සිහි කිරීමට ඇරයුම් කරමු
1. සාක්ෂිකරුවන් මාර්තු 21වනදා සිට ලොව පුරා සිදු කරන විශේෂ කාර්යය කුමක්ද? ඔවුන් එයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
1 යෙහෝවා දෙවි මිනිසුන්ට ප්‍රේමය පෙන්වා තිබෙන විශිෂ්ටතම ආකාරය ලොව පුරා සිටින සාක්ෂිකරුවන් වාර්ෂිකව සිහි කරනවා. (රෝම 5:6-8) මේ වසරේ ඔවුන් එය සිහි කරන්නේ අප්‍රියෙල් 9වන බ්‍රහස්පතින්දායි. එදින අපි යේසුස්ගේ මරණය සිහි කරන විට උනන්දුව දක්වන මිලියන ගණනක් අප සමඟ එක් වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ජනයාට සිහි කිරීමට ආරාධනා කිරීම සඳහා පිළියෙල කර තිබෙන විශේෂ ආරාධනා පත්‍රයක් මාර්තු 21වනදා සිට ලොව පුරා බෙදාහරිනු ලබනවා.
2. සිහි කිරීමට ආරාධනා කරන විට මතක තබාගත යුතු දේවල් මොනවාද?
2 මතක තබාගත යුතු කරුණු: ආරාධනා පත්‍රයේ තිබෙන පින්තූර, ප්‍රශ්න හා බයිබල් පද හොඳින් යොදාගන්න. උදාහරණයක් හැටියට ඔබට පුළුවන් කවරයේ පින්තූරය පෙන්වා මෙසේ පවසන්න. “අපි අප්‍රියෙල් නවවෙනි බ්‍රහස්පතින්දා යේසුස්ගේ මරණය සිහි කරනවා. මම ආසයි ඔයාටත් ආරාධනා කරන්න එදාට එන්න කියලා.” ඉන්පසු ආරාධනා පත්‍රයේ මාතෘකාව හා ඊට පහළින් තිබෙන ප්‍රශ්න පෙන්වන්න. ඔහුට තමන්ගේ පවුලේ අයව හා වෙනත් අයවද එදින රැගෙන පැමිණිය හැකි බව විශේෂයෙන් පවසන්න.
3. යම් කෙනෙකුට සිහි කිරීමට ආරාධනා කිරීමෙන් පසුව කළ හැකි තවත් දේවල් මොනවාද?
3 ඔබේ සභාවට අයත් ප්‍රදේශය විශාල නම් කිසිවෙක් නොමැති නිවෙස්වල ආරාධනා පත්‍රයක් තබා එන්න කියා වැඩිමහල්ලන් පැවසිය හැකියි. සති අන්තවලදී ආරාධනා පත්‍රය සමඟ සඟරාද බෙදාහරින්න. ඔබ කරන නැවත බැලීම්වලට බයිබල් පාඩම්වලට වගේම නෑදෑයන්ට, පාසැලේ හා රැකියා ස්ථානයේ අයට, අසල්වැසියන්ට හා දන්නා හඳුනන වෙනත් අයටද ආරාධනා කරන්න. පසුගිය අවුරුද්දේ සහෝදරියක් ඇගේ නෑදෑයන් 30දෙනෙකුට සිහි කිරීමට ආරාධනා කළා. ඉන්පසු වරින් වර සිහි කිරීමට පැමිණීමේ වැදගත්කම ගැන ඇය ඔවුන්ට මතක් කළා. එහි ප්‍රතිඵලයක් හැටියට 25දෙනෙක් පැමිණි අතර ඔවුන්ගෙන් හතරදෙනෙක් බයිබල් පාඩම් පටන්ගන්න කැමති වුණා.
4. අපි දැන් තියාම කළ යුත්තේ කුමක්ද? අපි එසේ කළ යුත්තේ ඇයි?
4 දැන්ම සැලසුම් කරන්න: ප්‍රචාරකයන් බොහෝදෙනෙකුට මාර්තු හා අප්‍රියෙල් මාසවලදී වැඩියෙන් සේවයේ හවුල් වෙන්න පුළුවන්. ඔබේ දරුවන් හෝ බයිබල් ශිෂ්‍යයන් සත්‍යය තුළ ප්‍රගතියක් ලබමින් සිටිනවා නම් ඔවුන්ට බව්තීස්ම නොලත් ප්‍රචාරකයන් ලෙස සේවය පටන්ගන්න මෙය කදිම කාලයක්. යෙහෝවා දෙවි සහ යේසුස් මිනිස් වර්ගයාට ප්‍රේමය පෙන්වා තිබෙන විශිෂ්ටතම ආකාරය සිහි කිරීම සඳහා ජනයාට ආරාධනා කිරීමේ විශේෂ වැඩපිළිවෙළට ඔබේ පූර්ණ සහයෝගය දැක්වීම සඳහා දැන්ම සැලසුම් කරන්න.—යොහ. 3:16; 15:13.