ඔබ දේවසේවය තුළ ප්‍රගතියක් ලබමින් සිටිනවාද?
1 යෙහෝවා දෙවි තම සේවකයන් සත්‍යය තුළ ප්‍රගතියක් ලබනවා දකින විට හුඟාක් සතුටු වෙනවා. මේරූ ක්‍රිස්තියානියෙක් වීම මෙන්ම දක්ෂ දේවසේවකයෙක් වීම ඊට ඇතුළත්. පාවුල් අවේක්ෂකයෙකු වූ තිමෝතිව දිරිමත් කළේ ඔහුගේ දියුණුව සියල්ලන්ට පෙනෙන පිණිස ඉගෙනගන්නා දේවල් දිගටම අදාළ කරගන්න කියායි. (1 තිමෝ. 4:13-15) අපි අද්දැකීම් ලත් ප්‍රචාරකයන් විය හැකි වුණත් අපේ සේවය තවත් දියුණු කරගත හැකි පැති ගැන අවධානය යොමු කළ යුතුයි.
2 ඉලක්ක තබාගන්න: ප්‍රගතියක් ලබන්න නම් ඉලක්ක තබාගත යුතුයි. අපිට තබාගත හැකි ඉලක්ක සමහරක් මොනවාද? කඩුවකට සමාන කර තිබෙන බයිබලය දක්ෂ ලෙස හැසිරවීමට වෑයම් කළ හැකියි. (එෆී. 6:17) වීදි සාක්ෂි දැරීම, දුරකථනයෙන් සාක්ෂි දැරීම හෝ කඩ සාප්පුවල සේවය කිරීම වැනි අපේ සේවයේ විවිධ පැති දියුණු කරගත හැකියි. නැවත බැලීම් තවත් හොඳින් කිරීමේ අවශ්‍යතාව අපි දකින්න පුළුවන්. තබාගත හැකි තවත් ඉලක්කයක් වන්නේ අලුත් බයිබල් පාඩම් පටන්ගැනීමට හා ඒවා දිගටම පැවැත්වීමේ හැකියාව දියුණු කරගැනීමයි.
3 උපකාර: දිව්‍යාණ්ඩු සේවා පාසැල හා සේවා රැස්වීම සැලසුම් කර තිබෙන්නේ දේවසේවය තුළ ප්‍රගතියක් ලැබීමට අපිට උපකාර කිරීමේ අරමුණ ඇතිවයි. මේ රැස්වීම් දෙකට සූදානම් වී පැමිණීමටත්, දෙනු ලබන යෝජනා අදාළ කරගැනීමටත් දිගටම වෑයම් කරනවා නම් අපිට බොහෝ ප්‍රයෝජන ලැබෙනවා නිසැකයි.—2 කොරි. 9:6.
4 ප්‍රගතියක් ලැබීමට අපි එකිනෙකාට උපකාර කිරීම අවශ්‍යයි. (හිතෝ. 27:17) අප සමඟ සේවයේ හවුල් වන අය සාක්ෂි දරන ආකාරය කෙරෙහි හොඳ අවධානයක් දීමෙන් අපිට යම් දේවල් ඉගෙනගත හැකියි. තවද අපේ සේවය දියුණු කරගැනීම සඳහා පොත් පාඩම් අවේක්ෂක යම් උපකාර පිරිනැමිය හැකියි. දේවසේවයේ සාර්ථක ප්‍රතිඵල අත් කරගැනීම සඳහා අද්දැකීම් ලත් පුරෝගාමියෙකුගෙන් හෝ ප්රචාරකයෙකුගෙන් ලැබෙන උපකාර මොන තරම් වටිනවාද! අපේ පොත් පාඩම් කණ්ඩායමේ නවක ප්‍රචාරකයෙක් සිටිනවා නම් අපි සමඟ සේවයේ හවුල් වීමට ඔහුට ආරාධනා කරන්න පුළුවන්.
5 අද ලෝකයේ සිදු කරනු ලබන අතිවැදගත්ම කාර්යය වන්නේ ශුභාරංචිය දේශනා කිරීම හා ඉගැන්වීමයි. අපේ ආශාව වන්නේ අපේ උපරිම හැකියාවෙන් යෙහෝවා දෙවිට “තොල්වල පල වන ප්‍රශංසාව නමැති පූජාව” ඔප්පු කිරීමයි. (හෙබ්‍රෙ. 13:15) දේවසේවයෙහි ප්‍රගතියක් ලබන්න අපි වෑයම් කරනවා නම් “සත්‍යයේ වචනය හරියාකාරව හසුරුවන, ලජ්ජා වීමට හේතුවක් නැති වැඩකාරයෙකු” වීමට අපිට හැකි වෙනවා නිසැකයි.—2 තිමෝ. 2:15.