අගය කිරීමෙන් යුතුව සිහි කරමු
1, 2. අප යේසුස්ගේ ජීවිත පූජාව අගය කිරීමෙන් යුතුව සිහි කළ යුත්තේ ඇයි?
1 යේසුස්ගේ අණට කීකරු වෙමින් ලොව පුරා සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 2008 මාර්තු 22වන සෙනසුරාදා යේසුස්ගේ මරණය සිහි කිරීමට රැස් වෙනවා. (ලූක් 22:19; 1 කොරි. 11:23-26) අප එසේ කරන්නේ මීට අවුරුදු 1,975කට පෙර සිදු වූ ඒ අතිවිශේෂ සිද්ධිය බොහෝ සේ අගය කරන නිසයි. වධ කණුවක් මත වේදනාකාරී ලෙස අවසන් හුස්ම හෙළෙන තෙක්ම යේසුස් දෙවිට විශ්වාසවන්තව සිටියා. එමගින් ඔහු වෙන කිසිවෙකු නොදුන් ආකාරයේ උත්තරයක් සාතන්ට දෙමින් දෙවිගේ නාමය ගෞරවයට පත් කළා.—යෝබ් 1:11; හිතෝ. 27:11.
2 යේසුස් වැගිරූ රුධිරය මාර්ගයෙන් අලුත් ගිවිසුම පිහිටුවනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් හැටියට දුර්වල පව්කාර මිනිසුන්ට යේසුස් සමඟ ස්වර්ගයේ හවුල් පාලකයන් වීමේ බලාපොරොත්තුව ඇතිව දෙවිගේ පුත්‍රයන් වීමේ ප්‍රස්තාව විවෘත වුණා. (යෙරෙ. 31:31-34; මාක් 14:24) එමෙන්ම තමන් ඉමහත් සේ ආදරය කරන පුත්‍රයාව දීමෙන් පෙනී යන්නේ යෙහෝවා දෙවි මිනිසුන්ට මොන තරම් ප්‍රේම කරනවාද යන්නයි.—යොහ. 3:16.
3. සිහි කිරීමට පැමිණෙන අය ප්‍රයෝජන ලබන්නේ කෙසේද?
3 අන් අයට ආරාධනා කරන්න: දන්නා හඳුනන අයට ආරාධනා කිරීම සඳහා නම් ලැයිස්තුවක් සකස් කරන්න කියා ජනවාරි මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ යෝජනා කර තිබුණා. ඔබේ ලැයිස්තුවේ සිටින අයට ආරාධනා කරන්න ඔබ පටන්ගෙන තිබෙනවාද? මහජනයාට සිහි කිරීමේ රැස්වීමට ආරාධනා කිරීමේ වැඩපිළිවෙළ මාර්තු 1වනදායින් ආරම්භ වෙනවා. මෙයට පූර්ණ ලෙස හවුල් වීමට ඔබ සැලසුම් කරමින් සිටිනවාද? පැමිණෙන අයට යේසුස්ගේ ජීවිත පූජාව කෙරෙහි ඇදහිල්ල තැබීමට උපකාරවත් වන බයිබලය මත පදනම් කතාවකට සවන් දීමේ ප්‍රස්තාව ලැබෙනවා. එම ඇදහිල්ල දිගටම පවත්වාගැනීමෙන් ඔවුන්ටත් සදාකාල ජීවනය ලබාගත හැකියි.—රෝම 10:17.
4. අපි සිහි කිරීමට වේලාසනින් පැමිණිය යුත්තේ ඇයි?
4 හැකි සෑම කෙනෙක්ම සිහි කිරීමට වේලාසනින් පැමිණීමට සැලසුම් කරනවා නම් හොඳයි. මෙමගින් පැමිණෙන නවකයන්ව උණුසුම් ලෙස පිළිගැනීමට අපට හැකි වෙයි. සිහි කිරීමට විශාල පිරිසක් පැමිණෙන නිසා නවකයන් මෙන්ම ඉඳ හිට රැස්වීම්වලට එන අය කෙරෙහි විශේෂ අවධානයක් දීමට අපි සැලකිලිමත් වෙමු.
5. සිහි කිරීමට මනසින් සූදානම් විය හැක්කේ කෙසේද?
5 මනසින් සූදානම් වන්න: මාර්තු 17වනදායින් පටන්ගන්න සිහි කිරීමේ කාලයේ කියවන බයිබලයේ කොටස් ගැන 2008 දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම හා 2008 දිනදර්ශනයේ සඳහන් වෙනවා. යේසුස් මේ ලෝකයේ ජීවත් වූ අවසාන දවස් කිහිපයේදී සිදු වූ වැදගත් සිද්ධීන් සලකා බැලීමෙන් සිහි කිරීම හොඳින් සැමරීමට අපේ මනස සූදානම් කරගත හැකියි. (එස්රා 7:10) යාච්ඤාපූර්වකව මේ සිද්ධීන් ගැන ගැඹුරින් සිතා බලන විට යෙහෝවා දෙවි සහ යේසුස් අප කෙරෙහි පෙන්වූ ප්‍රේමය ගැන අපේ අගය තව තවත් වැඩි වෙයි.—ගීතා. 143:5.
6. යේසුස්ගේ ජීවිත පූජාව අගය කිරීමෙන් යුතුව සිහි කිරීමෙන් අපි අද්දකින්නේ කුමක්ද?
6 අපි සිහි කිරීමට සූදානම් වන අතරේදී අන් අයටත් එසේ කිරීමට උපකාර කරමු. යේසුස්ගේ ජීවිත පූජාව අගය කිරීමෙන් යුතුව සිහි කිරීමෙන් යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත්‍රයා සමඟ තිබෙන අපේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වෙයි. (2 කොරි. 5:14, 15) ඔවුන් දෙදෙනා මෙන් අන් අයට පරාර්ථකාමී ලෙස ප්‍රේම කිරීමටත් එය අපිව පොලඹවන බව නිසැකයි.—1 යොහ. 4:11.