සඟරා හඳුන්වා දිය හැකි අයුරු
මුරටැඹ දෙසැ. 1
“විවිධ මිනිස්සුන්ට පිරිසිදුකමයි සනීපාරක්ෂාවයි ගැන තිබෙන්නේ විවිධ ප්රමිති. ඔබ ඒක දැකලා තිබෙනවාද? [ප්රතිචාරයට ඉඩහරින්න.] අපි පිරිසිදුව සිටිය යුතු ඉතාම වැදගත් හේතුවක් මෙතන සඳහන් කර තිබෙනවා. [1 පේතෘස් 1:16 කියවන්න.] දිගටම පිරිසිදුව සිටීම සඳහා කළ හැකි දේවල් කිහිපයක් මේ ලිපියේ සඳහන් කරලා තිබෙනවා.” නවවන පිටුවෙන් පටන්ගන්නා ලිපිය පෙන්වන්න.
පිබිදෙව්! දෙසැ.
“මිනිස්සු මේ දවස්වල යේසුස් ගැන හිතන්නේ බොහොම ගෞරවයෙන්. මේ වගන්තියේ කියලා තිබෙන විදිහට ඔහුට ගෞරව කරන්න පුළුවන් හොඳම ක්රමය මොකක් කියලද ඔබ හිතන්නේ? [යොහන් 14:15 කියවා ප්රතිචාරයට ඉඩහරින්න.] යේසුස් ඉපදුණේ හරියටම කවදාද කියලා කවුරුත් දන්නේ නැහැ. නමුත් ඒ සඳහා දෙසැම්බර් 25 තෝරාගත් හේතුව මොකක්ද කියලා දැනගත්තොත් ඔබ පුදුම වෙයි.” දහවන පිටුවෙන් පටන්ගන්නා ලිපිය පෙන්වන්න.
මුරටැඹ ජන. 1
“ලෝකය පුරා සිටින මිනිසුන්ට යේසුස්ගේ මව වූ මරියා ගැන තිබෙන්නේ විවිධ අදහස්. ඔබට ඇය ගැන හැඟෙන්නේ කොහොමද? [ප්රතිචාරයට ඉඩහරින්න.] මරියා කියන්නේ අතීතයේ සිටි ඉතාම සුවිශේෂී කාන්තාවක් කියා බයිබලයේ පවසනවා. [ලූක් 1:30-32 කියවන්න.] අපිට ඇගෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් මොනවාද කියා මේ සඟරාවේ සඳහන් වෙනවා.”
පිබිදෙව්! ජන.
“ලෝකයේ තිබෙන බොහොමයක් වැව් සහ ගංගා දැන් දැන් හිඳීගෙන යනවා. ඒ නිසා මිලියන ගණන් මිනිසුන්ට පිරිසිදු ජලය ලබාගැනීමට විදිහක් නැහැ. මේ ප්රශ්නයට ස්ථිරසාර විසඳුමක් දෙන්න මිනිසුන්ට පුළුවන් කියා ඔබ හිතනවාද? [ප්රතිචාරයට ඉඩහැර යෙරෙමියා 10:23 කියවන්න.] ඒ ප්රශ්නයට දෙන්න පුළුවන් හොඳම විසඳුම ගැන මේ සඟරාවේ සඳහන් කරනවා.”