් වෙන්න අවශ්‍ය කරන වැදගත් ප්‍රතිපත්තියක් ගැන යේසුස් කතා කළා. [මතෙව් 7:12 කියවන්න.] අපිට හොඳ අසල්වැසියන් වෙන්න පුළුවන් කොහොමද, ඒ වගේම හොඳ අසල්වැසියන් වෙන්න අනිත් අයව දිරිමත් කරන්න අපිට පුළුවන් කොහොමද කියලා මේ ලිපිවල පැහැදිලි කරනවා.”
පිබිදෙව්! සැප්. 8
“අද හැමෝගේම වගේ ජීවිත අවිනිශ්චිත දේවලින් පිරිලා තියෙනවා. [දේශනාකාරයා 9:11 කියවන්න.] විශ්වාසවන්ත මඟ පෙන්වීමක් අපට සොයාගන්න පුළුවන් කොහොමද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] සමහරුන් අංක ශාස්ත්රයේ පිහිට පතනවා. ඔබේ අනාගතය ගැන දැනගන්න ඒකෙන් පුළුවන්ද? අනාගතය ගැන විශ්වාසවන්ත තොරතුරු ඔබට සොයාගන්න පුළුවන් කොහෙන්ද? මේ ප්‍රශ්නවලට මේ පිබිදෙව්! සඟරාවෙන් උත්තර හොයාගන්න පුළුවන්.”
මුරටැඹ සැප්. 15
“සාන්තුවරයන්ට විශේෂ බලයක් තියෙනවා කියලාත් ඔවුන් මාර්ගයෙන් යාච්ඤා කිරීමෙන් පිහිට ලබාගන්න පුළුවන් කියලාත් අද හුඟදෙනෙක් විශ්වාස කරනවා. ඔබ මේ ගැන මොකක්ද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] යේසුස් ක්‍රිස්තුස් කියපු මේ දේ ගැන ටිකක් කල්පනා කරලා බලන්න. [යොහන් 14:6 කියවන්න.] මේ ශුද්ධ ලියවිලි පාඨයේ කියන දේට අනුව ‘සාන්තුවරයන්’ මාර්ගයෙන් යාච්ඤා කිරීම ගැන හොඳින් හිතලා බලන්න ඕනේ නේද? මේ මුරටැඹ සඟරාවේ මේ වැදගත් කාරණය ගැන පැහැදිලි කරනවා.”
පිබිදෙව්! සැප්. 8
“අද මිනිසුන් මුහුණ දෙන ගැටලුවක් වන පරිසර දූෂණය පාලනය කරන්න බැරිවීම ගැන ඔබට කවදා හරි කනස්සල්ලක් ඇති වෙලා තියෙනවාද? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] මේ ගැටලුවට එක ප්‍රධාන හේතුවක් වන්නේ නාස්තියයි. දේවල් නාස්ති කරන්න එපා කියා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්වුවා. [යොහන් 6:12 කියවන්න.] හැම දෙයක්ම ඉවත දැමීමේ මානසිකත්වයකින් වැළකී සිටින්න බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම පවුල්වලට උපකාරවත් වෙන ආකාරය ගැන මේ සඟරාවේ පැහැදිලි කරනවා.”